IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කොන්ඩාවිල් ඉඩමක කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ දෙකක්

(ඉන්දිකා රාමනායක)

යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

කිලිනොච්චි ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන ජොශප් පීටර් රොබිසන් නැමැත්තාගෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු මත මෙම බෝම්බ දෙක සොයා ගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එල්ටීටීඊ සාමාජිකයා ඔහුගේ බිරිඳ සහ සොහොයුරිය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පසුවෙයි.



අදහස් (24)

කොන්ඩාවිල් ඉඩමක කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ දෙකක්

රජින්ද Monday, 14 October 2019 10:58 AM

යහපාලුවන්ගේ වීරක්‍රියා තමයි මේවා. අපිට මතකයි එදා 2002 රනිල් ගහපු සාම ගිවිසුම් මගඩිය නිසා අපේ රටේ ආරක්ෂාව අවුරුදු කීයකින් ආපස්සට ගියාද කියලා. ඒකෙම දිගුව තමයි 2015 දි උනෙත්. මේ නඩය පරණ ත්‍රස්තයින්ට හිස ඔසවන්න හැකි හැමදේම කළා. ජාතික ගීයත් හයිබ්‍රිඩ් කළා.හමුදාව ඒ පැතිවලින් අයින් කෙරෙව්වා. ඉඩම් ටිකත් නිදහස් කරලා දුන්නා.අපේ පුරාවස්තු ටිකත් ඒ අයටම දුන්නා. ඒ ඔක්කොම පාවාදීම් කරලා අන්තිමේ අන්තවාදීන් මේ රට වැනසුවා. දැන් එනවා තවත් අවුරුදු පහකට රට කාබාසිනියා කරන්න ඉල්ලගෙන. කොන්දක් තියෙන මිනිස්සුන්ට විතරයි කොන්දක් ඇති නායකයෙක් ගේන්න පුළුවන්. ඒකයි මේ මොහොතේ අපි ගෝඨා හොඳයි කියන්නේ. කොහොම නමුත් අපේ ජාතියට ලැබුණු අන්තිම අවස්ථාව මේකයි. මෙදා පාර වැරදුනොත් මුහුදට පනිනවා ඇරෙන්න මොනවත්ම ඉතුරු වෙන එකක් නැතිවෙයි.

:       12116       14402

AmilaMonday, 14 October 2019 01:18 PM

එතකොට ඔය 2009 යුද්ධය තමන්ම ඉවර කරා කියලා කයිවාරු ගහන රාජපක්ෂ පවුල අමු බොරුවනේ කරලා තියෙන්නේ. අනික අවුරුදු හයක්ම තිබුණනේ... 2009 සිට 2015 වෙනකන් ඕවා සම්පූර්ණයෙන්ම නැතිකරන්න..

:       3215       2943

SLMonday, 14 October 2019 03:39 PM

ඒ කාලේ ඒවා ඉවර කරලයි තිබුනේ... මේ යහපාලුවෝ සංහිඳියාව කියකියා ත්‍රස්තවාදීන්ව හුරතල් කරලා ආපහු කොටි ත්‍රස්තවාදය ඇතිවන තැනට වැඩකලේ..!

:       1371       1569

AmilaMonday, 14 October 2019 04:29 PM

වැඩේ හරියට කරා නම් නැවත මතුවෙන්න බෑනේ. 88 ප්‍රචණ්ඩ කටයුතු කරපු කණ්ඩායම විනාශ කරාට පස්සේ ආයේ එවැනි කණ්ඩායම් මතුවුනේ නෑනේ. ඒක නිසා හරියට වැඩේ කරන්නේ නැතුව නිකන් බයිලනේ ඕවා...

:       1249       1203

සමන් ඔස්ට්‍රලියාMonday, 14 October 2019 10:17 PM

2009 ත්‍රස්තවාදීන් ලංකාවේ නැති කල නමුත් පිටරටට පලා ගිය ත්‍රස්තයින්ට මහින්දට කල හැකි එකම දේ යලි රටට එන්න නොදීමයි. නමුත් මේ ආණ්ඩුව ඒ ත්‍රස්තයින්ට ආපහු එන්න ඉඩ දුන්නා

:       94       322

SLTuesday, 15 October 2019 12:58 AM

අමිල ඔයා ඉපදුනේ කවද්ද

:       154       169

RasithaTuesday, 15 October 2019 04:45 AM

2009-2015 වනතුරු ත්‍රස්ත ක්‍රියා ලංකාවේ සම්පුර්ණයෙන් නවත්තලා තිබුනේ ඒ විතරක් නෙමේ ශක්තිමත් බුද්ධි අංශයක් හදලා පවත්වාගෙන ගියා නමුත් 2015 පසු මොකද උනේ.?

