IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කාන්තාවන් 170 ක් මාස තුනකදී විදේශ රැකියා ජාවාරමට හසුවෙලා

(යොහාන් භාසුර)

නීත්‍යානුකූල නොවන ආකාරයට විදේශ රැකියා ජාවාරම්වලට ගොදුරු වූ වින්දිත කාන්තාවන් 170 ක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම වසරේ පළමු මාස තුන තුළ කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.‍

තවත් කාන්තාවන් 8 දෙනෙක් ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් තළ බව කියන එම කාර්ංයංශය විදේශ රැකියා සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ බහුලව වාර්තා වූ බව ද සඳහන් කළේය.

මිනිස් ජාවාරම් මැඩ විදේශ රැකියා ක්ෂේත්‍රය දැඩි පාලනයකට ලක්කර නීත්‍යානුකූල ආකාරයෙන් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් නව ක්‍රමවේදය ක්‍රියාවට නගා ඇති බවත් මෙම ක්‍රමවේදය මගින් පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමුකිරිම, විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව රැකවරණය තහවුරු කිරීම අපේක්ෂා කරන බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 

 



අදහස් (1)

කාන්තාවන් 170 ක් මාස තුනකදී විදේශ රැකියා ජාවාරමට හසුවෙලා

Pradeep Kumara Sunday, 07 May 2023 07:01 PM

ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවාලු, ඒ වගේම තමයි මේ අසරණ මිනිස්සුන්ට මේ රටේ ආදායමක් හොයාගන්න බැරි නිසා කෙසේ හෝ විදේශ රැකියාවකට යා ගන්න බලනවා. රාජ්‍ය මැදිහත් වීම නිසි ආකාරයෙන් තිබෙනවා නම් මෙවැනි ජාවරම් කාරයින්ට ඉඩක් ලැබෙන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site