IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කැබ්රියැදුරා ජීවිතයක් උදුරා ගනී

(දෙනගම  යසන්ත ආරියසේන)

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක වන කේ.ආර් අමරාවතී යන අය මෙසේ මියගොස් ඇති අතර ඇයගේ දියණියක් වන විසි හතර හැවිරිදි පස් මස් ගැබිණියක බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල කරුවන් අතර සිටින යතරු පැදි කරුවකු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ කැබ් රථයේ රියදුරු  මාතර පුද්ගලික රෝහලකට ඇතුලත් ඇත.

මියගිය කාන්තාවගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක් පෙරලී අනතුරක් සිදුව ඇති අතර යතුරු පැදිය එසවිම සදහා කාන්තාව උදව්කර නිවසේ ගේට්ටුව අසලට පැමිණ තම දියනිය සමග ඉන්නා විටදි වේගයෙන් පැමිණි කැබිරථය දෙදෙනාගේ ගැටි ඉදිරියට ඇදිගොස්  තාප්පයක ගැටි නතර වු බව ප්‍රදේශවාසීහු පවසති.



අදහස් (7)

කැබ්රියැදුරා ජීවිතයක් උදුරා ගනී

kamal Thursday, 07 October 2021 11:51 AM

තව තවත් වාහන පිටරටින් ගේන්න .ඉන්න එවුන්ට හරියට වාහන එලවන්න පුරුදු පුහුණු කරවන්න එපා

:       3       8

පැරකුම්Thursday, 07 October 2021 12:42 PM

මෙවැනි එියදුරන්ට එරෙහිව තදබල දඞුවම් දියහැකි පරිදි නීති සංශෝධනය කල යුතුය.

:       2       8

SUNIL MILANO Thursday, 07 October 2021 12:06 PM

මේ නොමනා රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා කොතරම් අහිංසක ජීවිත නැති වෙනවාද .ඔබතුමියට කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් නොම වේවා, අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා !

:       0       11

jagath Thursday, 07 October 2021 01:12 PM

විනය ගරුක රියදුරන් මනා පුහුණුව ලද රියදුරන් බිහි කිරීමට රාජ්‍ය ආයතන මීට වඩා ක්‍රමාන්විතව නීති සම්පාදනය කල යුතුයි

:       0       6

imaya Thursday, 07 October 2021 01:47 PM

මරණ දඬුවම දැම්මානම් මිනීමරු රියදුරෝ අඩු වෙනවා

:       2       6

Gunda Thursday, 07 October 2021 02:44 PM

මේ වාහන කොතරම් වේගයෙන් ගියත් පොලිසියෙන් නම් අල්ලන්නේ නැහැ .අල්ලනවා නම් අල්ලන්නේ නගරයක 50 kmph වලාට් වඩා ගියොත් විතරයි .මේ වාගේ අනතුරු පාලනය කරගන්න පොලීසියේ නිලධාරීන් වැඩි කරලා හරි වේගයෙන් යන වාහන පාලනය කිරීම අත්‍යවශ්‍යයි

:       0       7

asanka Thursday, 07 October 2021 04:28 PM

කෙනෙකුට තමන්ගේ ගෙදර ළඟවත් ඉන්න විදියක් නැහැ, මේ හරක් මිනිස්සු යට කරගෙන යනවා. මේක පුදුම රටක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 178 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1140 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 510 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 308 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2904 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2089 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site