IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


කතරගම සංචාරක බංගලාවේ අලුත්වැඩියාවට කෝටියක් ගෙවලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සංචාරක සංවර්ධන අධිකාරිය කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වසර කිහිපයකට  පෙර වැය කළ  රුපියල් කෝටි තුනකට ආසන්න මුදලින් රුපියල් කෝටියකට වැඩි මුදලක් නොකළ වැඩ කොටසක් වෙනුවෙන් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)විමර්ශනයක් අරඹා ඇත.

මෙහි වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කමිටුවක්  නිර්දේශ කර ඇතත් මේදක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.

සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද  විගණකාධිපතිවරයා මෙහිදී  අනාවරණය  සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළේය.

විගණන නිරීක්ෂණවලට සහ  නිර්දේශවලට  නිසි පියවර ගැනීම සෑම ආයතනයකම වගකීමක්  බව    කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම කල්පිටිය තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කලපුව අසල පාර ඉදි කිරීම වෙනුවෙන් කලුගල් සහ බොරලු පස් සදහා වැඩිපුර රුපියල් කෝටියකට වැඩි මුදලක්  ගෙවීම පිළිබදවද  කමිටුව  සංචාරක සංවර්ධන අධිකාරිය නිලධාරීන්ගෙන්  ප්‍රශ්න කළේ‍ය

මෙහිදී අධිකාරියේ  ප්‍රධානීන් පැවසුවේ මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයාගෙන් විමසූ අවස්ථාවේදී  අදාළ ලියකියවිලි ඔවුන් සතුව නොමැති බැවින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි බව දැනුම් දුන් බවයි.

මේ පිළිබදව සොයා බැලීමට  2016 වසරේදී කෝප් කමිටුව විසින් නිර්දේශයක්  ලබා දෙනු ලැබතිබුණද  මේ පිළිබදව සොයා බැලීමට ආරම්භ කර ඇත්තේ 2018 වසරේදී බව විගණාධිපතිවරයා අනාවරණය කළේය.

මේ පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ රටේ මූල්‍ය පාලනය පිළිබදව ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් ලබා දෙන නිර්දේශ  ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන බැදී සිටින බැවින් වහාම මේ පිළිබදව විමර්ශනයක් ආරම්භ කර  කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි.      

මේ අතර  සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින  කල්පිටියේ දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා  සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා උපදෙස් දුන්නේය.

අක්කර 2055 ක් වූ එම දූපත් 12 න් 5 ක් සදහා  ආයෝජකයකු  2011 වසරේදී ඉදිරිපත් වුවද ඔහුගේ ජල බංගලා ව්‍යාපෘතියට (Water Bungalows)  අනුමැතිය ලබා ගැනීමට නිසි ආයතනයක් හදුනා ගැනීමට නොහැකි වීම නිසා  මෙය ප්‍රමාදවී ඇති බවද  මෙහිදී අනාවරණය විය.
මාලදිවයිනේ දැනටමත් මෙම වර්ගයේ  හෝටල් ඇති  මෙම ආයෝජකයාට අනුමැතිය ලබාදීමට නොහැකිව වසර 10 ක්  මෙලෙස ව්‍යාපෘතියක් ප්‍රමාද වීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක්  බැවින් මේ සදහා වහාම මැදිහත් විය යුතු බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉතා සුන්දර මෙම දූපත් සංචාරක කර්මාන්තය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවද  කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. මේ සදහා  කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බැවින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් සභාව, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ  දෙපාර්තමේන්තුව වැනි අදාළ සියලු පාර්ශව සමග මෙහෙයුම් කමිටුවක් පත් කර  ශක්තිමත් නෛතික රාමුවක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක  කරන ලෙස චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් . හෙට්ටිආරච්චි මහතාට සහ  සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු  මහත්මියට  උපදෙස් දුන්නේය

මෙම තොරතුරු අනාවරණය වූයේ සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (26) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

සංචාරක කටයුතු සංවර්ධනය සදහා 2018 - 2019 වසර වල රු බිලියන 1.2 ක් වියදම් කළද සංචාරයකයන් පැමිණ ඇත්තේ මිලියන 1.9 ක් හෙයින්  සංචාරකයන් ගෙන්වාගැනීම සදහා වඩාත් කාර්යක්ෂක්ෂම යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක කළ  යුතු බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය.

