(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රසීලයේ වින්හෙඩෝ නගරයට පසුගිය සිකුරාදා කඩා වැටුණු වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගමන් ගත් 62 දෙදෙනාගේ මළ සිරුරු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.
ගුවන් අනතුරු හේතුවෙන් මියගිය 62 දෙදෙනාගෙන් 34 ක් පිරිමි පුද්ගලයන් බවත් 28 ක් කාන්තාවන් බවත් බ්‍රසීල බලධාරීහු පැවැසූහ. ගුවන් යානය පියාසර කළ ගුවන් නියමුවන්ගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් මළ සිරුරු සාඕ පවුලෝ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් බ්‍රසීල බලධාරීහු ප්‍රකාශ කළහ.
ගුවන් යානය කඩා වැටුණු අවස්ථාවේ මගීන් 57 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු එහි සිට ඇති බවට වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළත් පසුව එහි ගණන් නොගත් තවත් එක් මගියෙකු සිට ඇති බවත් ඒ අනුව ඒ.ටී.ආර් 72 වර්ගයට අයත් එම ගුවන් යානයේ මගීන් 58 දෙනකු ගමන් කර ඇති බවත් වෝපාස් ගුවන් සේවය පැවැසුවේය.
අනතුරට ලක්වූ ගුවන් යානය අඩි 17,000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ක්ෂණිකව කඩා වැටී ඇති බවත් අනතුරට හේතුව තවමත් අබිරහසක් බවත් වෝපාස් ගුවන් සේවය ප්‍රකාශ කළේය. අනතුර සිදුවූ අවස්ථාවේ ගුවන් යානය පරානා ප්‍රාන්තයේ කැස්කාවෙල් නගරයේ සිට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ ගුවාරුල්හෝස් වෙත පියාසර කරමින් තිබූ බව එම ගුවන් සේවය පැවැසුවේය.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩා වැටුණු යානයේ 62 කගේ සිරුරු සොයා ගනී