(එස් ඩී කොඩිකාර)
අකුරැස්ස දෙණියාය ප්‍රධාන මාර්ගයේ අතුඇළ ප්‍රදේශයේ දී සිය යතුරු පැදිය නවතා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටි කාන්තාවකගේ කට මිරිකා ඇය සතු රුපියල් 140000.00 ට ආසන්න මුදලක් වටිනා රන්මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා තවත් යතුරුපැදියකින් පලා ගිය සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුට ගත් බව මොරවක පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24- 25 වයස් කාණ්ඩවල පසුවන ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අංක තහඩු නොමැති යතුරුපැදියකින් ගාල්ල ප්‍රදේශයේ සිට මොරවක දෙසට ගමන් කරමින් සිටින අතරතුර එම කාන්තාව අතුඇළ ප්‍රදේශයේ සිය යතුරුපැදිය නවතා දුරකථන ඇමතුමක් ගනිමින් සිටි අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා එම කාන්තාව අසලට ගොස් ගමක නමක් අසන මුවාවෙන් ඇය සතු ගෙළ බැඳි රන් මාලය සහ ඇගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇත.
එම අවස්ථාවේ එම කාන්තාව ද සිය යතුරුපැදියෙන් බිම ඇද වැටී ඇත. ආසන්නයේ සිටි පුද්ගලයකු සිද්ධිය දැක මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතාට අංක තහඩු නොමැති කළු පැහැති යතුරුපැදියකින් මාලයක් කඩාගෙන යන බවට දැනුම් දී ඇත .
ඒ සමගම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා රොටුඹ, කොස්මෝදර, පිටබැද්දර , ඌරුබොක්ක පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත . ඒ සමගම ක්‍රියාත්මක වූ එම පොලිසිවල ස්ථානාධිපතිවරුන් ප්‍රදේශයේ තිබෙන සියලු මාර්ග සෝ දිසි කිරීම් සිදු ඇති අතර සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රධාන සැකකරු පරගල මාර්ගයේදීද , පැදිකරු ලොරියක නැග පලා යමින් සිටියදී පිටබැද්දර ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී ජීව බෝම්බයක් ද, මිරිස්කුඩු පාර්සලයක්ද සන්තකයේ තිබී සොයාගෙන ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩා ගත් මාලයත් සමග කොල්ලකරුවෝ මාට්ටු
Hafeel Saturday, 08 June 2024 03:47 PM
පොහොට්ටුවේ නව පත්වීම සමග ආරංචි වුණු ප්‍රවෘත්තියක්.
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 09 June 2024 03:24 AM
අම්මට උඩු පැරණි ක්‍රමය අනුවනම් මුන් දෙන්නට මන්ත්‍රීලා වන්න අවශ්‍ය සුදුසුකම් ඔක්කොම තියෙනවා. ඒත්දැන් කාලය වෙනස්වෙලා.