(විමුක්ති එස් රුද්‍රිගු)
අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවැසුවේය.
සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බව මෝසම විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.
ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල විය.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
Rohana Wednesday, 08 May 2024 02:56 PM
රටේ විදේශ විනිමය අර්බුදයක් ඇතිකිරීමටත්, මුදල් අච්චුගසා රට බංකොලොත් කිරීමටත් කබ්රාල් වගකියන්න ඕනෑ...
Nimal Wednesday, 08 May 2024 03:32 PM
මොවුන්ට රටේ සල්ලි කාබාසිනියා කරන්න දෙන්නයි, රට සවාරි ගහන්නයි දෙකම දෙන්න බැහැ.
Prabha Wednesday, 08 May 2024 05:41 PM
පිටරට ගිහින් ප්‍රතිකාර ගන්න තරම් වත්කම් ලැබුණේ මොන ව්‍යාපාරය කරලාද?
Lalla Thursday, 09 May 2024 09:49 AM
සල්ලි අච්චු ගැහැව්වට උද්ධමනය වැඩි වෙන්නේ නෑ කියපු ආර්ථික විද්‍යාඥයා. විදෙස්‌ගත වෙන්නේ නව න්‍යාය ගැන දේශන වලටද දන්නේ නෑ .
fairoos Wednesday, 08 May 2024 05:42 PM
එතකොට රටින් පැනගත්තු අර්ජුන් මහේන්ද්‍රන්ව තාම අල්ලගන්න බැරිවුණා නේද?