IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘කාබනික පොහොර නිෂ්පාදනයට සිරකරුවන් යොදාගන්නවා‘‘

(සුජිත් හේවාජුලිගේ )

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සිරකරුවන් යොදා ගැනීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

මෙම  කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල  මඩකළපුව  බන්ධනාගාරයෙන්  හෙට (26)අරඹන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය මඩකළපුව  බන්ධනාගාරයෙන් අද ඇරඹෙන්නේ නියම නියමු ව්‍යාපෘතියක් හැටියට යැයි කී  ලොහාන් රත්වත්තේ මහතා එම වැඩපිළිවෙල ඉතාම කෙටි කලකදී සෙසු බන්ධනාගාරවලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව  කීවේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ  මූලිකත්වයෙන් මෙම  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මඩකළපු බන්ධනාගාරයේදී   කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළ  අද ආරම්භ කිරීමේ උත්සවයට  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද  බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීහුද සහභාගී වෙති.



අදහස් (4)

‘‘කාබනික පොහොර නිෂ්පාදනයට සිරකරුවන් යොදාගන්නවා‘‘

sampath Friday, 25 June 2021 03:32 PM

මේක ප්‍රායෝගික නැද්ද මම නම් දන්නේ නැ කෙසේ වෙතත් සිරකරුවන් රටට මහ බරක්

:       0       9

Waruna Friday, 25 June 2021 05:51 PM

ඊට වඩා බරක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය. ඒ කට්ටිය ඔය පොහොර වැඩ වලට ගන්න බැරිද ?

:       0       0

ඇඩ්මොන් Friday, 25 June 2021 06:29 PM

හලෝ ඒමද ඔහේ හිතන්නේ...?

:       0       0

සෙනෙවිරත්න Friday, 25 June 2021 06:13 PM

මෙහෙමත් විසඳුම්? රටක අනාගතය, රටක සාගිනි හා සම්බන්ධ තීරණාත්මක කටයුත්තක්, මේ වගේ පැලැස්තර විසඳුම් හරියනවද? රජරට, රුහුණු, නැගෙනහිර ගොවිබිම්, තේ වගාවට කොපමණ පොහොර යනවද? අයියෝ අපට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 564 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 762 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 249 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 642 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 645 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 662 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site