IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කන්නේ එක වේලයි:පාසල් ගමන නවතී: තනියට ආච්චි අම්මා පමණයි

(කාංචන කුමාර ආරියදාස)

අගහිඟකම් නිසා පාසල් ගමන නැවතී සිටින දරුවන් පස් දෙනකු ඇතුළු පවුලක් පිළිබඳව මාතලේ  දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයෙන් දිවිල්ල වත්තේගෙදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

වයස අවුරුදු 70ක වූ ඩබ්ලිව්.ජී. ප්‍රේමාවති නමැති මිත්තනිය ළඟ මෙම පාසල් යන වයසේ දරුවන් පද් දෙනා දිනකට එක වේලක් පමණක් අහාර ගෙන ජීවත්වන බවත් ඔවුන්ට පාසල් ගමන නැවත ලබා දෙන්නට කාගේ හෝ පිහිටක් ඇවැසි බවත් ප්‍රදේශයේ කාන්තාවක අපට කීවාය.

ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරියේ සෑම අයකුමමෙම දරුවන් පස් දෙනි පිළිබඳව දැනුවත්  කළ ද මෙතෙක් කිසිදු පිහිටක් නැති වූ තැන අඩුම තරමේ මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහවත් රටවැසි  අවධානය ද යොමු කරලීම තම අරමුණ බව ද ඇය පැවැසුවාය. 



අදහස් (19)

කන්නේ එක වේලයි:පාසල් ගමන නවතී: තනියට ආච්චි අම්මා පමණයි

prasanna Wednesday, 10 May 2023 11:16 AM

කැමට වඩා මෙම ලමයින් අද රටෙ ඉන්න කමාතුරයින්ගෙන් බෙරගන්න, ලමා හා කන්තා කාර්යාන්සය මැදිහත්ව වැඩ පිලිවලක් ඉතා ඉක්මනින් හැදිය යුතුය...නැතිනම් මෙ මල් කකුලු විනසයි....

:       0       28

Dr. Vikasitha Ketipearachchi Wednesday, 10 May 2023 11:17 AM

මට උදවු කරන්න පුළුවන් . කරැණාකරල මට සම්බන්ද කරගතහැකි අංකයක් එවන්න

:       5       39

Roshan Wednesday, 10 May 2023 04:42 PM

සාමාන්‍ය දැනුමක් නැති Dr. කෙනෙක්. කමක් නෑ හොද වැඩකටනේ හොයන්නේ යන්න යූ ටියුබ් එකට හරි ෆේස්බුක් එකට කුමාර කාංචන ආරියදාස කියලා Search කරන්න. එතකොට මේ පුවත දාපු කෙනාගේ දුරකථන අංකය හොයාගන්න පුළුවන්. ඒ අංකයට කථා කරලා විස්තර අහගන්න පුළුවන්

:       12       5

fairoos Wednesday, 10 May 2023 12:34 PM

ඉතාම කණගාටුයි... මේ ළමයින්ගේ දෙමව්පියන් නැද්ද?

:       0       15

Asanka Gamage Wednesday, 10 May 2023 12:47 PM

මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර් එකක් දෙන්න...

:       0       20

අසාධාරණ Wednesday, 10 May 2023 01:06 PM

දරුවෙක් උපදින්න පෙර සිටම බලන්න නිලධාරින් හැටහුටහමාරක් ඉන්නවා. ඊළඟට සංවර්ධනය කරන්න ගමකට එකෙක්, දෙන්නෙක් සංවර්ධන නිලධාරින් කියලා ඉන්නවා. ඊළඟට ග්‍රාම නිලධාරින් ඉන්නවා වසමේ ඇවිදීමට දීමනා දෙනවා. දුරකථන දීලා තිබුණාට ක්‍රියාවිරහිතයි. ඒ අතර මාසෙකට වතාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස රැස්වීමක් තියලා වසම්වල ප්‍රශ්න සාකච්ඡා කරනවා. එහෙම නම් මේ වරද සිදුවුණේ කොතැනද කියලා බලන්න කෙනෙක් නැද්ද?

:       1       22

Jayadarie Ranatunga Wednesday, 10 May 2023 01:16 PM

උදව් කරන්න කැමැතියි. බැංකු නොම්මරයක් එවන්න. පාසලේ නොම්මරයත් එවන්න.

:       0       22

Chandana Wednesday, 10 May 2023 01:54 PM

කරුණාකරලා මේ අයට උදව් කරන්න පුළුවන් ක්‍රමයක් කියන්න.

:       0       15

Pradeep Kumara Wednesday, 10 May 2023 02:09 PM

රටේ පොදු ධනය සූරාකමින් ජනතාවට මෙවන් තත්වයක් උදාකල පාහර පාලකයින්ට හෙන නොවැදීම පුදුමයක්...

:       1       10

Pradeep Kumara Wednesday, 10 May 2023 02:11 PM

මෙයාලට උදව් කරන්න ඉදිරිපත් වූ මහත්වරුනි, ඔබලාට බොහෝ පින්. තවමත් රටේ සානුකම්පිත මිනිසුන් සිටින එක ගැන සතුටුයි...

