(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැබිනට් මණ්ඩලය පත් වන දිනයක් ගැන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කැබිනට් මණ්ඩලයක් පත්නොකර පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වීමට ඉඩ දිය නොහැකි බව කී අනුර දිසානායක මහතා මෙි නිසා මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ගෙන් ඇසිය යුතු වාචික ප්‍රශ්න දිගින් දිගටම කල් දමමින් සිටින බවද කීය.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැබිනට් මණ්ඩලය පත් කරන දිනය වහා කියන්න
nimal Wednesday, 18 May 2022 10:55 AM
කැබිනට් මණ්ඩලයක් පත්නොකර පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල වීමට ඉඩ දිය නොහැකි නම් නැවත කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ජාතික ජන බලවේගයේ පිරිසක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන්න...!
කිරි පුතා Wednesday, 18 May 2022 10:59 AM
මෙයාට තමයි නිර්පාක්ෂික හනුමන්තා කියන්නේ. මොන ආණ්ඩු ආවත් වෘත්තිය සමිති හරහා , අන්තරේ හරහා රටම ගිනි තියන්න, රටම අගාධයට අදින්න මෙයාලා කැපවෙලා ඉන්නවා...
සෑම් Wednesday, 18 May 2022 11:34 AM
කිරි පුතා නෙමෙයි ගොම පුතා...!
mpWednesday, 18 May 2022 11:34 AM
මසුරන් වටිනා කතාවක්. මේ ජේවීපී කාරයින් හැමදාමත් මෙහෙමයි. හැමතිස්සේම පවතින ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නම තමයි බලන්නේ. කුහක ජාතියක්. මේ අය 1977 සහ 1980 කාලයේදී කළවැඩ අමතකද දන්නේ නැහැ. මිනිස්සුන්ට කොතරම් කරදර කළාද? එපා කරපු බකපණ්ඩිතයින් තමයි. දන්න දෙයකුත් නැහැ. කතාව විතරයි...!
ShyamWednesday, 18 May 2022 11:52 AM
කිරි පුතා, mp වගේ අය නිසා තමයි බන් මුළු රටම දුක් විඳින්නේ...!
සෑම් Wednesday, 18 May 2022 12:04 PM
තවත් කෙනෙක්..!
Hafeel Wednesday, 18 May 2022 12:05 PM
එහෙමනම් ඇයි ජනාධිපති ඔහුට වැරදුණා කියලා කියන්නේ? පොහොර තීන්දුව සහ IMF යන එක ප්‍රමාද වුණේත් ඔහු ගත්තු වැරදි තීන්දු කියලා කිව්වාට පසුවත් ඇයි ජවීපෙ එකට දොස් කියන්නේ?
mp Wednesday, 18 May 2022 01:06 PM
තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වරදක් නොවේ. එහෙත් මෙහි අදහස් පළකර ඇති අයට එරෙහිව ඔවුන්ගේ අදහස් විවේචනය කිරීම පහත් ක්‍රියාවකි. කරුණාකර අනුන්ගේ අදහස්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න...!
Less Wednesday, 18 May 2022 02:04 PM
අනුර මහත්තයාට හරි අමාරුයි වගේ කැබිනට් එක නැතිව. ඇයි ඉතින් කට්ටිය පිරිලා ඉන්න කොට ඇස් දෙක දල්වාගෙන අනුන්ට මඩ ගහන කතා කියන්නයි, කිසිම හරයක් නැති කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා අර එළියේ බලාගෙන ඉන්න අහිංසක ශිෂ්‍යයින්ට එයාගේ දැනුම පෙන්නන්නයි පුළුවන්නේ.
Vino Wednesday, 18 May 2022 02:30 PM
ඔහුගේ පාක්ෂිකයෙක් නූනත් කතාව ඇත්ත. වැඩකට නැති පාර්ලිමේන්තු රැස්වීම්වලට රටේ ධනය වැය නොකළ යුතුයි..
චන්දන Wednesday, 18 May 2022 02:53 PM
මෙයාට ප්‍රශ්නය තියෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යාම. අපිට තියෙන ප්‍රශ්නය ඇමති නැති වුණාම අමාත්‍යාංශ වල ප්‍රශ්න නොවිසඳීම...
More Wednesday, 18 May 2022 03:10 PM
කයිවාරුව විතරයි. රට ගිනි තියන්නයි, උද්ඝෝෂණ කරන්නයි විතරයි දන්නේ... අඩුගානේ ඇමැතිකමක්වත් ඉල්ලගෙන රටට සේවය කරන්න හිතුවද?
John Wednesday, 18 May 2022 04:17 PM
මොහුවත් අත්තඩංගුවට ගත යුතුයි... රටේ තරුණ දරුවන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කරන වරදට..!
Lalith M Wednesday, 18 May 2022 05:56 PM
තමන්ට බැරි දේ පුළුවන් කෙනෙකුට කරන්න දීලා කලක් නිහඬව සිටීම ශරීරයට හිතකරයි නේද?
SUNIL MILANO Wednesday, 18 May 2022 06:47 PM
මේ අයට තියෙන්නේ රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න නෙවෙයි. කැබිනට් එකක් නැති ප්‍රශ්නයක්.. නූගත්කම නම් කතාවෙන්ම පේනවා. මේ දවස්වල ජෙප්පන්ගේ සාක්කු පිරිලා තියෙන්නේ... ඩොලර්වලින්. අනුන්ගේ දුකක් හඳුනන්නේ නැහැ...
Bamunuarachchi Thursday, 19 May 2022 09:18 AM
ඇයි මොකද හදිස්සිය? ජනතාවට එතරම් හදිස්සියක් නැහැ. තෙල්, පොහොර, බෙහෙත්, පිටි, ගැස් ලැබෙනවානම් ගෙදර කැබිනට්ටුව ගෙනත් තියා ගත්තත් අපිට කමක් නැහැ.