IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කොන්දක් තිබේ නම් ඡන්දයක් තියන්න

(ඩයනා උදයංගනී)

පිටකොන්දක් තිබෙනවා නම් මන්ත්‍රීධූරවලින් ඉවත්වී ඡන්දයක් පවත්වා ජනතාවගේ කැමැත්තෙන් නැවත පත්වීමට උත්සාහ කරන්නැයි වත්මන් පාලකයන්ට දැනුම් දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ජනතාව ඔවුන්ට කැමතියැයි කිව නොහැකි බවත්, වර්තමානයේ ඇත්තේ ජනතාව ඡන්දය දුන් ප්‍රතිපත්ති ප්‍රකාශය නොව වෙනත් එකක් නිසා ඔවුන් අලුත් මැතිවරණ ප්‍රකාශයක් සමග නැවත වරක් ඡන්දය ඉල්ලිය යුතු බවත් අගරදගුරුතුමෝ කීහ.

එවිට රට දිය යුත්තේ කාටදැයි ජනතාවට තීරණය කළ හැකි බවද කාදිනල්තුමෝ සඳහන් කළහ.

ඇතැමුන් පිටුපස දොරෙන් පැමිණ ජනතාවගෙන් නොඅසා සියල්ල වෙනස් කරන බව කී කොළඹ අගරදගුරුමෝ මෙරට කුමන හෝ සම්පතක් විදේශයකට දෙන්නේ නම් ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් අගරදගුරුතුමෝ පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ, බොරැල්ල, අගරදගුරුමැදුරේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් නායකයන් රට ඉතා දුක්බරිත තැනකට ගෙනැවිත් ඇති බවත්, ඔවුන් පාර්ලිමේන්තුවේ හිනාවුණාට ජනතාව සතුටින් සිටින බව කිව කිව නොහැකි යැයි ද කාදිනල්තුමෝ පැවසූහ.

පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ මුදල් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති නියෝගය තමන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු කතානායකවරයාගෙන් ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තම බලවත් විරෝධය පළ කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය මෙන්ම ජනාධිපතිතුමා ද බැඳී සිටින බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.



අදහස් (18)

කොන්දක් තිබේ නම් ඡන්දයක් තියන්න

Pradeep Monday, 13 March 2023 04:50 PM

විශිෂ්ඨයි... පැහැදිලි, සෘජු කතාවක්...

:       169       34

JoeMonday, 13 March 2023 08:23 PM

ඔව්. රට විනාශ කරන්න ඕන බව බොහොම පැහැදිලියි. කාලයක් රටට ඩොලර් එවන්න එපා කියලා ලෝකෙ වටේටම කෝල් කර කර කිව්වා. මිනිස්සු බේත් නැතුව, කන්න නැතුව මන්දපෝශනේ හැදිලා මැරිල වැටෙද්දිත් සල්ලි එවන්න එපා කියලාමයි කිව්වේ. මෙයා ගැන නම් අප්පිරියයි දැන්.

:       2       5

Kumara Monday, 13 March 2023 04:56 PM

මොන කොන්දක්ද? පැරැදුණු ගමන් මේ අයගේ පවුල් පිටින්ම නන්නත්තාර වනවා.

:       77       32

BamunuarachchiTuesday, 14 March 2023 07:13 AM

ඔබේ අදහස මම විවේචනය කරන්න ඕනේ නැහැ ඩිස් ලයික් වලින් බලා ගන්න.

:       4       3

Gunendra Monday, 13 March 2023 05:21 PM

සියලු දේ කරන්න... ආගමික දේවල් නැතිව...!

:       18       74

PODDA Monday, 13 March 2023 05:31 PM

පාස්කු ප්‍රහාරය ගැන කතාකරන්න එපා වෙලාද?

:       19       123

KamalMonday, 13 March 2023 08:32 PM

මාලුවා අල්ලගත්තට පස්සේ දැල කරේ තියන් යන්න ඕන නෑ නේ. මෙයාගෙ අරගලේ රනිල් ගේන්න විතරයි. ඒක තමයි කියන්නේ කණ කොක් සුද පේන්නේ ඉගිලෙනකොට කියලා.

:       2       2

Lal Monday, 13 March 2023 05:35 PM

මෙයා මතකද ගෝඨාට සපෝර්ට් කළා...

