IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුඩා දරුවකුට පහර දුන් කතුන් 4ක් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව (41), අවුරුදු 78 සහ 71 වයස්වල පසුවන මිත්තනියන් දෙදෙනකු සහ තවත් කාන්තාවක බව පොලිසිය පවසයි.

සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝවට අනුව වහාම ක්‍රියාත්මක වූ අරණායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාහුල කන්දෙවත්ත මහතා සහ ළමා හා කන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එස්.එම්.ඩී.ඩබ්ලිව්. සෙව්වන්දි මහත්මිය ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

වයස අවුරුදු 6 ක කුඩා දරුවකුට එම දරුවාගේ ආච්චිගේ සහෝදරියන් දෙදෙනකු දරවාගේ නිවෙස ඉදිරිපිට මිදුලේ දී අමානුෂ ලෙස අතින් පහරදී බිමදිගේ දරුවාගේ අත් දෙකෙන් නිවෙසට ඇදගෙන අයුරුද වීඩියෝවේ දක්නට ඇත.

මෙම සිදුවීම ඉකුත් (12) වැනිදා දහවල් කාලයේ සිදුවී ඇති බව පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ දරුවා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර දරුවා පොලිස් භාරය යටතේ පවතින බව පොලිසිය පවසයි.

සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

මහනුවර දිසාව බාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි අරණායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි එස්.එම්.ඩී.ඩබ්ලිව්. සෙව්වන්දි මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (4)

කුඩා දරුවකුට පහර දුන් කතුන් 4ක් අල්ලයි

siril Wednesday, 17 July 2024 03:13 PM

කුකුල් චමින්ද දෙවැනි කොටස...

:       0       39

රට වැසියා Wednesday, 17 July 2024 03:28 PM

අපි තාම ජීවත් වෙන්නේ මනුෂ්‍ය වෙස් ගත්තු සත්තු ජීවත් වන සමාජයක! කවුරු මොන දේශනාව කරත් අපේ රට නුගත්කම ම්ලේච්ඡත්වයෙන් ගලවා ගැනීම අතිශයින්ම දුෂ්කරයි.

:       0       50

SarasiWednesday, 17 July 2024 05:19 PM

අපි කොච්චර කිව්වත් ළමයින්ට ගහලා හදන්න ඕනෑ කියන අය ඉන්නවා මේ සමාජයේ ඔය ඒ කීපදෙනෙක් තමා. දරුවෝ පව්. ආදරේ කියන වචනෙත් වැඩිහිටියන්ගෙන් ගිලිහිලා. ඒ ගොල්ලොත් ඉන්නේ ලොකු පීඩනයක මේ රටේ තත්වයත් එක්ක. ඉතින් ඒක අන්තිමට යන්නේ අසරණ දරුවා පිටින්...

:       0       16

රෝයි ෆෙඩ්රික්ස් Friday, 19 July 2024 10:58 AM

වැරදි වැඩක් තමයි. ඒ උනත් අල්ලන්නේ ඔය වගේ දුප්පත් අසරනයෝ විතරයි . මිරිස් කුඩ්ඩා ගුවන් තොටුපලේදී මිනිහෙකුට ගහලා "මට කේන්ති ගියා කිව්වා."ඌව ඇල්ලුවේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3851 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2812 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3581 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3271 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 734 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1417 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36126 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site