IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කතකගේ උදරයෙන් තෙල් ලීටර් 13ක් ඉවත් කරයි

(පාලිත ආරියවංශ)

කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5 ක් ලයිපොෂක්සන් සැත්කමක් මගින් සාර්ථකව ඉවත් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සමත්ව ඇත.

මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේකදී සිදු කළ බවත් පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව 61 වන වියේ පසුවන විශ්‍රාමික ගුරුවරියක බවත් ජයවර්ධන මහතා පැවසීය .

තවදුරටත් මෙසේද පැවසීය .

අධිර රුධිර පීඩනය, අධික තරුබාරුකම, කොන්දේ වේදනාව ඇවිදීමට අපහසුවීම යනාදී රෝග නිසා මෙම කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳ තිබෙනවා.

විවධ දේශීය හා බටහිර ප්‍රතිකාර ද කර තිබෙනවා. සුවයක් නොවූ නිසා මා හමුවුණා. ඇගේ ප්‍රශ්නය අධික තරුබාරු බවත් (Morbidobesity) ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 බවටත් මා විනිශ්චය කළා .

එඅනුව මාස තුනකට පෙර ඇය මහත අඩුකරන (Bariatric surgery ) සැත්කමට භාජනය කළා .

මෙය අවදානම් වුවත් සාර්ථකව සිදුකිරීමට මට හැකිවුනා. ඉන්පසු ඇගේ බර සීග්‍රයෙන් අඩුවුණා .ඇවිදීමට හැකියාව ලැබුණා .

එහෙත් ඇගේ උදරය තව දුරටත් විශාල නිසා උදරයේ තෙල් ඉවත් කරන (Liposuction) සැත්කමට ඊයේ දින (11) දා භාජනය කළා .

මෙමගින් තෙල් (fat) ලීටර් 13.5 ක් සාර්ථකව ඉවත්කළා මෙය ඉතා ලොකු ප්‍රමාණයක් ලෝකයේ සාමාන්‍යයෙන් ඉවත් කර ඇත්තේ ලීටර් 4 ක් 5 ක් වගේ ප්‍රමාණයක් . මේක දුලබ අවස්ථාවක්.

මෙම සැත්කම නිසා කිසිදු සංකූලතාවයක් මතුවුනේ නැහැ. ඇය සුවෙන් පසුවෙනවා. විශාල සහනයක් ලැබුණා බවද ඇය පවසනවා යැයි විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (6)

කතකගේ උදරයෙන් තෙල් ලීටර් 13ක් ඉවත් කරයි

Sarasi Friday, 12 January 2024 08:49 PM

හොඳ වැඩක්...!

:       0       32

චන්දන Saturday, 13 January 2024 08:31 AM

අති විශිෂ්ඨ ක්‍රියාවලියක්.. මෙවැනි තවත්දක්ෂ වෛද්‍යවරු කීයක් රට හැරලා දාලා ගිහින්ද? ආණ්ඩුවේ ඉන්න හැත්තට මේවා තේරෙන්නේ නැහැ.. මේ ඡායාරූපය වගේම තෙල් ඉවත් කළ පසු ඡායාරූපයකුත් දැම්මා නම් මිනිස්සුන්ට තවත් හොඳට තේරේවි තරබාරුකම අඩු කිරීම ගැන...

:       1       32

ලලිත් අම්බලන්ගොඩ Saturday, 13 January 2024 12:33 PM

වෛද්‍යතුමණි, ඔබ මතු බුදුවේවා...!

:       4       18

ugitha Saturday, 13 January 2024 10:34 PM

කෑ ගහලා ලෙඩ හදාගෙන කිසිම වගකීමක් නැතිව .අරුන් ටැක්ස් ගෙවන්න ඕනේ මේ වගේ මල හෝන්තු නඩත්තු කරන්න

:       1       0

Nimal Silva Sunday, 14 January 2024 07:32 AM

Liposuction අතරතුර අධික මේදය ඉවත් කිරීම ශරීරයේ තරල සමතුලිතතාවයට බාධා ඇති කළහැකි අතර තරල සැලකිය යුතු ලෙස අහිමි වීමට හේතු විය හැකිය... විජලනය සහ ඉලෙක්ට්‍රෝලය, අසමතුලිතතාවය ඇතිකළ හැකියි. මෙමගින් අඩු රුධිර පීඩනය සහ හදවතේ ආතතිය වැනි සංකූලතා ඇති විය හැකිය. මීට අමතරව, >5L කිරීමෙන් ඇතිවන කම්පනයට ශරීරයේ ප්‍රතිචාරය ආසාදනය වීමේ අවදානම වැඩිකර සුවය ප්‍රමාද කරයි. දරුණු සංකූලතා ඇතිවීමේ ඉතා ඉහළ අවදානමක් හේතුවෙන් පශ්චාත් ශල්‍යකර්ම කාලය තුළ මෙම රෝගියාට හොඳ සුවයක් ප්‍රාර්ථනා කරමි.

:       0       5

C M Dushantha Sunday, 14 January 2024 08:12 PM

නිදහස් අධ්‍යාපනයෙන් රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් ඉගෙනගෙන රටට ණය නැති වීර පුත්‍රයෙක් හැදූ වැඩු දෙමව්පියන්ටත් පිං අත්වේවා... මෙවන් ශල්‍යකර්ම කිරීමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 459 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1038 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 393 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 178 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 563 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1325 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site