(ඩයනා උදයංගනී)
නගරවල කඩ සාප්පු වසාදැමීම පසුපස ඇත්තේ ද දේශපානයක් බවත්, එහි අරමුණ රට තුළ වෙනත් මතයක් ගොඩනැගීම බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනතාව කඩසාප්පු වසාදැමීමට පෙර කළ යුතුව තිබුණේ උද්ඝෝෂණවලට සහයෝගය නොදී ඒවා නතර කිරීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් එම අවස්ථාවේදී ජනතාව කළේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බව සිතා කරන ඒවාට සහයෝගය ලබාදීම බව කී ඇමතිවරයා එදා කඩ වසා උද්ඝෝෂණ එපා යැයි කියන්නට තිබූ බවද කීවේය.
මේ සැම දෙයක්ම පසුපස ඇත්තේ දේශපාලනය බව කී ඇමතිවරයා ඔවුන්ගේ උත්සාහය රට අක්‍රීය කිරීම බවද පැවසීය.
මෙවැනි දේ කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ පිරිස් යැයි ද ඇමතිවරයා කීය.
උද්ඝෝෂණ නිසා ඇතිවන කොවිඩ් පොකුර නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඇතැමුන් එය දේශපාලන මර්දනයක් ලෙස දුටු බව කී ඇමතිවරයා විපක්ෂයට අවශ්‍ය ජනතාවගේ මලමිනී මතින් හෝ දේශපාලනය කිරීම බව ද සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඩසාප්පු වැසීම පිටුපස දේශපාලනයක් තිබෙනවා
Namal Tuesday, 17 August 2021 05:08 PM
ඉන්ටර්නෙට් එක හරහා මෙයාට කණට දෙකක් ගහන්න පුළුවන් විදිහක් තියෙනවා නම් දන්න එකෙක් කියන්නකෝ...!!!
silvaWednesday, 18 August 2021 05:21 AM
සා/පෙල පාස් වෙන්න බැරි හරක්ට ඇමතිකම් හම්බවෙන්නේ දේශපාලනය නිසා හින්දා උන් හිත්නනේ හැමදේම වෙන්නේ දේශපාලනය නිසායි කියලා. මිනිස්සු එහෙම කරන්නෙ තමන්ගෙ පන බේරගන්න කියලා තාම මුන්ට හිතෙන්නෙ නැති එක පුදුමයක් නෙමෙයි.
BamunuarachchiWednesday, 18 August 2021 07:52 AM
කැමරා එක සෙට් කරගෙන ගූගල් කරලා මෑන් ගේ ෆොටෝ එක අරගෙන හොඳවයින් එකක් තමන්ගේම කන හරහා දෙන්න.
බයිස්කෝප් Tuesday, 17 August 2021 05:10 PM
මේ වගේ මිනිස්සුන්ගේ දේශපාලනයත් දැන් රටේ මිනිස්සුන්ට අරහං වෙලයි තියෙන්නේ... කඩ, නගර වැහෙන එකෙන් එක මනුස්සයෙක් නෙවෙයි, මිනිස්සුන් බොහෝමයක් මේ වසංගත මරුවාගෙන් බේරෙන බව තැබෑරුම් මොලගෙඩියට තේරුම් ගන්න බැරිද? කුරුණෑගල මෝඩපහේ මිනිස්සුන්ටම හොඳා ඉතිං...
mihira Tuesday, 17 August 2021 05:16 PM
ප්රශ්නය තේරුම් අරන් කඩ වහන අයට නිදුක් නිරෝගී සුව ලැබේවා... උඩුබුරන මේ වගේ අයට එසේ නොවේවා..!!!
fairoos Tuesday, 17 August 2021 05:34 PM
මේවා වහල්ලුන්ගේ තර්ක...
විජිත් Tuesday, 17 August 2021 05:45 PM
"...උද්ඝෝෂණ නිසා ඇතිවන කෝවිඩ් පොකුර නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඇතැමුන් එය දේශපාලන මර්දනයක් ලෙස දුටු බව කී ඇමැතිවරයා විපක්ෂයට අවශ්‍ය ජනතාවගේ මලමිනී මතින් හෝ දේශපාලනය කිරීම බවද සඳහන් කළේය..." පාස්කුදා පල්ලිවලට ගිය අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා මරලා.. රටේ භීෂනකාරී ජනමතයක් හදලා.. බොරු කතන්දර කියලා.. නයි පෙන්නලා.. රටේ බලය අරගෙන, මේ පිස්සන් මරු කියවනවා. මිනීමරු දේශකාපාලුවනි, තොපිට ශාපවෙනවා...!!!