:       36       29

ටී.බුද්ධික Tuesday, 14 March 2023 07:41 AM

මෙයාට ඕන කරන්නෙ රටේ සංවර්ධනය නොවෙයි එයාගෙ ආගම ප්‍රවර්ධනය කරන්න පමණයි රට අරාජික වෙනවිට ඒක පහසුයි මොළයක් තියෙන අය සිහියට ගනිත්වා

:       0       5

විජිත් Monday, 13 March 2023 05:40 PM

ගරු කාදිනල්තුමනි, මේ මොහොතේ ඔබවහන්සේගෙන් විශාල මෙහෙවරක් මේ රටේ ජනතාවට ලබාදෙන්න පුළුවනි. අපි සැමත් ඔබවහන්සේත් රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක්... නමුත් කරපු අසික්කිත වැඩ නිසා අනිවාර්යයෙන්ම පරදින බව දන්න. ඒ වගේම පරාජයෙන් පසුව ලැබෙන දඬුවම් ගැන හොඳින්ම දන්න රජය එක එක කතන්දර ගොතමින්, මුදල් නැතිබවම පවසනවා. ඔබ වහන්සේට හැකියාවක් තිබෙන බව අප දන්නවා වතිකානුවට අප සිටින තත්වය පහදාදී - මානුෂික හේතුවක් ලෙස සලකා මේ ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදලක් ඉල්ලා සිටින්නට. වතිකානුවට මුදල් වලින් ප්‍රශ්නයක් නැතිබව මුළු ලෝකයම දන්නවා. ඉතින් ඔබ උපන් මේ රට වෙනුවෙන් ඔබ වහන්සේට කළහැකි උතුම්ම මෙහෙවරක් ලෙස සලකා මේ ඉල්ලීම සලකා බලන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි...

:       55       19

fairoos Monday, 13 March 2023 06:47 PM

මේවා කාටකියන්නද කාදිනල්තුමා...?

:       54       18

AlfreadMonday, 13 March 2023 08:19 PM

සහරාන් දැන් ඇති අර 72ත් එක්ක. සහයක් ඉල්ලලා බලන්න. හම්බෙයි.

:       0       3

Gunendra Monday, 13 March 2023 10:46 PM

ජේසු පිහිටයි අපට - ශ්‍රී ලාංකික කතෝලිකයන්.

:       2       2

වර්ණකුලසූරිය Monday, 13 March 2023 11:42 PM

පීඩාවට පත්ව අසරණව සිටින ජනතාවට මෙතුමාගේ ප්‍රකාශ නිතරම ශක්තියක් වෙනවා. කොන්දක් ඇතිව ජනතාව වෙනුවෙන් පෙනිසිටීම ඇත්තටම පුරවැසියන් වශයෙන් අපි සතුටුවෙමු. පාදඩ දේශපාලකයන්ගේ වියරැව හෙළාදැකීම රටේ අවශ්‍යතාවයකි..

:       3       1

Peduru Tuesday, 14 March 2023 05:30 AM

ජන්දය යන වියදම කාදිනල් දෙනවා නම් ජන්දයක් තිබ්බා කමක් නෑ. නමුත් මේ පවත්නා විවස්ථාව තුල මොන ජන්ද තිබ්බත් එන්නේ හොරු . 1972 ට පෙර තිබු විවස්ථාවට සමාන විවස්ථාවක් ගෙන එන තුරැ මේ හෝර නඩය හදන්න බැහැ.නාගහනන්ද කොඩිතුවක්කුගේ යෝජිත විවස්ථාව අධ්‍යාපනය කර එය ගෙන ඒම පූජක පන්තිය කල යුතු ලොකුම කාර්යය වනු ඇත.

:       1       2

ගුණේ Tuesday, 14 March 2023 06:05 AM

ආගමෙන් ඔබ්බට. ඒ නිසා ජනතාව ආගම හැර යනවා බොහෝ රටවලබොහෝ රටවල

:       0       3

Joshep Tuesday, 14 March 2023 07:11 AM

කුට්ටිය හම්බ වෙනකම් බුරනවා..මස් කට්ටක් ලැබුනම කටවහගෙන පැත්තකට වෙනවා..ගොඩ යන්න ඕන වෙද්දි පාස්කු ප්‍රහාරය මතක් වෙනවා..තක්කඩි..

:       1       3

Bunny Preena Tuesday, 14 March 2023 10:00 AM

දේශපාලුවො කියන්නෙ කිසිම ලජ්ජවක්, නැති, නම්බුවක් නැති අසික්කිතයින් පිරිසක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 1009 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 204 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 608 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 828 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2178 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3189 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 580 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1698 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site