(ඒ. ඒ. පේමසිරි)
රුහුණු කතරගම මහා දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ඇති කර ගන්නා ලද ගැටුමක ප්‍රතිපලයක් ලෙස රත්නායක පරපුරේ උපුල් රත්නායක කපු මහතාට දේවාලයේ දී පහර දුන්නේයැයි කියන ආරාපක්ෂ පරපුරේ ගයාන් ආරාපක්ෂ කපු මහතා තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමිර සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළේය.
පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් මෙම කපු පරපුරු දෙක කලක පටන් පැවැති ගැටුමක ආසන්‍න ගැටුම ලෙස දේවාලයේ දී පෙරේදා 30 වැනිදා පස්වරුවෙහි මෙම ගැටුම ඇතිව තිබූ බව අධිකරණයේදී කියැවිණි.
එහිදී මෙම මාසය භාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක මහතා ප‍්‍රතිකාර සදහා කතරගම රෝහලට ඇතුළත් වී සිටින අතර ඔහු කතරගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම කපු වලියේ කපුවෙක්ට ඇප
Prabha Tuesday, 02 July 2024 09:36 PM
ඇත්ත දැන දැන සල්ලි දෙන මිනිස්සුන්ට මඩු වලිගෙන් තලන්න ඕන
සෙනෙවිරත්න Tuesday, 02 July 2024 09:50 PM
ඔන්න යථාර්ථය ,දැන්වත් මේ දේව ගනුදෙනු නොකර ඉන්න. දේවාල පන්සල් සේරම සල්ලි පොකට් ගහන තැන්.පල්ලි කෝවිල් ගැන නොකියන්නෙ දන්නෙ නැති නිසා
Lalla Wednesday, 03 July 2024 08:07 AM
මේ හොරුන්ට, නිකමුන්ට සල්ලි දීම දැන්වත් නවත්තන්න. දේවාල කියන්නේ හොර ගුහා පමණයි. විසි එක්වන සියවසේත් අපි දේවාල වන්දනා කරනවා..
Randika Wednesday, 03 July 2024 10:02 AM
දෙයියෝ කාගේ පැත්ත ගනීද?
Perera Wednesday, 03 July 2024 10:45 AM
මොවුන් කරන වැඩවලට දේව සාප වදින්න ඕනෑ...