මේ අනුව සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන්   ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ  ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන ඒකාබද්ධ කර තනි ආයතනයක් ගොඩ නගන බවත්  ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්  සභාපතිවරිය  සඳහන් කළාය .

මේ සදහා මේ වන විට කැබිනට් අනුමැතිය  හිමිවී  ඇති බැවින් ලබන මාර්තු- අප්‍රේල් වන විට නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සදහා අමාත්‍යාංශ සහ එම ආයතනවල අවශ්‍යතාව එය නම්  එම කටයුතු කඩිනම් කරන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

මාලදිවයින මේ වනවිට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට එම තත්වයට යාමේ ඇති බාධාව පිළිබද කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී කිමාලි ප්‍රනාන්දු  මහත්මිය පැවසුවේ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේදී ඉහළම මිල ගණන්වල සුඛෝපභෝගි හෝටල් පමණක් ක්‍රියාත්මක වීම, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 15 දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් යටතේ මෙහෙයවීම, ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ආයෝජකයන් ගෙන්වීම හරහා ඔවුන් විශාල ප්‍රවර්ධනයක් සිදුකිරීම යනාදි කරුණු මීට බලපා ඇති බවයි

කොවිඩ් වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ආයතනය විශාල කාර්යභාරයක් සිදුකළ බව මෙහිදී පැවසූ සභාපතිවරිය කොවිඩ් තත්වය තුළ හෝටල්කරුවන් පුහුණු කරවීම, සංචාරක ලියාපදිංචිය මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය හරහා සම්පූර්ණයෙන්ම සිදු කිරීම යනාදිය තම ආයතනය ලැබු විශාල ප්‍රගතියක් බවද ඇය පැවසීය. 

සංචාරක සංවර්ධන අධිකාරිය සතුව බොහෝ ‍ප්‍රදේශවල ඇති ඉඩම් ඇතුළු දේපළ වඩාත් ඵලදායි ලෙස සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයද කෝප් කමිටුවේදී අවධාරණය කෙරිණ.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, නලින් බණ්ඩාර, , එස්.එම් මරික්කාර්, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුද සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (4)

කතරගම සංචාරක බංගලාවේ අලුත්වැඩියාවට කෝටියක් ගෙවලා

Eranga Monday, 29 November 2021 06:02 PM

සංවර්ධනය කරන්න කලින් හොරු ටික අල්ලගනිල්ලා. අර යකඩ හොරා සුධර්මන් ප්‍රසිද්ධියේ එළිපිට පෙනි පෙනී ඉන්නවා. පුලුවන් නම් අත් අඩංගුවට ගන්න. එකරටක් එක නීතියක් කොහේද?

:       0       6

පැරකුම් Monday, 29 November 2021 10:42 PM

ඔය කියන කමිටු කවද්ද හරියට වැඩක් කලේ? කවද හරි කාටහරි වරදට දඩුවම් දෙන්න කටයුතු කලාද?

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 09:47 AM

සංචාරක සංවර්ධන අධිකාරිය සතුව බොහෝ ‍ප්‍රදේශවල ඇති ඉඩම් ඇතුළු දේපළ වඩාත් ඵලදායි ලෙස සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයද කෝප් කමිටුවේදී අවධාරණය කල බව සදහන් වුනත් කිසි සේත්ම මිල කල නොහැකි අම්බලන්ගොඩ තානායම ඉතා නීති විරෝධී ලෙස රුපියල් 75000/- කට කඩා ඉවත් කරගෙන ගිහිල්ල දැන් අවුරුදු 15 කට වැඩියි.

:       0       0

ජන හඩ Tuesday, 30 November 2021 09:54 AM

කියන්න බලන්න මහජන මුදල් වංචා කරල දඩුවම් ලැබූ එක් අයෙකුගේ නමක්. ඒකට මේ රටේ උගත්තු වියත්තු වැහි වැහැලාලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 267 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 778 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 462 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2083 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1679 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1884 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site