IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලයි’’

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන වෙනම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (23) ගොනු කරන ලදී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකහි එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු නම් කරනු ලැබ සිටිති..

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවය.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මහ බැංකු  අධිපති ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිව්ඩ් කබ්රාල් පත් කිරීම , රටේ ජනතාවගේත් , තමන්ගේ අයිතිවාසිකම් කඩ වීමක් බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

එබැවින්  එම පත් කිරීම බලශූන්‍ය කරන ලෙසත්,  අජිත් නිවාඩ් කබ්රාල් මහ අධිපති ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර  සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර  හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර යන මහත්වරුන් සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (3)

“කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලයි’’

Rohana Thursday, 23 September 2021 06:40 PM

කබ්රාල් හොඳයි සහ හොඳ නැහැ කියන කණ්ඩායම් දෙකක් බිහි වෙලා .මේක පුදුම ලෝකයක්

:       1       3

LionFriday, 24 September 2021 06:19 AM

ලෝකෙ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ වගේ මත ඇතිවනවා පුද්ගලයන් ගැන. කබ්රාල් පත්වන්නෙ මෙරට වැදගත්ම නිලයකට, ඔහුගෙ පෙර කල ක්‍රියාකාරකම් නීරික්ෂනයට නිතැනින් භාජනය වෙනවා. මීට පෙර ඔහු මේ නිලය දරනවිට කල ක්‍රියා කාරකම් මෙරටට විශාල පාඩුවක් හානියක් කල බව විද්වතුන්ගේ මතයයි. අර්ථ සාදක අරමුදලෙ මුදල් ආර්තිකය කඩාවැටුනු ග්‍රිසියෙ බොන්ඩ් වල යෙදවිම, හෙජින් ගිවුසුම නිසා ලෝක වෙලඳ පලේ තෙල් බැරලය ඩොලර් 80 තියෙද්දි ඩොලර් 110 ට මිලදි ගැනීමට සිදුවීම. එවැනි කෙනෙකුට මේ මහා නිලය දීමට විරුද්ධව පෙත්සම් අධිකරනයට ගොනුකිරීම හොඳ ලක්ෂනයක්.

:       0       0

gunarathna Friday, 24 September 2021 06:53 AM

ඔහු ඉවත් කරලා මනුෂලා කෙරුවා වගේ සින්ගප්පුරුවෙන් කෙනෙක් ගෙනෙල්ලා ඔතන්ට දැම්මානම් හරිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලබලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 90 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 345 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 1083 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2398 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 333 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 842 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 258 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site