(ඉන්දිකා රාමනායක)
වාහනයක් මිළදී ගැනීම සදහා පුනරින් පරමන්කිරායි ප්‍රදේශයට ගොස් සිටි කරවල ව්‍යාපාරික කාන්තාවකට තියුණු ආයුධ පෙන්වා ඇය සතුව තිබු රුපියල් ලක්ෂ 13 ක මුදලක් කොල්ල කෑ සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය පවසයි.
මෙම ව්‍යාපාරික කාන්තාව හදුනාගත් පුද්ගලයකු මාර්ගයෙන් වාහනයක් මිළ දී ගැනීම සදහා ඉහත මුදල සමග සිය පුතා සහ දියණියන් දෙදෙනා සමග කිලිනොච්චි ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය පවසයි.
කාන්තාව ඇගේ හිතවතා වු සැකකරු සමග වාහනය මිළදී ගැනීම සදහා පුනරින් පරමන්කිරායි ප්‍රදේශයට ගොස් ඇති බවත්, ඒ ගමන සදහා සැකකරුගේ මිතුරන් පස් දෙනකුට සහභාගි වී ඇති බවද පොලිසිය පවසයි.
පැමිණිලිකාරියට හිතවතා වාහන පෙන්වන අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු ව්‍යාපාරික කාන්තාවගේ ගෙලට පිහියක් තබා තර්ජනය කර ඇය සතුව තිබු රුපියල් ලක්ෂ 13 ක මුදල සහිත බෑගය කොල්ල කා පලාගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලක අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා පැමිණිලිකාරියගේ හිතවතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව කොල්ලයට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරු, ව්‍යාපාරික කන්තාවගේ හිතවතා බවත්, ඔහු විසින් මෙම කොල්ලය මෙහෙයවා ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතක් රවට ලක්ෂ 13 කොල්ල කැ හයක් අල්ලයි