IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් ඉවතට

(සුජිත් හේවාජුලිගේ )

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ  විමර්ශන කටයුතුවලින්  ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ  සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ  මූලිකත්වයෙන් පැවැත්වීමටද එහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු  කමිටු සාමාජිකයන් සමග  සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටද  කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබුණද  එය කල් යන ලකුණු පහළව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කෝප් කමිටුවේ සභාපතිවරයා සභාපතිවරයාට එරෙහිව එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුද අත්සන් කළ යුතු බව  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ.

එසේම විශ්වාසභංග යෝජනාවක් සම්මත කළද කෝප් කමිටු සභාපතිවරයා ඉවත් කළ හැක්කේ එම යෝජනාව සම්මතවීමෙන් වසරකට පසුව බවද  පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ  යැයි  පාර්ලිමේන්තු  නිලධාරියෙක් පැවැසීය.

මේ හේතුවෙන් මේ අවස්ථාවේදී විශ්වාසභංග ගෙන ඒමෙන් ප්‍රතිඵලදායී නොවන බව නීති විශාරදයන් සමගි ජන බලවේගය පක්ෂයට පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත

කෝප් කමිටුවේ  සභාපතිවරයා  සහ  ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින්  ඔහු  එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින්  වහාම  ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දුන්හ.

ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී   එකඟත්වයට පැමිණ ඇත.



අදහස් (14)

කෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් ඉවතට

විජේ Saturday, 25 November 2023 11:06 AM

අතකොලුවා...!

:       0       38

Amal Saturday, 25 November 2023 11:45 AM

සභාපති මහාචාර්ය මාරු කරල වැඩක් නෑ , මේකව ‌ප්‍රසිද්ධ තැනකට ගෙනැවිත් තණකොල කවන්න ඕනේ !!! අද නීතිය කැලෑ නීතියටත් පල්ලෙහාට ඇවිල්ලා...!!!

:       0       53

Nimal Saturday, 25 November 2023 12:47 PM

මෙයාව කෝප් කමිටුවෙන්ම ඉවත්කරන්න.

:       0       40

Janahitha Saturday, 25 November 2023 01:19 PM

නේටෝ කමිටුවලින් ජනතා අභිප්‍රායන් ඉටු නොවේ.. මේවා වංචාවල් ගැන කතා කර එකිනෙකාට ආරක්ෂාව සලසා ගන්නා කමිටු...

:       0       30

Rata Perata Saturday, 25 November 2023 02:11 PM

මේ වගේ අයට දෙන්න ඕනෙ දඬුවම් ළඟදීම ලැබෙයි... එතකන් නටපල්ලා...

:       0       21

Shantha - Qatar Saturday, 25 November 2023 02:40 PM

කිසිම චාරයක් නැහැ... රඟපෑම් දැක්කා පහුගිය කෝප් කමිටුවේදී... මුදලට නැවෙනවා...!

:       0       22

Jude perera Saturday, 25 November 2023 03:27 PM

දඬුවම් පැමිණවිය යුතුයි.

:       0       20

Bamunuarachchi Saturday, 25 November 2023 04:16 PM

කෝප් ලොක්කා ක්‍රිකට් පරීක්ෂණයෙන් පමණක් නොව කෝප් සභාපති ධුරයෙන්ම ඉවත් කරන්න. පක්ෂග්‍රාහි දූෂිතයි කියලා දැනගත්තාම ඒක එක් විෂයකට පමණක් නොවෙයි, මුළුචරිතයටම අදාලයි. මිනිහෙක් එකදෙයකට පමණක් දුෂිත වෙන්නේ නැහැ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා Once a thief always a thief කියලා. ඔවැනි කියමන් හදලා තිබෙන්නේ මේවගේ පට්ට හොරුන්ට. මෙයා ගැන කිසිම විශ්වාසයක් ජනතාවට නැහැ. මෙයාව රකින රජය ගැනත් විශ්වාසයක් අපිට නැහැ. ලබන සැරේ තොලෙන්චි වෙනවා ෂුවර්. ඊළඟට ජනතාවට රටේ බලය දෙන්න කෙනෙක් නැහැ.

:       0       26

Prabha Saturday, 25 November 2023 05:44 PM

වංචා, දූෂණ කළාම දඬුවම් නොදී සිථාන මාරු දෙන කමිටු වලින් ඉවත් කරන ලෝකයේ තියෙන එකම රට...

:       0       14

රාලහාමි Saturday, 25 November 2023 06:30 PM

එතකොට මෙයාට එල්ලවුණු අර... "අවුරුදු 70 ක් වයස ගෑණු ළමයෙක්ට " මොනවාද කළා කියලා තියෙන චෝදනාවට වරද කරුද?

:       0       12

sudaSaturday, 25 November 2023 07:45 PM

තට්ටයා වැඩකාරයා... අනිවාර්යයෙන්ම ඒ වැඩේ කරන්න ඇති. මෙයාට වයස ප්‍රශ්නයක් නැහැ... ඉතිරි ටික හොඳ නම්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න අයට නහයක් නැහැනේ... නහය තියෙනවා නම් කොහොමද ජරාව කන්නේ...?

:       0       11

Bamunuarachchi Saturday, 25 November 2023 08:25 PM

අයියෝ රාළහාමි... ඒක චෝදනාවක් පමණයි. තාම ඒක විභාග කරලා නැහැ. ඔවුන් ඔක්කෝම යාළුවෝ නිසා ඔප්පු වෙයි කියලා සැකයි. හැබැයි ඒක ඔප්පු වුනොත් ආත්මේම ඉවරයි. ගෙදර උන්දෑම හයිය කඹයක් දීලා බාල්කයත් පෙන්නාවි...!

:       0       10

Navi Saturday, 25 November 2023 11:21 PM

පාර්ලිමේන්තුවෙනුත් මේ බූරුවා එළවන්න. ඔහු ශ්‍රී ලංකා බුද්ධිමතුන්ට සහ උගතුන්ට නිගාවකි

:       0       0

වීරසේන Sunday, 26 November 2023 02:39 PM

ඇයි මෙතුමාට "තට්ටයා" කියලා නින්ද අපහාස කරන්නේ. මෙතුමා ලොකු වරදක් කරලා නැහැනේ. මෙතුමා වටපිට බල බලා කට ඇගිල්ලෙන් වහලා තියෙන්නේ කෑ ගහන්න එපා කියලා.අනික මෙතුමා මහාචාර්ය වරයෙක්. ඒ වගේ උගත් , බුද්ධිමත් කෙනෙක් හොර, බොරු කරයි කියලා හිතන්න අමාරුයි. උගත් කියන්නේ ඒකනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1524 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1655 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 100 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 984 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 418 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1417 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39493 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25731 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site