IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ ඇති සම්බන්ධයක් හෙළිදරව් විය හැකිය යන බිය නිසාදැයි යන්න ගැන රටේ පොදු ජනතාව හා තමන් තුළ සැකයක් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කර ඇති හෙළිදරව් ගැන කිසිඳු විමර්ශනයක් නොකිරීම සියල්ල රතු පලස යට සඟවා සත්‍ය වසන් කිරීමේ බොළඳ උත්සාහයක් බව ද කොළඹ අගරදගුරුතුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී  අද (21) පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය රජය සමයේ හිටපු පොලිස්පතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට පැවරූ නඩුවේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ප්‍රහාරයේ බරපතල චෝදනා ලැබූ නිලන්ත ජයවර්ධන මහතා යොදාගැනීමෙන් හා උසාවිය ඉදිරියේ නිසි ලෙස නඩු කටයුතු මෙහෙයවීම නොකිරීමෙන් උසාවිය අසරණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කාගේ උවමනාවකට දැයි යන්න ගැන පැනයක් තිබෙන බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

ප්‍රහාරය සිදුවූ පසු එය දැන සිටි බවට ප්‍රසිද්ධියේ පිළිගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හා රජය විසින් ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අයට කළ අපහාසයක බව ද අගරදගුරුතුමෝ පැවසූහ.

නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීතරත්වය කෙලෙසන්නට කටයුතු කිරීම නින්දා සහගත බව කී කාදිනල්තුමෝ මේ ක්‍රියාදායම පිටුපස සිටින්නේ මේ රටේ සියලු බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේදැයි සැකයක් මතුවන බව ද සඳහන් කළහ.

ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණ කරන ලෙස ජනාධිපති කොමිසම කළ නිර්දේශ තිබියදී ඔවුන්ට උසස්වීම් ලබාදෙන්නට ක්‍රියා කළ වත්මන් පොලිස්පතිවරයා ද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ රුධිරයට වගකිව යුතු බව කී කාදිනල්තුමෝ ඔහුට එයින් ගැළවීයාමට සද්ධර්මය ඉඩ නොදෙනු ඇතැයි ද කීහ.

සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට අත්අඩංගුවට ගැනීමෙන් සිදුවූයේ සහරාන් සැලසුම් කළ ප්‍රහාරය ඉදිරියට ගෙනයාමට පාර කැපීමක් බව කී කාදිනල්තුමෝ නාලක ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා කොතරම් දුරට විමර්ශනය විණි ද යන්න පැහැදිලි නැතැයි ද පැවසූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වනාතවිල්ලුව ආයුධ ගබඩාව ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසීමක් නොකළ බව හා සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීම් හමුවේ ‘එහා මෙහා යන නයි රෙද්ද අස්සෙ දා ගන්න එපා’ පැවසූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ සඳහන්ව ඇතැයි ද අගරදගුරුතුමෝ කියා සිටියහ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී මොරදුන් වත්මන් පාලකයා බලයට පත්වූ පසු ඒ පොරොන්දු පසෙක ලා ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්‍ෂේප කරමින් හෙළා දකින බව කී කාදිනල්තුමෝ මෙම අපරාධය කළ අයට වැඩිකල් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇතැයි ද සඳහන් කළහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති

ඔබේ අදහස් එවන්න

දියත

මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 47 0

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 611 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1242 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 813 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 939 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1716 3

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site