(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)සභාපති ධූරය සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට එම කමිටුව ඒකමතිකව තීරණය කර ඇත..
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණ. නව සභාපතිවරයා තෝරා ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
මේ අතර කෝපා කමිටුවේ සභාපතිධූරය කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
කෝපා කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත්කරනු ලැබූහ. එම නාම නාමලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
විවිධ කඹ ඇදීම් හේතුවෙන් කෝපා සහ කෝප් කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවිය.
මේ අතර කෝප් කමිටුවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම අද (5) පැවැත්වෙන එහි පළමු රැස්වීමේදී කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝපා සභාපති කබීර් හෂීම්
podi manike Wednesday, 05 October 2022 12:36 PM
මෙයත් ඇමැතිකම් ගන්න රනිල් ගාවට පනින්න බලන් හිටපු කෙනෙක් කියලා හැමෝම දන්නවා.
පුරවැසියා Wednesday, 05 October 2022 01:03 PM
මෙයාත් යහපාලනේ හිටපු වැඩ බැරි ටාසන් කෙනෙක් වුණාට හොඳම හොර වැඩ තමයි තියෙන්නේ...
fairoos Wednesday, 05 October 2022 02:15 PM
ඉතාම හොඳයි.. දැන් ඉතින් බයියන්ට බඩේලිය යන්න පටන් ගනියි...!
BamunuarachchiThursday, 06 October 2022 07:00 AM
මේක තමයි බමුණුආරච්චි කියන රට හම්බකරණය වීම.
BamunuarachchiThursday, 06 October 2022 07:01 AM
මෙයා චරිත හේරත් මහතාගේ වාතයක් වටින්නේ නැහැ.
BamunuarachchiThursday, 06 October 2022 07:02 AM
මේක තමයි බමුණුආරච්චි කියන රට හම්බකරණය වීම.
Saththaya Wednesday, 05 October 2022 10:33 PM
ආයේ හයි වේ හදන්න පටන් ගනියිද දන්නේ නැහැ ,