(ක.ග.කරුණාරත්න)
කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මොවුහු ප්‍රතිකාර සඳහා අද(22)අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබේ.
තුවාල කරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කළ විමසුමකදී පැවැසීය.
කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබේ.
කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු මෙහි ප්‍රතිකාර ලබමින් සිටිති.
ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇතිවී තිබෙන බව කියති. ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්‍ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන්ද එකිනෙකාට පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
එහි ආරක්‍ෂක කටයුතු බාරව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිබෙන බවද පොලීසිය සඳහන් කලේය.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්දකාඩු කඳවුරේ ගැටුමකින් 5 ක් රෝහලේ
Akila Wednesday, 22 July 2020 06:28 AM
දැන් තව සුමාන දෙකකට පසුව කියයිද දන්නේ නැහැ එම ගැටුම නවතන්න මැදිහත්වූ හමුදා නිලධාරීන්ට කොරෝනා වලදී ඇති නිසා ඔවුන් ආශ්‍රය කරපු අයව හොයනවා කියලා.
allion Wednesday, 22 July 2020 07:18 AM
හමුදාවට බෝ කරන්න ගත්ත උත්සහයක් වෙන්න පුළුවන්.
සනත් ඉතාලිය Wednesday, 22 July 2020 08:13 AM
මේ අය රටටම වසංගතයක්
සපුමල්. (Sapumal.) Wednesday, 22 July 2020 09:40 AM
ගහගත්තා නෙමෙයි මරා ගත්තත් බේරන්න යාමේදී අතින්වත් අල්ලන්න එපා. කිට්ටුවට වත් යන්න එපා. එහෙම ගිහිල්ලා ආරක්ෂක අංශ බෝකරගත්තොත් වැඩේ ලේසි වෙන එකක් නැහැ. වැලිසර නාවික හමුදා කදවුරට වුනා වගේ දෙයක් නොවීමට වගබලා ගන්න...
RAMYA Wednesday, 22 July 2020 09:41 AM
කුඩු ගෙන්නන අය අල්ලලා දැඩි දඬුවම් දෙන්න.
gamageWednesday, 22 July 2020 12:17 PM
ඊට වඩා හොඳ නැද්ද ඒ අයව පාර්ලිමේන්තුවට යැව්වා නම්?