IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘කාබනික පොහොර හදන්න යන්ත්‍ර සූත්‍ර මෙරටදී හදන්න‘‘

(සුජිත් හේවාජුලිගේ )

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන ලෙසත්  මෙරටදී නිපද විය හැකි යන්ත්‍ර සූත්‍ර වේ නම් ඒවා  රජයේ කර්මාන්ත ශාලාව හා යුද හමුදා ඉංජිනේරු බලකාය මාර්ගයෙන් නිෂ්පාදනය කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහ කන්නයට  අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම්  කිරීමට වැඩපිළිවෙළක් යොදන ලෙසද ජනාධිපතිවරයා  මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්  හා නිලධාරීන්  සමග පැවති ඊයේ (2 ) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදු කිරීම කෙරෙහි ජනපතිවරයාගේ අවධානය මෙහිදී යොමු විය .

එම පළාත් පාලන ආයතන වලට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගන්නා ලෙසත් ඊට සමෘද්ධිලාභීන් දායක කර ගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනඟා ගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

ගොවියාට හිඟයකින් තොරව කාබනික පොහොර ලබාදීම අනිවාර්ය බවද රාජපක්ෂ මහතා කීය .

කාබනික පොහොර සම්පූර්ණ ප්‍රමාණය මෙරට දී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් යම් අඩුවක් සිදු වුවහොත් රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

පස පරික්ෂා කිරීමෙන් පසු ගොවීන්ට අවශ්‍ය කාබනික පෝර නිකුත් කරන බවත්පස පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන්ගොවීන් දැනුවත් කිරීම සඳහා මුද්‍රිත උපදෙස් මාලාවක් ලබා දීමට ද මෙහිදී තීරණය විය.

පසු පරික්ෂා කිරීමේ උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිල වශයෙන් භාර දීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය .

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම්  ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරු ද  කෘෂිකර්ම අමාත්‍යාංශය හා රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ .

 



අදහස් (12)

‘‘කාබනික පොහොර හදන්න යන්ත්‍ර සූත්‍ර මෙරටදී හදන්න‘‘

අප්පුහාමි Thursday, 03 June 2021 11:40 AM

ජයවේවා!!!

:       0       0

Rata Perata Thursday, 03 June 2021 12:57 PM

මේ මනුස්සයාගේ කඳ අපේ රටේ තිබුණාට තාම ඔලුව තියෙන්නේ ඇමෙරිකාවෙද කොහේද?

:       0       1

fairoos Thursday, 03 June 2021 01:13 PM

හම්බවෙයි ...!!! 2030 මහකන්නයට වෙන්න ඇති...

:       0       1

Sri Lanka Thursday, 03 June 2021 04:24 PM

කරනවා නම් මේඩ් ඉන් ශ්‍රී ලංකා විතරයි. නැතිනම් අර ඉස්පිරිතාල වගේ තමයි වෙන්නේ. ඇඳ විතරක් ලංකාවේ. අනික් සේරම පිටරටින්... අන්තිමට හොයලා බැලුවාම ඇඳවල් හදපු යකඩ පිටරටින් ගෙනාපුවා...

:       0       1

Ratne Thursday, 03 June 2021 05:50 PM

අවශ්‍ය උපකරණ ආනයනය කර හෝ රට තුළ නිශ්පාදනය කර කාබනික පොහොර සකස් කරන ගොවීන් වෙත ලැබෙනතෙක්, මේ වන විට සිටුවා ඇති පැල ගලවා තබා ගැනීමට ශීතකරණ පහසුුුකම් ගොවීමහතුන්ට ලබා දුන්නොත් මොකද ?

:       0       2

Asha Friday, 04 June 2021 12:41 AM

හොද ක්‍රියාවක්

:       1       0

Puppa Friday, 04 June 2021 01:58 AM

බුද්ධියක්, දැක්මක්, දුර පෙනෙන මනසක්, නැති මනුස්සයෙක්. මේ දක්වා කරන ලද කටයුතු.., මෙම කියමන සනාථ කරනවා.

:       0       3

සූත්තරපුංචාFriday, 04 June 2021 11:07 AM

මැෂින් හැදුවට අමුද්‍රව්‍ය ගැන කියලා නැහැනේ. අමුද්‍රව්‍ය කොටසක් දියවන්නාවේ පට්ටියෙනුත් ගම් මට්ටමේ පට්ටිවලිනුත් (මොරටුව වැනි) ගත්තා නම් නරකයිද?

:       0       1

Nihal Friday, 04 June 2021 03:28 AM

පරීක්ෂණ කරලා හදනකොට කොපමණ කල් යාවිද දන්නේ නැහැ ජනාධිපතිතුමනි..,

:       0       3

P. C. Peiris Friday, 04 June 2021 03:51 AM

ඉතා හොඳ මුල්පිරීමක්..!!!

:       3       0

Sri Lanka Friday, 04 June 2021 07:21 AM

ගොඩක් මාධ්‍යවලින් අපගේ අදහස් සොරාගන්නවා ප්‍රචාරය කරන්න. මේ ගැන හොයලා බලන්න. මේක නොවෙයි අපි බලාපොරොත්තු නොවන මාධ්‍ය නිදහස.

:       3       1

de silva Friday, 04 June 2021 03:42 PM

කවුද හදන්නේ..? කොහොමද හදන්නේ? කවද්ද හදන්නේ? කටින් කියන්න ලේසියි. ඕවා කරන්නේ කොහොමද? මේ කොරෝනා අස්සේ රට අගුලු දාලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 280 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 552 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1328 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1884 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 445 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 374 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 38 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site