(යොහාන් භාසුර)
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා අද (16) පැවසීය.
දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල්වලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව කී ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ හෙවත් ‘සැප් ව්‍යාපෘතිය’ ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කළේය.
කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්කය 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ කටයුතු කරන බවත් ‘සැප්’ ව්‍යාපෘතියෙන් කිතුල් ගෙවීන්ට පහසුකම් සළසන බවත් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කිතුලටත් හොඳ කලක් යන හැඩ
Kumar (Gulf( Thursday, 17 November 2022 01:49 AM
ජරාව ,සීනි නොදා පිරිසිදුවට හැදුවොත් හොඳා .ජපානයේ වැඩිම මිල රස වර්ගය කිතුල් හකුරු
chandima Thursday, 17 November 2022 02:10 AM
වැඩේ නම් මරු .ඒත් අර දහ දාහේ ගගාන තමයි රුවිතෙට හිටින්නේ .බඩු නැති උනු ගමන් සීනි කලවම් කරනවා . උකු කරන්න බීම වර්ග වලට දාන උකු කරන ද්‍රව්‍ය කලවම් කරනවා .කාලයක් කජු රට යවන්න ගිහිනුත් උනේ ඔය වදෙමයි .මැලියම් ගාලා කජු කෑලි අලවලා යැවුවා .කජු රට යද්දී ඒවා පුස් කෑවා
මනම්පේරි Thursday, 17 November 2022 05:36 AM
මොන රටට කිතුල් පැණි යැව්වත් සීනි මිශ්‍ර නොකර හදන්න කියලා කියන්න කැමතියි. සමහරක් පැණිකාරයෝ කිතුල් පැණි කියලා දෙන්නෙ සීනි මිශ්‍ර කල ජරාවල් කියන්න පුළුවන් .සමහරක් වෙළෙන්දෝ සීනි මිශ්‍ර නැති පැනි විකුණන්නෙ නැහැ .එහෙම පැනි කොලොන්න ප්‍රදේශයේ කැම්පනේ ආසන්න ගමකින් බෙදාහරින බවක් පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ ....කඩුවෙ තල්හකුරු යාපනයේ තියෙනවා වගෙයි
Bamunuarachchi Thursday, 17 November 2022 06:45 AM
ඊට වඩා හොඳ ඉල්ලුමක් කිතුල් රා වලට තිබෙනවා. සීනි වලටත් හොඳ ඉල්ලුමක් තියේවි. මොකද හිතුල් පැණි හදන්න සීනි අවශ්‍ය නිසා.
ලංකාපුත්‍ර Thursday, 17 November 2022 11:56 AM
මෙන්න සීනි මිශ්‍ර කරල කිතුල් පැණි හදන එකෙක් .එක්දහස් නවසිය හැට ගණන් වල රජයේ සේවය කලා කියමින් පණ්ඩිත වාක්‍ය කියන මේ මිනිහා හිතාගෙන ඉන්නෙ සීනි නැත්නම් කිතුල් පැණි හදන්න බැහැ කියලා බමුණෝ කිතුල් තෙලිජ්ජ වලට පැනි හොද රසක් ලැබෙන්න මිශ්‍ර කරන්නෙ අංකෙන්ද නැමති බෙහෙත් ගසේ කොල සහ පොතු.එහෙම කලාම රසයට අමතරව පැනි නරක්නොවී තියෙනවා සමහර දෙනෙක් හල් පොතු දානවා කියලා අහල තියෙනවා ඒ වගේම තමයි කිතුල් පැණි මැටි මුට්ටියේ දමා තිබීමෙනුත් කොලපතේ පැණි මුලක් ලෙස බැදීමෙනුත් දිගුකලක් තබාගැනීමටත් සූකිරි මෙන් රසැති වැලි හකුරු (සූකිරි වැනිම දෙයක් ) සැදීමටත් හේතු වෙනවා නමුත් බෝතල් කල කිතුල් පැණි රසයෙන් අඩුයි කල් තබාගන්න අමාරුයි (තෙලිජ්ජ හොදින්ම උණුකලොත් පැණිත් ඉතාමත් රසයි නමුත් වැඩි ප්‍රමාණයක් විකිණීමට බොහෝවිට හොදින් උණුකරන්නෙ නැහැ බොරු යැයි සිතෙන කෙනෙක් අත්හදා බලන්න
BamunuarachchiThursday, 17 November 2022 07:24 PM
මම තරම් කිතුල් රා බීලා නැහැ මිනිහෝ උඹ. ඒක මට ෂුවර් කඩේකට ගිහින් කිතුල් හකුරු කෑල්ලක් කාලා බලපන් ඒ හකුරු ගල් වගෙ හයියයි නේද කියලා. ඒ සීනි කවලම් නිසා. සීනි කවලම් නැති කිතුල් හකුරු අතින් පොඩි කරන්න පුලුවන. මම අදටත් කිතුල් හකුරු පාවිච්චිකරනවා ඒ හකුරු එරත්නෙන් ගෙනෙන ඒවා. අද උදේ 10 තේ එක බිව්ව්වෙත් කිතුල් හකුරු එක්ක. මම සුදාගල රාජකාරී කරන කාලේ ගමේ මිනිස්සු දවල් තේවලට ගෙනාවේ කිතුල් හකුරු බෝලයි කෝලිකුට්ටුයි. දවල් 12 වෙනකොට කිතුල් රා මුට්ටියක් එනවා. මට කිතුල් හකුරු හදන විදිහ තියන්න එපා මට හකුරු හදන්න ඕනේ නැහැ . මම හොඳට කිතුල් රා බීලා තිබෙනවා අදටත් කිතුල හකුරු කනවා. මම හකුරෙක් නොවෙයි. අපි හරක් මස් කනවා කිව්වම හරක් හදන හැටී හරක් මරණ හැටී කියලා දෙන්න ඔනේ නැහැ.
චන්දන Thursday, 17 November 2022 07:24 AM
කාලෙකදී අහන්න ලැබුණු සතුටුදායක පුවතක් . ඒත් සීනි උනු කරල රට ඉඳි ජූස් දාල වැඩේ වකූරු කරගත්තොත් වැඩේ ඉවරයි . ඒ නිසා ඉහල මිලක් තියාගෙන හොඳම බඩු සැපයීම ඉහලින් ම නියාමනය කල යුතුය .
janabala asamagi pohottu Thursday, 17 November 2022 09:22 AM
ගස් නගින්න උන් දැන් නැහැ බ්‍රවුන්සුගර් වෙලන්ඩමෙන් දවසින් ගොඩ