(අංජුල මහික වීරරත්න)
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ ඇති රටවල් 146 ක් අතරින් 122 වැනි ස්ථානයේ ලැයිස්තුගත කරලා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය මෙය ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම සහ වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බව කීවාය.
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලය, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ Chrysalis ආයතනය එක්ව සංවිධාන කොට තිබූ 'THRIVE- Together for Her: Resilience-building, Inclusivity, and Voices for Equality in Sri Lanka' ව්‍යාපෘතිය එළිදැක්වීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
මෙම ව්‍යාපෘතිය එළිදැක්වීම කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ දී පැවැත්විණි.
නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා බරපතල තුවාල සිදු කර ඇතැයි පොල
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා
මැතිවරණ සමයේදී ගන්නාවූ තීරණ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු අමාත්‍යාංශ වලට සහ රාජ්‍ය ආයතන වලට දැනුම් දී ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනක
තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට
sunil Wednesday, 26 March 2025 03:57 AM
Clean Sri Lanka කියන වැඩ සටහනින් බලා පොරොත්තු වන එක දෙයක් තමයි ආකල්පමය අතින් ප්‍රජාව සවිමත් කිරීම. සියල්ලටම වඩා ආකල්ප සෑදීම ඉතා අපහසුයි. අපගේ ආගමික ශාස්තෘවරු දේශපාලන භේදයකින් තොරව, හර්ද සාක්ෂිය ට අනුව වැඩ කිරීම ජනතාවගේ වගකීම බව නිරන්තරයෙන් දේශනා කල යුතුයි. "අපට බොහෝ විට වී ඇත්තේ අනුන් හරියට කල යුතුයි. හැබැයි තමන්ට එය වලංගු නැතුවට කමක් නැහැ " යන්නයි.
රුවන් Wednesday, 26 March 2025 06:29 AM
ලංකාවේ බහුතරයක් පිරිමින්ට ලිංගික අසහනය වගේ මානසික ආබාධ තියෙනවා, රජය වගේම සෞඛ්‍ය අංශ මේ ගැන සැළකිලිමත් වෙන්න.
මැක්ස් Wednesday, 26 March 2025 07:06 AM
පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන් අරබයා සිදුවන විෂම ක්‍රියා අවම කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගත යුතුය. එහිලා මුලිකවම විය යුත්තේ "හැම පව්ලටම කාර් එකක්" වැනි ගොබ්බ කතා පැවැත්වීම නොව, පොදු ප්‍රවාහනය දියුණු කිරීමත්, ඒ හරහා ජනතාවට තම ගමන් අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට අවකාශ සලසීමත්ය. කෙසේ වුවත්, මෙවැනි කාන්තා ප්‍රශ්න දඩ මීමා කරගෙන බොර දියේ මාළු බෑමට අගමැතිනිය ද නියෝජනය කරන එන්ජීඕ හාදයන් උත්සහ කරනු ඇත. ඒ ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුය.
Aslam Wednesday, 26 March 2025 08:48 AM
මෙම ගැටළුව විසඳීම සඳහා කාන්තාවන්ට පමණක් සීමා වූ බස් රථ ධාවනය කරන ලෙස අමාත්‍යතුමාගෙන් නිහතමානී ඉල්ලීමක්.
නිමල් පෙරේරා Wednesday, 26 March 2025 09:35 AM
LGBQIT බස් රථ සේවයක් දාන්න තමයි වෙන්නෙ. දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕක තමයි
Thushara Wednesday, 26 March 2025 10:05 AM
නගරබද පළාත් වෙනුවෙන් කාන්තා බස් රථ ක්‍රමයක් හොදයි.