:       14       125

pjThursday, 17 October 2019 03:15 AM

කිලිනොච්චි ප්‍රදේශයේදී වළදමා තිබී සොයාගත් ක්ලේමෝ බෝම්බ මිට අවුරුදු දහයකට පෙර යුධ සමයේ වළ දැමූ පරණ බෝම්බ ලෙස හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් විවිධ කට කතා පතුරවමින් ජාතික ආරක්ෂාවට බාධා වන ආකාරයේ තර්ජන ඇති බවට ව්‍යාජ තොරතුරු පතුරුවන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සහ යුධ හමුදාව කියා සිටින්නේ උතුරේ ජාතික ආරක්ෂාවට බාධාවන ආකාරයේ කිසුදු දෙයක් මේ වන විට සිදුවෙමින් නොපවතින බවත් ආරක්ෂක බුද්ධි තොරතුරුවලින් ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති බවත්ය. එහෙත් මේ අවස්ථාවේදී රජය අපහසුතාවයට පත් කරවන ආකාරයේ විවිධ සිද්ධීන් සිදුකිරීමට සැලසුම් තිබිය හැකි බැවින් බුද්ධි අංශ සිය මෙහෙයුම් තර කර ඇති බවත් පවසයි.මීට අමතරව කටකතා පතුරුවමින් මහජනතාව කලබලයට පත් කරවන ජාතික ආරක්ෂාවට බාධා වන ආකාරයේ විවිධ අසත්‍ය තොරතුරු පතුරුවන පිරිස් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කර ඇත.

:       1       2

sirimal Monday, 14 October 2019 11:19 AM

හැම වතාවෙම මැතිවරණයක් එනකොට කොහොමත් ඉතින් අපේ සිංහල වීරයන් විසින් කොටි නැඟිට්ටවන්නනේ උත්සාහ කරන්නේ. තව තව දේවල් ආරංචි වෙන්න ගනී. රජින්දගේ අදහස් දක්විමෙන්ම පෙනෙනවා අපේ චින්තන දහරාවේ දිග පළල කොයිතරම්ද කියලා.

:       7311       7274

රජින්දMonday, 14 October 2019 12:59 PM

මැතිවරණයක් ආපු නිසා වෙන්නැති පාස්කු ඉරිදා අහිංසක අපේම සහෝදරයින් මරලා දැම්මේ... ඔබතුමා වැනි අය ඉන්න බව දන්නා නිසයි අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් බොහොම සැහැල්ලුවෙන් මේ රටේ හැසිරෙන්නේ... ඇයි ඉතින් ඔවුන් මොනවා කළත් ඒවායේ වැරැද්දක් පේන්නේ නැති අය ඉන්නවනේ.. ඒ අයව හෝදලා ගෙට ගන්නේ බලාගෙනයි. අපේ රටේ කරුමේත් අන්න ඒකයි. මොන හොඳක් කිව්වත් ඇයි අපේම මිනිස්සුන්ගේ මේ තරම් විරෝධ කල්ප කියලා මට තේරෙන්නේ නැහැ...

:       1122       1452

AmilaTuesday, 15 October 2019 04:52 AM

පාස්කු ප්‍රහාරය ඇමරිකන් සූක්ෂම මෙහෙයුමක්නේ. එයාලට ඕන වුනේ එයාලගේ ඇමරිකන් රූකඩයට අවශ්‍ය පසුබිම හදන්න මිසක් වෙන දෙයක් නොවේ. පාස්කු සිද්ධිය වෙලා දවස් කීපයකින් නේද ඇමරිකන් රූකඩය චන්දෙට එනවා කිව්වේ ? ආබාධිත රනවිරුවෝ වැඩේ නැවත්තුවේ පර්සි මහින්ද ගිහින් තැඹ්ලි පෙව්වුහම නේද ? 2009 සිට 2015 වෙනකන් එයා සහ රූකඩය නේද බලේ හිටියේ? ඇයි ඒක එයාලා විසදුවේ නැත්තේ ?

:       118       89

සමන් - ඕමානයMonday, 14 October 2019 01:06 PM

සිරිමල්, රජින්ද කියා ඇති කාරණා සම්පූර්ණයෙන් ඇත්ත... යහපාලන ලොක්කෝ පහුගිය කාලයේදී සංහිඳියා මන්තරේ මතුර මතුර, ආරක්ෂාව අමතක කරලා හිටිය නිසා තමයි මේ සිද්ධි දැන් මතුවෙන්නේ... ඒක ඔබ සිතන විදිහට මේ තත්වය විරුද්ධවාදීන් මවාපාන දෙයක්ද? මේ ප්‍රවෘත්තිය කියන්නේ.., පොලිසිය නේද? මට පෙනෙන්නේ ඔබත් සංහිඳියාගාය හැදුණු, යහපාලන ගැත්තෙක් ලෙසයි. රටේ ආරක්ෂාව බල්ලට ගියත්, රනිල් ලොක්කා ඇතුළු සංහිඳියා නඩය කියන දේ, කරන දේ හරි බව අන්ධ භක්තියෙන් පිළිගන්නා නරුමයෙකු, අඳ බාලයෙකු බවයි. ඔය අදහස් අනුව වැඩ කළොත්, ඔබගේ ඊළඟ පරපුර ඔබලාට සාපකරයි...

