IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීමට HSBC සහ සර්වෝදය අත්වැල් බැඳගනියි

දේශීය ප්‍රජාව වෙත සහය දීමට සහ තිරසාර ආර්ථික වර්ධනය දිරිගැන්වීමට කටයුතු කරන HSBC බැංකුව එහි තවත් එක් පියවරක් වශයෙන්, ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය (LJSSS) සමග හවුල්කාරිත්වයක් ඇති කරගත් බව පසුගියදා ප්‍රකාශ කළේය.

සර්වෝදය ව්‍යාපාරය යනු, රටේ කාන්තා ව්‍යවසායකයන් සහ කොන් කෙරුණු ප්‍රජාව බලගැන්වීමට ඇප-කැප වී කටයුතු කරන සංවර්ධන සංවිධානයකි. මෙම නව හවුල්කාරිත්වය යටතේ 2023 ජූලි මාසයෙන් ඇරඹෙන දෙවසරක ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 40ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව HSBC බැංකුව ප්‍රකාශ කර ඇත. ව්‍යාපෘතියෙහි ඉලක්කය වන්නේ, රටේ පළාත් පහක සිටින කාන්තා ව්‍යවසායකයන් විසින් මුහුණ පා ඇති විශේෂිත අභියෝග සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාරවල වර්ධනයට සහය සැලසෙන වාතාවරණයක් නිර්මාණය කිරීමයි. සර්වෝදය ව්‍යාපාරයේ සංවර්ධන හස්තය සඳහා වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සර්වෝදය ෆියුෂන් (Fusion) හරහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත.

මෙකී හවුල් වැඩපිළිවෙළ මගින් කාන්තා-මූලික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත පූර්ණ සහය සහ පුහුණුව ලබාදීම සිදු කෙරෙනු ඇත. ඒ සඳහා, බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ උතුරු හා දකුණු පළාත්වල විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍රවල නියැලුණු කාන්තා-මූලික ව්‍යවසාය තෝරා ගනු ඇත. එකී කාන්තා ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරික ඥානය වැඩිදියුණු කරගැනීමට ලබාදීමටත්, තිරසාර වර්ධනය කෙරෙහි ඔවුන් තුළ උනන්දුව ඇතිකිරීමටත් මෙම වැඩසටහන මගින් ඉලක්ක කෙරෙයි.

HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින්හි ප්‍රධාන විධායක නිලධාරී, මාර්ක් සර්ජනර් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවැසීය. “ශ්‍රී ලංකාව පුරා විසිර-පැතිර සිටින කාන්තා ව්‍යවසායකයන් බලගන්වමින් සහ අවශ්‍ය සහය සලසමින්, සැබෑ වෙනසක් ඇති කළ හැකි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් LJSSS සමග එක්ව කටයුතු කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක්. HSBC හි අප අවස්ථාවන් සපිරි ලොවක් විවර කරන්නට පෙරමුණ ගෙන ඇත්තේ අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට පමණක්ම නොවේ, අපගේ මෙහෙයුම් කටයුතු සිදු වන ප්‍රජාව වෙත ද එම අවස්ථාව සැලසීමට අප නිරන්තරයෙන්ම ඉදිරිපත් වෙමු. කාන්තා-මූලික ව්‍යවසාය තුළ පවත්නා හැකියාවන් වෙත ආයෝජනය කිරීම මගින් කාන්තා ව්‍යවසායකයන්හට අවශ්‍ය දැනුම හා ව්‍යාපාරික ඥානය ලබාදෙමින් සහ අවශ්‍ය මෙවලම් හා සම්පත් සපයමින් ඔවුන් බලගැන්වීම මගින්, දරිද්‍රතාව අවම කිරීමට, රැකියා අවස්ථා නිර්මාණයට මෙන්ම සමස්ත සමාජ ආර්ථික සංවර්ධනයට ද අත-හිත දෙමින්, රටේ ආර්ථික වර්ධනයටත් දායක විය හැකි බව අප විශ්වාස කරනවා.

ධාරිතා-ගොඩනැංවීමේ වැඩමුළු මාලාවක්, උපදේශකත්ව වැඩසටහන්, සහ ඒ ඒ ක්ෂේත්‍රවලට ගැළපෙන අන්දමින් සකසන ලද පුහුණු සැසි හරහා මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණ ක්‍රමෝපාය, නිෂ්පාදන සංවර්ධනය සහ වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ඇතුළු විවිධ ව්‍යවසායකත්ව පැතිකඩ වෙත අවධානය යොමු කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් බලගැන්වීම, ආර්ථික ඇතුළත් භාවය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් HSBC සහ සර්වෝදය ව්‍යාපාරය සතු පොදු කැපවීම මෙම හවුල්කාරිත්වය තුළ මනාව පෙන්නුම් කෙරෙයි. කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම මගින් මෙම වැඩපිළිවෙළ ඉලක්ක කරන්නේ, රටේ සමස්ත ආර්ථික ප්‍රගතිය වෙත මහඟු දායකත්වයක් සපයන, ව්‍යවසායකත්වයට දිරිදෙන අගනා පසුබිමක් සැකසීමටයි.

කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම මගින් ආර්ථික වර්ධනයේ දියුණුව පමණක් නොව පවුල් සංස්ථා, ප්‍රජාව සහ සමස්තයක් හැටියට මුළු මහත් සමාජය තුළම ජීවයෙන් පිරුණු, ධනාත්මක රැල්ලක් ඇති කළ හැකි බවට HSBC සහ සර්වෝදය ව්‍යාපාරය තුළ පොදු විශ්වාසයක් ඇත.

595



අදහස් (0)

කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීමට HSBC සහ සර්වෝදය අත්වැල් බැඳගනියි

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 601 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 191 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 461 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 700 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 181 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 574 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site