IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කැබිනට් ඇමැතිවරු හතරකට තව පැය කීපයකින් අමාත්‍යංශ මාරුවක්

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකුගේ විෂයපථයන් තව පැය කීපයකින් වෙනස් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති වශයෙන් ද, ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති වශයෙන් ද, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැති වශයෙන් ද කෙහළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමැති වශයෙන් ද දිවුරුමු දීමට සියල්ල සූදානම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග කිියයි.



අදහස් (20)

කැබිනට් ඇමැතිවරු හතරකට තව පැය කීපයකින් අමාත්‍යංශ මාරුවක්

Nuwa Monday, 16 August 2021 10:22 AM

කිව්වා කියලා මතක තියාගන්න. අනාගතේ දවසක ඇෆ්ගනිස්තානේ තලේබාන්වරුන්ගෙන් ණයක් ගත්තා කිව්වොත් පුදුම වෙන්න එපා.

:       0       55

Nandun Monday, 16 August 2021 10:40 AM

අතීසාරයට අමුඩය ගැසීමක් වැනිය.. ​

:       0       35

පිටිගල මිලානෝ Monday, 16 August 2021 10:50 AM

සාරිවල, සාටකවල එල්ලී දිනේෂ් පැමිණි දුර...

:       0       33

රශ්මි Monday, 16 August 2021 10:59 AM

කාඩ් කුට්ටම අනනවා වගේ තමයි. මේ ඔක්කොම එකම ඔරුවේ. ඔක්කොම වැඩ බැරි දාසලා....

:       0       33

Ruhunu Monday, 16 August 2021 11:07 AM

පඹයින් ටිකකට ඇඳුම් මාරු කරා කියලා හිතාගනිමු...

:       0       38

Dhammika Monday, 16 August 2021 11:12 AM

ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ.., මේ අය එහෙට මෙහෙට මාරු කරනවා. වැඩ බාරගන්න දවසට තියෙන උත්සවේ වියදමට හරියන්නවත් වැඩ කරන්නේ නෑ. අහෝ... අප රටට ගිය කලක්...

:       0       31

Bamunuarachchi Monday, 16 August 2021 11:37 AM

හොඳ තීරණයක් අපේ වාසනාව

:       16       5

anaMonday, 16 August 2021 12:22 PM

හොද ඩොක්ටර් කෙනෙක් හමුවන්න.

:       0       8

වර්ණකුලසූරියMonday, 16 August 2021 12:43 PM

මාරුව වාසනාවන්ත වන්නේ නම් මාරුවට පෙර අප ගත කර ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයක් බව පිළිගැනීමට සිදුවෙනවා. සමහර අය තමන් කුලියට කඩේ ගිය බවට තමන්ම ඔප්පු කරන අවස්ථාද නැතුවාම නොවේ.

:       0       4

naushiMonday, 16 August 2021 01:11 PM

සර්ට අමතරව බමුණු උන්නැහේ පිස්සු දොඩවනවා.

:       1       7

pappa Monday, 16 August 2021 11:54 AM

දිනේෂ් සහ ජී.එල් මහලු බැවින් විවේකාගාරයකට යා යුතුය.

:       2       17

casmir Monday, 16 August 2021 11:54 AM

මොන කණ්ඩායමක්ද .... ලංකාව තුළ හොඳින් අධ්‍යාපනය ලැබූ පුරවැසියන් කණ්ඩායමක් සිටින නමුත් ඔවුන්ට රටේ අනාගතය සඳහා දායක වීමට අවස්ථාවක් නොමැත. මෙම නිබන්ධන කණ්ඩායම වැඩිහිටි නිවාස වෙත යා යුතු අතර කිසිදු වගකීමක් භාර නොගත යුතුය. මොන විහිළුවක්ද අපේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තෙන්ම කණගාටුයි

:       2       14

Nuwan Monday, 16 August 2021 11:56 AM

දේවාලේ කපුවෝ ටික ගෙදර යවලා කෙලින්ම දෙවියන්ට බැරිද දන්නේ නැහැ රට පාලනය කරන්න එන්න ?

:       0       13

Jayasena Monday, 16 August 2021 12:08 PM

ඔවුන් 4 දෙනාම මේ වන විට සිටින්නේ උසස් රජයේ තනතුරු වල නොව වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයේ ය. ආගම සහ ජාතිවාදී දෘෂ්ටිය නිසා අන්ධභාවයට පත් වූ අවාසනාවන්ත මිනිසුන් ශ්‍රී ලාංකිකයන් ය. සැබෑ නායකත්වයක් මතු වී යහපත් අනාගතයක් සඳහා මඟ පෑදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

:       1       8

ganegoda Monday, 16 August 2021 12:09 PM

ඔය කොට්ට මරුවෙන්ම පේනවා දැන් ආණ්ඩුව කොහෙද තියෙන්නේ කියලා .තියනවද ?

:       0       5

marikkar Monday, 16 August 2021 12:18 PM

ගැසට් නිවේදන නිකුත් කිරීම සහ නැවත කැඳවීම වැනි මෙය තවත් අසාර්ථක ප්‍රවේශයකි.

:       0       5

jaye Monday, 16 August 2021 12:28 PM

අතීසාරෙට අමුඩ ගැසීමක් වගේ, එකම කුට්ටමේ තමයි....

:       0       3

ලලිත් එම් Monday, 16 August 2021 12:58 PM

අති සාර්ථක වෙනසක්. තමන්ගේ අභිමතය ප්‍රකාශ කරවන්න පුලුවන් අයට තමා බරපතල වැඩ භාරදෙන්නේ. ජරාජීර්ණ මහල්ලන් සහ කියන ඕනෑම දෙයක් ලජ්ජා නැතිව කියන කරන අයට තැන. නියම බුද්ධිමතුන් අතුගාන වැඩකට.

:       0       3

වර්ණකුලසූරිය Monday, 16 August 2021 01:10 PM

විදුලිබල අමාත්‍යධුරය කොමිස් ලැබීමේ වාසනාව ඇති ධුරයක් ලෙසයි සළකන්නේ... කවර පක්ෂයක වුණත් ඩලස් අලහප්පෙරුම මහතාව ජනතාව පිළිගන්නා සහ විශ්වාස කරන පැත්තක් තියෙනවා. එක් එක් පක්ෂයේ මැතිවරණ වියදම් බලනකොට රටේ සත්‍ය තත්වය කාටත් පෙනෙන්නට තිබෙනවා. ගරානාවලට ගැළපෙන ඇමැතිවරු අදාළ ස්ථානගත කිරීමක් ගැන සැක සිතීමට අපට සිදුවෙනවා...

:       0       8

sampath Monday, 16 August 2021 09:53 PM

මේ අය පහුගිය කාලේ කරපු වැඩ ලැයිස්තුගත කරලා බලන්න. දැනෙන යමක් කරලා තිබේද නැද්ද කියල. එතකොට මේ අයගේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ,මැතිවරණයේදීම ඇමති වරු සඳහාත් කතිරයක් ගහන්න තැනක් හැදුවනම් හොඳයි. එතකොට ජනතාවමයි ඇමතිවරු තොරන්නෙත් .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 42 0

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 451 2

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ කස්සප නාහිමිගෙන් කෝටියක්
2024 නොවැම්බර් මස 07 392 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 658 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 939 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 55 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1386 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site