:       854       1268

මෝMonday, 14 October 2019 02:50 PM

සිරිමලා, උඹ කියන්නේ මැතිවරණය හින්දා ක්ලේමෝ හම්බ වුණා කියලද? රට කාපු කාලකන්නි ආණ්ඩුව රටේ ආරක්ෂාව තහවුරු කරපු හැටි තමයි ඔය. උඔලා වගේ යූඇන්පී ගැති අයත් මේ විනාශයට වගකිව යුතුයි....

:       5237       5303

athuraTuesday, 15 October 2019 03:52 AM

නාමල් කුමාර තුන්වන කොටස දැන් තිරගත වේ.

:       18       4

ගල්කටස් Monday, 14 October 2019 02:20 PM

මෙවත් පත්තු වුනා නම් මොනවා වෙයිද? සරලව සිතන්නේ නම් ජාතිය වල පල්ලට යනකම් දන්නේ නැහැ. මුස්ලිම් අන්තවාදීන්ට හා දමිළ අන්තවාදීන්ට බයේ සිටිය යුතු ජාතියක්ද? සිංහල අපි ඉන්දියාවේ හින්දු බහුතරය ගත් තීන්දුව අපත් ගත යුතුයි. එවිට කේරළය, තමිල්නාඩුව, බටහිර බෙංගාල, ඉන්දියාවේ තනිවූවා සේ ලංකාවේද අදාල දිස්ත්‍රික්ක තනි වනු අැත. එයට සිහල අපි බහුතරය 70% එකට සිටගත යුතුමය.. මෙය ජාතියේ අවසන් අවස්ථාවයි. බලය සහ මුදල් අැති අය වෙනත් රටවල් වල පදිංචි වේවී... එ්ත් අපට මොකද වෙන්නේ...? වහලුන් වෙලා මැරෙන්නද...?

:       946       1232

සෙනෙවිරත්න Monday, 14 October 2019 02:23 PM

මේක අමුතු වැඩක්...

:       47       1164

lal Monday, 14 October 2019 03:24 PM

කොහොමත් ඔය දැන් නිලයේ ඉන්න හාදයා අරයගේ හොඳ, සුවච, කීකරු ඉත්තෙක්නේ... මොනවා කරන්න බැරිද නේද අනේ..?

:       160       204

krishanthaTuesday, 15 October 2019 03:46 AM

එයාගේ ඉත්තෙක් නෙමයි ..එයාගේ අණ පිළිපැදල රටේ අවුරුදු 30ක් තිබ්බ යුද්දේ ඉවර කරපු කෙනෙක් . මේ මිනිස්සු රට ආරක්ෂා කරන්න දන්නවා. මජනතාව එක්ක පාරේ වැලලෙන්න පම්පෝරි ගහන්නේ නැහැ .මේ මිනිස්සු හිටියනම් අර අහිංසකයෝ 350 අදත් ජීවත් වෙනවා .ඒ මරණ වලට 2015 කතිරේ ගහපු , දැන් මෙතන කොටන ඔයාලත් වග කියන්න ඕන .

:       5       173

Bandara Monday, 14 October 2019 03:43 PM

ලාල්... බලයේ ඉන්න කෙනා සුවච, කීකරු ඉත්තෙක්ද මම දන්නේ නැහැ. ඒත් ඒ අය හරියට කරපු වැඩ නිසා තමයි අද ඔයත්, මමත් ජීවත් වෙලා ඉන්නේ.. මෝඩ වුණාට පෙන්නන්න යන්න එපා...

:       220       337

rohana Tuesday, 15 October 2019 01:33 AM

මෙතන අදහස් දාලා තියෙන හැමෝම අන්තවාදී අය .

:       225       112

narada Tuesday, 15 October 2019 03:57 AM

ප්‍රේමදාස මහතා ඡන්දෙ ඉල්ලුවේ දුප්පතාගේ හිතවතා සහ මහජන සේවක ලෙස. හැබැයි ජනධිපති වුනගමන් තමන් ශ්‍රීමත් වුනා.

:       2       223

nawarathna Tuesday, 15 October 2019 04:03 AM

ඔබේ කාර්යාලයේ කාකාස ඔබේ ආයතනයේ ප්‍රධානියා වෙනවට ඔබ කැමතිද . සාපෙළ සමත් කෙනෙක් ජනපති කරමු.

:       29       27

krishanth Tuesday, 15 October 2019 04:28 AM

වනාතවිල්ලුවේදී වගේ අපි සංහිදියාව වෙනුවෙන් නිහඬව ඉමු . අනාගතයේදී මියයන මිනිසුන් වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය .මීට සංහිදියාව වෙනුවෙන් අපි .

:       2       73

Priyantha Tuesday, 15 October 2019 05:06 AM

කොහොමත් ඔය අය වගේම ගෝලයොත් ඡන්දයක් ලං වෙනකොට කොහොමහරි කොටි නැගිට්ටවන්න උත්සාහ කරනවා.

:       123       129

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 760 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 168 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 407 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 549 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 110 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 468 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 723 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site