(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත .
සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු පොත හරහා අපහාස කළ බව කියන දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කපුවාට අපහාස කළැයි කුරුසියේ තබා ඇණ ගහලා
මුණසිංහ Sunday, 27 June 2021 08:00 AM
එක අතකින් මුහුණු පොත අවභාවිතාවේ යෙදෙන අයට හොඳ වැඩේ. ඕන කුණුහරුපයක්, අපහාස කිරීමක් හිරිකිතයකින් තොරව සමහරු කරනවා. එය නැවැත්විය යුතුයි.
Nihal Sunday, 27 June 2021 09:40 AM
අර රත්තරන් එල්ලගෙන ඉන්න කපුවා ද දන්නේ නෑ.
ඉන්සාෆ් Sunday, 27 June 2021 09:56 AM
මුහුණුපොතේ ඒ වැඩේ කරපු අයට කපු මහත්තයා දුන්නු දඬුවම හොඳයි.
රට වැසියා Sunday, 27 June 2021 11:08 AM
රටේ පාලකයා මිථ්‍යාව අදහමින්, එය සමාජගත කරන විට, එය රට වැසියාට එය පරමාදර්ශයක්, සංස්කෘතියක් සහ නීතියක් ද වන්නේය.. අද රටේ කට්ටඬියන්, හදි-හුනියන් කාරයින්, මිථ්‍යාව පතුරන්නන් ඉතාම බලවත්ය..!!! මෙය පුදුම විය යුතු දෙයක් නොවේ.. හෙට දින මෙවැනි දේ බොහෝ සිදුවිය හැක...
සුද්දාSunday, 27 June 2021 04:26 PM
ඔයා කියන්නේ 1991දි වෙච්ච දෙයක් ගැනද? අර කවුද ලොක්කෙක් කතරගමදි කන්‍යාවියන් හත්දෙනෙක් ලව්වා කිරිකළ හතකින් මහා රෑ නාවාගත්ත මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රී පුටුවල මලයාලම් කට්ටඩි ලව්වා තෙල් ගෑ කතාවනේ. ඔයිටත් කලින් තමයි තව නෝනා කෙනෙක් කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ ලව්වා ගුරුකම් කරවා ගැනීම ගැන කියන්නේ.
Ruhunu Sunday, 27 June 2021 11:40 AM
ලංකා ජාත්‍යන්තරයටත් ගිහිල්ලා තමයි නවතින්නේ...
sachith Sunday, 27 June 2021 11:45 AM
මේවා දකිනකොට නම් හිටපු මෛත්‍රී ජනාධිපතිතුමා ගැන ආඩම්බරයි.
Rata Perata Sunday, 27 June 2021 12:28 PM
ඕක මොකක්ද? කණට පරාල ඇණ ගහපු අය පාර්ලිමේන්තුවේත් ඉන්නේ...
Mr Don Sunday, 27 June 2021 01:19 PM
ළඟදීම ඔබතුමන්ලාගේ ආණ්ඩුවත් මහ ජනයා අැණ ගසාවි...
beauSunday, 27 June 2021 03:31 PM
ඔය කියන්නේ රනිල් ගැනනේ...
විපරමා Sunday, 27 June 2021 02:54 PM
ඕවා මොනවද ? ඔයිටත් වඩා එහා ගිය අන්ත වැඩ කරපු අය අද නිදහසේ ඉන්නේ ?
ගමේ එකාලා Sunday, 27 June 2021 03:15 PM
කපුවා කපෝති කරන්ඩ කවුරුවත් හිටියේ නැහැනේ.
sampath Sunday, 27 June 2021 06:30 PM
මිථ්‍යා විශ්වාස පදනම් කරගත් සියලු ස්ථාන තහනම් කළ යුතුයි. පහුගිය දවසක් ගැහැණු ළමයෙක් මරා දැමීමේ සිද්ධියක් වාර්තා වුණා. ඔය හන්දියක් හන්දියක් ගානේ තියෙන පේන කියන තැන්, නැකැත් බලන තැන්, හූනියම් කරන තැන් පනතක් ගෙනැල්ලා හරි තහනම් කළොත් හැමෝටම හොඳක් වෙයි...
Samalka Wishwajith Monday, 28 June 2021 11:59 AM
නීතිය ක්ර්‍යාත්මක විය යුතුමය. අපහාස ඉවසිය නොහැකි කපුවන්ගෙන් ඇති ඵල කිම ?
lakvidu Tuesday, 29 June 2021 02:49 AM
පාර්ලිමේන්තු කතානායකගේ ඉන්දියන් අනුග්‍රහය දක්වපු ධම්මික පැණි වෙදාත් දොස්තර කෙනෙකුට ගැහුවලු නේද? ඒකට මොකද කළේ..?