(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණීම කාලීන අවශ්‍යතාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තුවේ ස්ථාපනය කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අමතමිනි.
නිදහසින් පසු දක්ෂිණාංශික සහ වාමාංශික ලෙස ප්‍රතිපත්තීන් අත්හදා බැලූ ශ්‍රී ලංකාව දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් සඳහාවූ අවශ්‍යතාව මෙම ජාතික ස්වභාව තුළින් පිරවිය හැකි බව මෙහිදී සඳහන් කළ කතානායකවරයා රටේ ප්‍රගතිය මන්දගාමී වීමට මෙම ප්‍රතිපත්ති දෝලනයද බොහෝ සෙයින් හේතු වූ බව ප්‍රකාශ කළේය.
පවතින තත්වය යටතේ දේශපාලඥයන් මහජනතාව සමඟ වැඩිපුර සම්බන්ධවී හැකිතාක් තොරතුරු ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බවත් මහජන නියෝජිතයන් ලෙස මේ තත්ත්වය තේරුම් ගෙන අලුතින් සිතිය යුතු බවත් අබේවර්ධන මහතා පැවසුවේය.
යුද්ධ ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන් නුදුරේදීම ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවී තිබෙන බව පැවසූ කතානායකවරයා මෙවැනි අර්බුදයකට මුහුණදීමට රටක් වශයෙන් සූදානම් විය යුතු බවද ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතානායකවරයා ජාතික සභාව අමතා කළ කතාව
Perera Friday, 30 September 2022 04:53 AM
කරයි ඉටි ගෙඩියක්. මුන් ඔක්කොම කටින් බතල හිටවන එවුන්.