IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කෝප් කමිටුව හමුවට යන ක්‍රිකට් නිලධාරීන් කවුරුන්ද

(දමින්ද විජේසූරිය)


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හෙට (6 වැනිදා) කෝප් කමිටුව හමුවට කැඳවා ඇතත් හෙට දිනයේ කෝප් කමිටුව හමුවට යන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. මැයි මස 20 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පස්දෙනකුගෙන් යුත් කළමණාකරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා පසුගිය සිකුරාදා පියවර ගැනීම ඊට හේතුව වී තිබේ. 

මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් කළ විමසීමකදී සභාපතිවරයා පැවසූයේ තමන් දැනුම් දීම කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා බවයි. 

“අපිට තියෙන්නේ අදාළ ගණන් ගැනීමේ නිලධාරියා වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට දිනය සහ කාරණාව සම්බන්ධයෙන් දැනුම් දීමයි. ඒත් කෝප් කමිටුව හමුවට පැමිණෙන්නේ කොයි නිලධාරීන් ද කියන එක අමාත්‍යංශ නිලධාරියා තෝරා ගනීවි” යයි මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය. 

මේ අතර හෙට පැවැත්වෙන කෝප් කමිටු රැස්වීමට යා යුත්තේ හිටපු නිලධාරීන් වන තමන්ද නැතහොත් අලුතෙන් පත්කරන ලද කළමණාකරණ කමිටුවේ නිලධාරීන් ද යන්න විමසා නිසි දැනුම් දීමක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරී මණ්ඩලය මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද ඉහළම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. එම ලිපියේ පිටපතක් කෝප් කමිටුව වෙත යවා ඇතැයිද කියැවේ. 

කෝප් කමිටුව විසින්, පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන ලද අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබිණ. පසුව ඔවුනට දැනුම් දුන්නේ සූදානම් වී නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බවයි. 

පෙබරවාරි 11 වැනිදා කෝප් කමිටුව හමුවට ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයයි. එහෙත් පසුගිය 02 වැනිදා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද නව කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා වන්නේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාය. ක්‍රීඩා අධක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ, උචිත වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු නව ක්‍රිකට් කළමණාකරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. 

කෝප් කමිටුව විසින් අප්‍රේල් මාසයේදී රාජ්‍ය ආයතන හතරක් (04) කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා කෝප් කමිටුව විසින් විමර්ශනය කරනු ලැබීමට නියමිතය.

 



අදහස් (0)

කෝප් කමිටුව හමුවට යන ක්‍රිකට් නිලධාරීන් කවුරුන්ද

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 167 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 184 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 24 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 694 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 383 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 176 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site