IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්

(ගයාන් සූරිය ආරච්චි සහ ගණිඳු රෝචන සමරතුංග)

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15)  හමුවූ බව කඩවත පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා අවුරුදු 78ක් පමණ වන වයෝවෘද්ධ පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

එම මළ සිරුර ආසන්නයේ මුදල් කීපයක් සහ මානසික රෝගීන් සඳහාලබා දෙන  බෙහෙත් පෙති කිහිපයක්ද හමු වූ බව පොලිසිය කියයි.

ගිනි ඇවිලි මිය ගිය පුද්ගලයා ආසන්නයේ ලඳු කැලෑවේ කොටසක්ද ගින්නෙන් විනාශ වී තිබුණු බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට ගිනි තැබුවේද නැතිනම් සිය දිවි හානි කර ගැනීම සඳහා සිදුකළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් පැමිණ ස්ථාන පරීක්‍ෂණ සිදු කළඅතර පොලිස් නිල සුනඛයෙකුද රැගෙන විත් විමර්ශන සිදු කරනු ලැබීය.

අධිකරණ වෛද්‍ය නිලධාරී පැමිණ දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දේශාල් පෝල් මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබීය.

කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාර මහතාගේ මෙහෙයවීම මත කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කිලිනොච්චියේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 19 0 0

කිලිනොච්චිය පලෙයි තම්බකාමම් ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (18) දින කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහරයක් එල්ල කොට පලා ගොස් ඇතයි පලෙයි පොලීසිය


අලුත් කඩේ උසාවියේ වැඩ යළි අරඹයි
2025 පෙබරවාරි මස 19 257 0

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේ ආරක්ෂාව තර කරමින් තාවකාලිකව අත්හිටුවා ත


රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනික මුදල් ඉල්ලීමේ ජාවාරමක්
2025 පෙබරවාරි මස 19 145 0

රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරත


වෙඩික්කරු සොයා අධිකරණයේ විශේෂ මෙහෙයුමක්
2025 පෙබරවාරි මස 19 1152 0

ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.


සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකිය
2025 පෙබරවාරි මස 19 266 3

පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ


ඇමෙරිකාවේ නිෂ්පාධිත අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 19 352 0

ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් හා එම උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කම්මල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසියකියය


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 349 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 154 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1022 1
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site