Ranjan Tuesday, 17 August 2021 05:45 PM
හැමදේටම මේ අයට කියන්න තියෙන්නේ පිටරටක කඩ බිඳ දැමීමක් නැතිනම් ආණ්ඩුව හිරිහැරයට පත්කිරීම විරුද්ධ පක්ෂය කරන දෙයක් කියලා කියනවා.. රජය නොගන්නවා නම් ජනතාවගේ ආරක්ෂාවට තීරණයක්... මහජනයා ඒ තීරණ ගැනීම නරකද?
Kumara Tuesday, 17 August 2021 05:58 PM
උද්ඝෝෂණ නිසා කොරෝනා වැඩි වුනේ නෑ. එහෙම වුණා නම් මේ වෙනකොට ගුරු පොකුර අර පොකුර කියලා මහා නාඩගමක් නටලා මේ අය. මුන්දැලාගේ නොහැකියාව වහගන්න බොරු සද්දේ දානවා.
Dhammika Tuesday, 17 August 2021 06:01 PM
කියන්නේ සංචරණය හැකිතාක් දුරට සීමාකරලා නිවෙස්වලම රැඳි ඉන්න කියලා. එහෙම හිතලා කඩවල් වහලා මිනිස්සු නගරෙට එන එක නවත්වන කොට මුන්ම කියනවා ඒක කුමන්ත්‍රණයක්ලු. මේ අය කථා කරන්නේ කටෙන්ද නැත්තන් වෙන කොහෙන් හරිද? ලොක්කාට කොන්ද පණ නෑ.. ගෝලයින් ටික හදාගන්න. ඒ අය රට බයිලා කියවනවා...
Chandima Tuesday, 17 August 2021 06:14 PM
දැන් ඉතින් කියව කියවා ඉඳලා වැඩක් නැහැ. ගිහින් රෙදි බෑග්එක ලෑස්ති කරගන්න...
පින්තේරිස්Tuesday, 17 August 2021 10:40 PM
රෙදි බෑග් සූදානම් කිරීමක් අවැසි නැහැ. කුරුණෑගල මුග්ධයින් සිටින තුරු මොහු දිනුම්..!!!
chandimaTuesday, 17 August 2021 10:58 PM
බය වෙන්න එපා. ගෙදර ගියත් වරදින්නේ නැහැ. එළවළු හරි හිටවන්න පුළුවනි. එක එක්කෙනාගේ නම්වලට කුරුනෑගල දිස්ත්‍රික්කයේ පුරාම ඉඩම් කෑලි අරන්දාලා තියෙනවනේ... නේද?
de silva Tuesday, 17 August 2021 06:16 PM
ව්‍යාපාරිකයෝ තමන්ගේ සහ තම ගනුදෙණු කාරයන්ගේ පණ බේරාගන්න කඩ වහනකොට අරක්කු මුදලාලි කෝපයට පත්වෙලා... මොන ව්‍යාපාරිකයාද කැමැති කඩ වහලා පාඩු ලබන්න...?
de silva Tuesday, 17 August 2021 06:19 PM
මිනිස්සු නගරයට ආවොත් යුද හමුදාපති කියනවා කොරෝනා බෝ වෙන්නේ මිනිසුන්ගේ වරදින් කියලා මිනිසු කඩ සාප්පු වහල ගෙදර හිටියොත් අරක්කු මුදලාලි කියනවා මේ ආණ්ඩුවට විරුද්ධව කරන දේශපාලනයක්ලු කවුද හරි කවුද වැරදි
de silva Tuesday, 17 August 2021 06:26 PM
කඩ වැසීම දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස දකිනවානම් අපිට කියනන තිබ්බේ ආණ්ඩුවට විරුද්ධව රටේ විශාල පිරිසක් ඉන්නවා වගේ
MISHAL-MATARA Tuesday, 17 August 2021 06:28 PM
වඳ කොත්තු, සාෆි දොස්තර, පාස්කු ප්‍රහාරය... මේ පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ...?