:       1       21

ගැමියෙක් Wednesday, 10 May 2023 02:49 PM

ඇයි ආච්චි අම්මා ඉස්සරහට දාලා අම්මා හැංගිලා ඉන්නේ. මේ දරුවන්ගේ තාත්තා කෝ...? රජයේ නිලධාරීන්ට මේවා හොයන්න වෙලාවක් නැහැනේ. එයාලාගේ වැඩනේ. අඩුම ගානේ ග්‍රාමසේවක මහතෙක් වත් නැද්ද මේ ගමට මේවා හොයන්න. ගමේ මිනිස්සුවත් මේ ළමයින්ට කෑම ටිකක් දෙන්න කරුණාවන්ත හිතක් උණුවෙන්නේ නැද්ද?

:       0       8

පියසේන Wednesday, 10 May 2023 03:40 PM

ග්‍රාමසේවක මහත්වරු හිටපු කාලයේ සියලු ප්‍රශ්න සාධාරණ ආකාරයට විසඳුවා.. ඒක ඒත් ග්‍රාම සේවිකාවන් ආවට පස්සේ එය වෙනස්වුණා. මෑතකදී එනම් 1994ට පස්සේ පත්වූ සමෘද්ධි නිලධාරින් නිසා ග්‍රාම නිලධාරින් මන්දගාමී පිරිසක් වුණා. ඒක එහෙම තියෙද්දී වසම්වල සංවර්ධනය සඳහා (මෙතෙක් කිසිවකු අඩුම තරමින් ග්‍රාම නිලධාරිවත් අපේ ගෙදරට නම් කිසිදාක ඇවිත් නැහැ) උගතුන් පිරිසක් පත්කර තියෙනවා. ඇත්තටම ඔවුන් කරන්නේ මොනවද කියලාවත් අපි නම් දන්නේ නැහැ...

:       0       7

Roshan Wednesday, 10 May 2023 06:05 PM

ග්‍රාම සේවකලා සමෘද්ධි නිලධාරීන් ගොවි නියාමකලා කියන්නේ පට්ට හොරු...

:       0       8

එස් කේ කොඩිකාරThursday, 11 May 2023 05:28 AM

ඔබේ කතාව හරි රොෂාන් ඒත් දැන් ග්‍රාම සේවකලා නැහැ ඒත් එහෙම කියලා අතීතයේ සිටී ග්‍රාම සේවකලාට අපහාස හොද මදි ග්‍රාම සේවකලා සිටිය කාලයේ හොදින්ම වැඩ කලා ඉන් පස්සෙ ග්‍රාම සේවා නිළධාරින් වුනා වැඩ හතරෙන් ඒකක් අඩුවුනා ඉන් පස්සෙ ග්‍රාම නිළධාරින් වුනා තවත් හතරෙන් එකක් ක්‍රියාශීලිත්වය අඩුවුනා ඒ අතර සමහරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගම්පති පියස කියලා කොටසක් වෙන්කර ගෙන තියෙනවා දුරකථන පහසුකම් රජයේ වියදමින් දීලා තියෙනවා ඒකටත් මංදගාමිත්වය තරමක් ඇතිවුණා කොහොම වුනත් එජාප රජය කාලයේ ගත් විශේෂ සේවා නිළධාරින් හා මඩප්පුවො කියා ජනතාව හැදින්වීම කල වගා නිළධාරින් ග්‍රාම නිළධාරින් කිරීමත් 1994 ට පස්සෙ එලෙසින්ම බදවා ගැනීමත් මෑත කාලයේ විභාග යටතේ බදවා ගත්තත් සියල්ලෝම පැවති (මහින්ද) රජයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීන් වීමත් මෙහෙම තත්වයක් ඇතිවීමට හේතු වුනා කියලා කියන්න පුළුවන්

:       0       0

Mahilal Wednesday, 10 May 2023 06:46 PM

කරුණාකර මට දුරකථන අංක එවන්න...

:       0       3

mohamed lahir Wednesday, 10 May 2023 09:26 PM

උදවුවක් කරන්න පුළුවන් .මෙම පවුලේ කෙනෙකුගේ දුරකථන අංකයක් තිබේනම් .නැතහොත් පාසලේ දුරකථන අංකය හෝ ලබාදෙන්න

:       0       0

චන්දන පෙරේරා Wednesday, 10 May 2023 10:14 PM

දන්න කෙනෙක් දුරකථන අංකය දාන්න මේකේ බයිබල් ගහන ජෙප්පන් ගෙන් වැඩක් නෑ උන් තප්පඋලනව විතරයි

:       0       2

Gamage Wednesday, 10 May 2023 11:55 PM

කාංචන කුමාර ආරියදාස ගේ තවත් බිස්නස් එකක්

:       0       0

Anura Thursday, 11 May 2023 07:43 AM

මේක ලොකෙ වටෙ යන්න ඔන නැහැ. ගමෙ පන්සලෙ හාමුදුරුවො එක්ක හරි පල්ලියෙ පියතුමා එක්ක කතා කරන්න. හොඳ විදියකට විසදල දේවි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 260 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 207 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 382 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 153 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 324 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site