IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කේතයට වැඩ නොකළ ඉන්ධන හල් 12කට තෙල් නෑ

 

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට අවම දායකත්ව දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය.  

ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාල පොලිස් ස්ථානවලට ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව නියාමන කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙළඳ අංශය සමග ඉන්ධන බෙදාහැරීම පිළිබඳව අද (19) පස්වරුවේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කරන ආකාරය අඛණ්ඩව නිරීක්‍ෂණය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (8)

කේතයට වැඩ නොකළ ඉන්ධන හල් 12කට තෙල් නෑ

pakeer Friday, 19 August 2022 10:26 PM

නියමයි... තාවකාලිකව නෙමෙයි... දෙන්නම එපා.

:       0       0

de silva Saturday, 20 August 2022 07:55 AM

අනිවර්යයෙන් නිරික්ශනය කරන්න ඔනෙ. මාෆිය කරය බලන්නෙ ක්‍රමය අවුල් කරල වාසි ගන්න , සමහර මාෆියා කරයො ලඟ පැට්‍රොල් ලිටර් 1000-2000 තිබෙනව, දැන් කලු කඩෙ පට්‍රොල් මිල 700 ට පමන පහල බැහැල , එහෙම වුනත් ගැනුම් කරයො නැහ , පට්‍රොල් ලිටර් 5 මදි කියල ත්‍රිවිල් කරයො අන්ඩුවට දැන් හන්ගපු එව එලියට අරන් යස අගෙට දුවන්ව, මෙ ක්‍රමය නිසි ලෙස තව මස 2 නොකඩවා ක්‍රියත්මක කලොත් , ගොඩ යන්න පුලුවන් , පොලිම් නැති වුනොත් සංචාරකයො එවි අපට ඩොලර් ලැබෙවි, මට ලබෙන පට්‍රොල් ලිටර් 4 මගෙ ගමන් බිමන් සදහා හොදටම අති, සමාන්‍ය මිනිස්සු දැන් ඉන්දන භවිත කරන්නෙ පරිස්සමින් , ඉස්සර 130 ට ලිටරෙ තිබෙන කලෙ වගේ නොවෙ,

:       0       0

demin Saturday, 20 August 2022 09:50 AM

එතකොට ඇමැතිතුමෝ කේතයට බෙදන ගමං රුපියල් හාර පන්දාහක් පගාවක් දුන්නාම යස අගේට ෆුල් ටෑන්ක් ගහන ෂෙඩ්වලට කොහොමද සලකන්නේ...?

:       91       15

ravin Saturday, 20 August 2022 10:14 AM

කී දවසටද? දේශපාලකයන්ගේ ඉන්ධනහල් කීයක් ඔය ගොඩට ඇතුළත්ද?

:       58       11

de silva Saturday, 20 August 2022 01:45 PM

QR කේත ක්‍රමය හොඳ දෙයක්.. අපි ඒක ආරක්ෂා කරගනිමු.

:       8       62

chandima Saturday, 20 August 2022 03:13 PM

ඇමැතිගේ ප්‍රචාරක ව්‍යාපාරයට හවුල් වෙනවට වඩා, ඒ ඉන්ධනහල්වල නම් ගම් එක්කම දැම්මානම් හොඳයි.

:       0       0

Kumara Saturday, 20 August 2022 07:11 PM

කොහොමත් තව ටික දවසකින් කන්නත් නැතිවෙන එකනම් දන්නවා...!

:       0       0

sam Sunday, 21 August 2022 07:22 AM

ඉන්ධන පිරවුම් හල් තෙල් විකිණීමෙන් ලබන ලාභය බොහොම සුළුයි. පොම්පකරුවන්ට ගෙව්වෙත් බොහොම අඩු වැටුපක්. පිරවුම්හල්කරුවන්ගේ ලාභයත්, පොම්පකරුවන්ගේ ආදායමත් දෙකම රඳා පැවතුනේ නොයෙකුත් අයථා ක්‍රම මතයි. පොම්පවල මිනුම අවමව තබා, ලීටර් 6600 බව්සරයකින් ලීටර් 6650-6700 පමණ විකිණීම සැමවිටම සිදු කළා. පොම්පකරුවනුත් තමන්ගේ පොම්පයෙන් විකුණුන තෙල් ප්‍රමාණයට අදාළ මුදල පමණක් දිනය අවසානයේ කළමනාකරුට ලබා දෙන අතර ඔවුනට ලැබෙන වැටුප වගේ දෙතුන් ගුණයක මුදලක් දිනය අවසානයේ ඔවුන්ගේ අතේ ඉතුරු වෙනවා. දැන් මේ දේවල් එකක්වත් කරන්න බැහැ. QR කේතය නිසා ලැබුන ලීටර් ප්‍රමාණයට ආසන්න ලීටර් ප්‍රමාණයක් විකිණිය යුතු වෙනවා. ටැංකි වල තෙල් ඉතුරු වෙලා අහු උනොත් ලෙඩක්. පොම්පකරුවන් පොම්පය zero නොකර සල්ලි මාටියා ගහපු එකටත් කෙලවිලා. මේ තෙල් අර්බුදය විසඳුන කලකත් මේ විදියට QR ක්‍රමය පැවතුනොත් පාරිභෝගිකයින් ගසා කෑම අවම වේවි. හැබැයි ඉන්ධනහල් හිමියන් හා පොම්පකරුවන්ගේ ලාභය හා ආදායම නම් අඩු වෙයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 7 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 419 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 13 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 318 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 212 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 317 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 668 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site