(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මත්කුඩු ජාවාරමක් වැටලීමට ගිය පින්වත්ත පොලිස් ස්ථානයේ සාජන් මේජර් වරයෙකුගේ අතක් සපාකෑ කාන්තාවක අද (28) හෙරෝයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .
මහවිල මාදුපිටිය මාර්ගයේ පදිංචි 25 හැව්රිදි කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
මහවිල මාදුපිටිය මාර්ගයේ නිවසක හෙරෝයින් වැටලීමකට ගිය අවස්ථාවේදී සාජන් මේජර් වරයාගේ අතක් මෙසේ සපාකා ඇති බව සදහන් වේ.
සැකකාර කාන්තාවකගේ ස්වාමී පුරුෂයා අයිස් මත්ද්‍රව්‍ය පැකට් තුනක් සමග පළමුව අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිට ඇති අතර, ඔහු බැලිම සදහා තවත් පුද්ගලයකු බත් පාර්සලයක් රැගෙන පැමිණි බව පොලිසිය කීය.
පොලිසියට සැකසිතී බත් පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබූ බල මාළු කෑලි දෙකක් අස්සේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් පහක් සොයාගත් බව පොලිසිය කීය.
බත් පාර්සලය රැගෙන පැමිණි පුද්ගලයාගේ ප්‍රකාශ මත එය ලබාදී ඇත්තේ සැකකරුගේ බිරිද බව අණාවරණය වීමෙන් පසු පොලිස් කණ්ඩායම ඇය පදිංචි නිවස වෙත ගොස් ඇතැයිද පොලිසිය පවසයි .
එහිදී පළමුව කාන්තා කොස්තාපල්වරියන් ලවා පරීක්ෂා කිරීමේදී සැකකාරිය කාන්තා නිළධාරීනියන් ඇය සමග පොරබදා ඇති බවද පොලිසිය කීය.
එසැනින් සැකකාරිය අසල සිටී සාජන් මේජර් වරයා වරයාගේ අත සපාකා ඇති බවත්, පසුව කාන්තා නිළධාරීනියන් දැඩි පරිශ්‍රමයක් යොදා සැකකාරිය විසින් තිසරපට අස්සේ සගවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බවත් පොලිසිය සදහන් කරයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුඩු වැටලීමට ගිය සාජන් මේජර්ගේ අත සපා කාලා
Ekanayaka Monday, 28 August 2023 08:56 PM
පොලිසියේ කොහෙද සාජන් මේජර්ලා
ravin Monday, 28 August 2023 09:58 PM
දත් වාට්ටුවක් ළඟපාතක නැතිද ?
Bamunuarachchi Tuesday, 29 August 2023 03:36 AM
පාතාලය මට්ටු කරන්න පුළුවන් පොලිස් කාරයෝ ඇමරිකාවෙන් ගෙන්වමු. හුළඟට විසිවෙන පොලිකාරයින්ට පාතාලයින් කුඩුකාරයින් මට්ටු කරන්න බැහැ.
Roger Tuesday, 29 August 2023 05:07 AM
To - සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් ලංකාවේ පොලිසියේ එහෙම තනතුරක් හෝ තරාතිරමක් නැද්ද?සාජන් මේජර් නිලය ඇත්තේ හමුදාවේ පමණි. කරුණාකර ඔබේ ලිපිය නිවැරදි කරන්න.
මංගල Tuesday, 29 August 2023 12:10 PM
පින්තූරේ දැක්කම නම් හිනා යනවා. යකින්නක් වගේනේ. ආදරේට නම් නෙවෙයි හපාකාලා තියෙන්නේ මූණෙන් පේනවා.
deeptha Tuesday, 29 August 2023 12:53 PM
පොලිසියේ සාජන් මේජර් තනතුරක් තියෙනවා...
fairoos Tuesday, 29 August 2023 02:15 PM
සාජාන් කුඩු හොයන්න ගියොත් ඒක තමයි වෙන්නේ