(රෝෂන් තුෂාර)
වෙන්චර් ටී සමාගමේ අයි.ආර්.සී කේතය ව්‍යාජ ලෙස භාවිතා කරමින් ඉරානයට තේ අපනයනය කළේ යැයි කියන මෙරට ප්‍රසිද්ධ මූල්‍ය හා රක්ෂණ සමාගමක සැකකරුවන් වහාම අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට කරමින් අද (25) නියෝග කළේය .
වෙන්චර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ අත්සන සහ අයි-ආර් සී කේතය ව්‍යාජව භාවිතා කරමින් විත්තිකාර සමාගම හෝ එහි නිලධාරීන් විසින් 2023 අප්‍රේල් මාසයේදී රුපියල් මිලියන සීයක තේ ඉරානයට අපනයනය කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනක සිදු කරන බවත් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හංසිත ගමගේ මහතා කරුණු දක්වමින් ඉරානයට තේ අපනයනය කිරීම සඳහා දෙරට මගින් ලබා දී ඇති මෙම කේතය සමාගමට පමණක් අයිති ලියාපදිංචි අංකයත් බවත්, රහස් පොලිසියට සියලු තොරතුරු ලබා දී ඇති බව සඳහන් කළේය.
මෙහිදී රහස් පොලිසිය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා "රහස් කේතය භාවිතා කරන්න පුළුවන් අදාළ සමාගමට විතරයි.එම නිසා සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි " නියෝග කළේය .
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කේතය වෙනස්කර ඉරානයට තේ යවලා
sam Friday, 26 July 2024 01:27 AM
QRA Code අවබාවිත්ව ( හොදින්ම වරදක් කරනා බව දැනුවත්ව කල දුෂිත ක්‍රියාවක් ) පිලිබදව ලැබුණු පළමු පැමිණිල්ල, නිසා නැවත මෙවැනි කටයුතු සිදු නොවීමට මිලියන ගණනක දඩයක් නියම විය යුතුවේ
රංබොඩ Friday, 26 July 2024 11:01 AM
මොවුන් මෙවැනි හොර කමක් කරන්නේ බාල තත්ත්වයේ තේ අපනයනය කර අනාගතයේ දී රටට විශාල හානියක් කිරීමටය. මේවාට හරි දඬුවමක් දෙන්නට තරම් රටේ නීතිය ශක්තිමත් දැයි මම නොදනිමි.