IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ගිනි තැබීමේ උත්සාහයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල ඒකනායක මහතාගේ  කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් දෙදෙනා ඒ සඳහා පැමිණි බව කියන මෝටර් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රියේ දී මෙම සැකකරුවන් දෙදෙනා පෙට්‍රල් පිරවූ ප්ලාස්ටික් බූලියක් වැඩ බලන මහේස්ත්‍රාත් වරයා ගේ නිවස ඉදිරිපිටට විසිකර අනතුරුව   ගිනි දල්වන ලද පන්දමක්  ඒ දෙසට විසිකර යතුරුපැදි කින් සහ මෝටර් රථයකින්   පලාගොස් තිබිණි.

අදාල ගිනි දැල් වූ පන්දම පෙට්‍රල්  විසුරුණු ස්ථානයට  පතිත නොවී ඊට මදක් ඈතින්  වැටීම හේතුවෙන්  කිසිදු ගිනි ගැනීමක් සිදු නොවී ඇති අතර එම සිද්ධිය වන අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ බිරිඳ ද එම නිවසේ සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද  සිල්වා මහතා වෙත උපදෙස් ලබා දී තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකර හෙළිකරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් දෙදෙනා  දෙමටගොඩ  ප්‍රදේශයට පැමිණ සිටියදී  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස්  නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන කඩුවෙල කොතලාවල පදිංචි බී.ඩි. උදය ශාන්ත නමැත්තා ට අයත් නාවල කොස්වත්ත පාරේ  පිහිටි පර්චස්  250  ප්‍රමාණයකින් යුත් ඉඩම  සංවර්ධනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති අතර එහි නීති නිලධාරීනි ලෙස කටයුතු කරන  වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ බිරිඳ ඊට අවසර නොදීම  හේතුවෙන්  ඊට උරණව  සැකකරු විසින්  වැඩබලන මහේස්ත්‍රාත්වරයා ව සහ  ඔහුගේ බිරිඳ වන නීති නිලධාරිනිය  නිවස තුළම ගිනි තබා  ඝාතනය කිරීම සඳහා  මෙම සිද්ධිය සිදු කරන්නට ඇති බව පොලිසිය කියයි.

ඒ සඳහා  ප්‍රධාන සැකකරුගේ ගෝලයෙකු වන බත්තරමුල්ල අරුක් පිටිය තලංගම දකුණ පදිංචි වයි.ඒ.ඩී. කිත්සිරි නැමැත්තාව සහභාගී කරගෙන  තිබු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 51 අනෙක් සැකකරු වයස අවුරුදු 47 කි. සැකකරු දෙදෙනා හෙට (14) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ගිනි තැබීමේ උත්සාහයක්

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 0 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 35 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 421 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1408 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 224 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 907 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site