IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෝප්,කෝපා යන රජයේ නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

(අංජුල මහික වීරරත්න)

කෝප්, කෝපා ඇතුළු  පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ  කමිටු වල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාලව කළ නිදහසට කරුණු විමසීමේදි නිලධාරීන් දුන් පිළිතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.

කෝප් සහ කෝපා යන කමිටු වලින් ජනපති ලේකම් සමන් ඒකනායක මහතාට  පැමිණිලි ලැබී ඇත්තේ මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනකු ඊට නිසි සුදානමින් නොපැමිණෙන බව කියමිනි. 
අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන ලේකම්වරුන් අදාල ආයතනය වල විගණන කමිටුවට සහභාගී නොවී විගණකාධිපතිගේ දැනුම්දීම් ගැන අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තු කාරක සභාවෙත පැමිණ පිළිතුරු දෙන නිසා කමිටුවල කාලය අපතේ යන බව එහි සභාපතිවරුන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දී තිබේ.

මේ ගැන ජනාධිපති ලේකම්වරයා අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් විමසීමේදි පාර්ලිමේන්තුවට කැදවා නඩු අසන ලීලාවෙන් මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමත් ඒවා පසුව මාධ්‍ය වෙත නිකුත් කිරීමත් නිසා නිලධාරීන් අපහසුතාවයට පත් වන බවට ඔවුන් දුක් ගැනවිලි ඉදිරිපත් කොට තිබේ.

ඒ අනුව දෙපාර්ශවයටම ගැටළුවක් නොවන අාකාරයට මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ජනපති ලේකම්වරයා සැලසුම් කර ඇති අතර ඉදිරියේදී එය සකස් කිරීමෙන් පසු සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරනු ඇත.



අදහස් (2)

කෝප්,කෝපා යන රජයේ නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

SAM Saturday, 01 July 2023 06:57 AM

මෙම කමිටුවලට පැමිණෙන නිලධාරීන්ගෙන් බොහෝ දෙනෙකු ඊට නිසි සූදානමින් නොපැමිණෙන බව සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා නිලධාරීන් පැමිණීම සහ දූෂිත දේශපාලකයින් විසින් යම් අවස්ථාවල නිලධාරීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව නොදීම පාලනක් නොව දූෂිත නිලධාරීන් සහ දේශපාලකයින් දෙපාර්ශවයම ගෙන්වීමට විශ්‍රාම ගත් චෝදනා නොමැති විනිසුරුවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න. එසේ නොමැතිව දූෂිත කණඩායම් දෙකක් එක්ව ඔවුනොවුන් චෝදනා කරගැනීමක් මිස විසඳුම් ලැබෙනුයේ නැත. මෙම COPA සහ COPE කමිටු පිළිබඳව මහජන ප්‍රසාදයක් ලබාගැනීමට සහ විශ්වාසයක් ඇතිවීමට නම් විශ්‍රාමගත් චෝදනා නොමැති විනිසුරුවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න...

:       0       1

පුරවැසියෙක්.... Saturday, 01 July 2023 09:06 AM

කෝප් සහ කෝපා කමිටු දෙකම විහිළුවක් බවට පුරවැසියන් වන අපට පෙනී ගොස් ඇත. මන්ද කමිටුවල සභාපති ඇතුලු සාමාජිකයින් විසින් අසන ප්‍රශ්නවලට ආයතන නියෝජනය කරමින් පැමිණෙන නිලධාරීන් විසින් ගැලවීමට උත්තර දෙන ආකාරයක් පෙනෙන්නට ඇති බැවිනි. රටේ ජනතා මුදල් අවභාවිතා කළ නිලධාරීන් වෙතොත් ඔවුන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල කෝප් සහ කෝප් කමිටුවලට ලබා දීමක් විය යුතු බව පුරවැසියන් වන අපගේ හැඟීමයි. නැත්නම් ඔය කමිටු රැස්වීම්වලට සහභාගි වනඅය සඳහා ලබාදෙන "කේක් කෑල්ලට සහ තේ කෝප්පය" වෙනුවෙන් ජනතා මුදල් වැයකිරීමද රටට තවත් පාඩුවකි. අපරාධයකි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 153 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 219 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 762 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 566 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1310 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site