BamunuarachchiWednesday, 18 August 2021 08:19 AM
ඇයි ශාපිගෙන් නැවතුනේ බදියුදීන් ගැනත්, අසාද් සාලි ගැනත් අහන්නකෝ... පාස්කු බෝම්බය වඳ කොත්තු ගැන කියන්න බොහොම දේවල් තිබෙනවා. එ්ත් බොහොම කෙටියෙන් කියනවා නම්.... ඔය දෙකෙන්ම සිංහලයින්ට ඉගෙනගන්න පුළුවන් වුණා අපි කිරි දීලා, අපේ බදු මුදල්වලින් අධ්‍යාපන පහසුකම්, වෛද්‍ය පහසුකම්, නොයෙකුත් පහසුකම් දීලා හදලා තිබෙන්නේ සර්පයින් බව. සිංහලයා ඒක ඉගෙන ගත්තා නම් වඳ කොත්තුවලින් කෙරන්න ඕන දේ කෙරුණා. තලෙයිබාන්ලා අපිට ලෝක හම්බයින් ගැන කියලා දුන්නා.
පප්ප Tuesday, 17 August 2021 06:57 PM
මේ අප පාලනය කරන මිනිසුන්ගේ බුද්ධි මට්ටමයි.
ganegoda Tuesday, 17 August 2021 07:15 PM
ඔය මනුස්සයෝ නිරපරාදේ මරණයට පත්වීම පිටිපස්සෙත් තියෙන්නේ දේශපාලනය
de silva Tuesday, 17 August 2021 07:16 PM
කොරෝනා බයන්කාරකම තෙරෙන්නේ නැතනම් කොරෝනා මළ මිනී පිරුණු රෝහලක මිනී කාමරයක මේ මිනිසු අගුලු දාලා තියනන ඔනි
mp Tuesday, 17 August 2021 07:28 PM
පිස්සා කලබල වුණාට අපි කලබල නැහැ.
Sri Lanka Tuesday, 17 August 2021 08:09 PM
අනිවාර්යයෙන්ම ... මේ හදන්නේ ජනතාවට කොරෝනා බිල්ලෙක් මවලා බලය ගන්න. රට වහන්න ආණ්ඩුව කිව්වම පාරට බහිනවා. දැන් විවෘත කරන්න කිව්වාම වහනවා. ආණ්ඩුවට යුද්ධය කරපු ක්‍රමය අමතක වෙලා.. නැවත මතක් කරගත්තොත් රටම ගොඩ..
දොලේවත්තWednesday, 18 August 2021 08:37 AM
තවත් අර ජාතියේ කට්ටිය ඉන්නව වගේ
AsangaWednesday, 18 August 2021 08:57 AM
මෙන්න තවත් වහලෙක් .ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදුවෙන්න මිත්‍රයා
ranjee Tuesday, 17 August 2021 08:28 PM
පාර්ලිමේන්තුවට මොලයක් නැතිව ආවාට මිනිස්සුන්ට මොලේ තියෙනවා. තමන්ගේ මවුපියන්, දරුවන් ආරක්ෂා කරගැනීමට වගකීමක් තියෙනවා.
siri Tuesday, 17 August 2021 08:33 PM
කඩ සාප්පු ඇරගෙන මැරෙන්න කියනවද දන්නේ නැහැ...
ගජමැන්Wednesday, 18 August 2021 09:03 AM
නගර හා කඩ වහනකොට අරක්කු කඩත් වහනවා. එයින් පාඩුවෙන්නෙ අරක්කු නිෂ්පාදකයන්ට. වාසිවෙන්නෙ ගමේ කසිප්පු කාරයන්ට .මිනිස්සු මැරුණත් කමක් නැහැ මගෙ අරක්කු විකිණීමට ජය වෙනවා නම් කියලා නේද මේ කියන්නේ.
සොරිසේන Tuesday, 17 August 2021 09:05 PM
ආන්න බලන්න!!! කොයිතරම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද කියලා !!! කාටද ඉතින්, කුරුණෑගල පට්ටියට තමයි ආඩම්බර...!!
nanda Tuesday, 17 August 2021 09:30 PM
ගොඩක් කලබල වෙලා නේද? දෙයියනේ රට වහලා, නගර වහලා... කොහොමද මෙයාලාගේ තැබෑරුම් ටිකත් එතකොට නිකම්ම වැහෙනවනේ. මිනිස්සු දෙතුන්සීයක් දවසට මැරුණා වගේද?
