(අංජුල මහික වීරරත්න)
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය විවිධ කරුණු හේතුවෙන් අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇත.
2022 වසරේ දී සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයට අනුව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයෙන් 35%ක් කාන්තාවන් වන අතර, එමඟින් ආර්ථීක සහභාගීත්වයේ ස්ත්‍රී - පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් නිරූපණය වන බව රජය පවසයි.
සීමිත මූල්‍ය සාක්ෂරතාව සහ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දේපළ හෝ වෙනත් ඇප හිමිකමක් කාන්තාවන්ට නොමැති වීම ආදී මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා අවම වීම යන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන බාධක ලෙස හඳුනා ගනු ලැබ ඇත.
එබැවින්, 2024-02-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත ශක්තිමත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙන් කරනු ලැබ ඇති රුපියල් බිලියන 200 ප්‍රතිපාදන වලින්, රුපියල් බිලියන 02ක් යොදා ගනිමින් කාන්තාවන්ට ආර්ථික කටයුතුවල නිරත වීම සඳහා ඇති බාධා ඉවත් කිරීම පිණිස විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාන්තාවන් ’’හයිය’’ කරන යෝජනාව අනුමතයි
Hafeel Tuesday, 02 July 2024 01:53 PM
මෙම රනිල් ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා ලැබී ඇති කැබිනට් අනුමැතිය කොතරම් දුරට ඉටු කළා කියල නැවත සළකා බලා නම් හොඳයි. හරියට ඉදිරිපත් කරන අය වැය වගේ. අය වැයෙන් සීයට දහයක්වත් ක්‍රියාත්මක කරන්න බැහැ. මෙහම තමයි මේ ජනාධිපති කරපු විදේශ සංචාර සහ එහෙ ගිහින් අත්සන් කරපු ගිවිසුම කොලයට පමණක් සීමා වෙලා.
Swene HaputhantirigeTuesday, 02 July 2024 05:47 PM
වොක්ස්වැගන් ෆැක්ටරිය, 2048 දියුණු ජාතියක් කිරීම වැනි දෑ ඕනෑතරම් අපේ ජනාධිපතිට තියෙනවා