Chandima Tuesday, 17 August 2021 09:44 PM
අපිත් පොහොට්ටුවට කඩේ ගිය අය තමයි. දැන් නම් මට හිතෙන්නේ යහපාලනය මීට වැඩිය හොඳයි කියලා...
bandara Tuesday, 17 August 2021 09:59 PM
මළමිනී උඩින් ගිහින් ආර්ථිකය ගොඩනගන්න හදන්නේ ආණ්ඩුවයි. මේ වගේ අට පාස් ගොන්නු ඉන්නකන් ලොක්කාට සත්‍ය අවබෝධ වෙන්නේ කොහොමද...?
Rohana Tuesday, 17 August 2021 10:52 PM
කළයුතුදේ නිවැරදිව නොදැක අනංමනං විකාරකතා දොඩවන්නේ රටට වෙලා තියෙන විපත තේරුම්ගැනීමට නොහැකිව නොව තම පුද්ගලික ඕනෑ එපාකම් සපුරා ගැනීමටයි. අාණ්ඩුවට ඒ වුවමනාව නැත්නම් තමතමන් එක්වී ජනයා ඒකරාශිවීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන්න වෙනවා. නැත්නම් ඉදිරියේදී භයානක තත්වයකට මුහුණදෙන්න වෙනවා...
Demuni Uduwara Wednesday, 18 August 2021 01:10 AM
ජොන්ස්ටන්, ඔබේ කතාවටත් දේශපාලනයක් තිබේ!
Ashan Wednesday, 18 August 2021 01:24 AM
මේ වගේ හරක් එක්කනේ ස‘ රට හදන්න යන්නේ...!!!
සමිත හිමි කුරුණෑගල Wednesday, 18 August 2021 08:04 AM
කුරුණෑගල ඇතුගල බුදුපිළිමය ගොඩ නගන කළ එයට අකුල් හෙලූ අයුරු යෞවනයන් බීමට ඇබ්බැහි කරපු හැටි අපි දන්නවා.
ranji Wednesday, 18 August 2021 08:49 AM
UNP එකෙන් තක්කඩි මෝඩ සෙට් එක තව ආණ්ඩුවේ ලොක්කෝ වෙලා ඉන්නේ අද
maalaka Wednesday, 18 August 2021 09:11 AM
බයිලා
Kurunegaala janaya Wednesday, 18 August 2021 09:27 AM
මගුලක් කතානොකර අගමැති ඡන්දය ඉල්ලපු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් කරන්න කටයුතු කරන්න... කතා නැතිව.
Lanka Wednesday, 18 August 2021 09:33 AM
මේක කොරෝනා මළමිනී සමඟ පුච්චලා දාන්න තරම් කුරුණෑගල ජනතාව බුද්ධිමත් නොවන්නේ මන්ද ?
Ruwan R Wednesday, 18 August 2021 10:24 AM
කවුරු කැමැති වුණත් කඩ වහන එකට අරක්කු මුදලාලි කැමැති නැහැ. මිනිස්සුන්ට ගිනිවතුර පොවලා සල්ලි හොයන කාලකණ්ණි දේශපාලකයෝ...
RAA MADINNO , BINGIRIYA. Wednesday, 18 August 2021 10:35 AM
අරක්කුකාරයෝ මේකට විරුද්ධයි. ඒ මිනිස්සු ගෙවල්වලින් පිට පනින්නේ ගෙදරට බඩු ටිකක් අරන් යන්න යනවා කියලා... ඉතින් බඩු කඩ වැහුවාම ගෙවල්වල මිනිස්සු පිටට යන්නේ නැහැ... මේකට අරක්කුකාරයා තරහයි.. මේක තමයි තත්වේ. බොරුද කියලා හොයලා බලලා කියපල්ලකෝ?
kumara Wednesday, 18 August 2021 10:38 AM
අනේ යන්න ජොනී.. මකබෑවිලා..
janahitha Wednesday, 18 August 2021 10:46 AM
බාරුත් වහන්න වෙලාද ?
buwaneka Wednesday, 18 August 2021 12:47 PM
කඩ සාප්පු වැහුවම බාරුත් වහන්න සිදු වෙනවා .එතකොට අරක්කු සේල් එක අඩු වෙන නිසා මෙයාට දිනකට කෝටි කිහිපයක් පාඩු වෙනවා .එකට මෙයා කලබල වෙලා