IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා

(විනීතා එම් ගමගේ)


කම්කරු මහ‍ ලේකම් කාර්යාල ‍ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පූනානි නිරෝධායන කඳවුරට යවනු ලැබ ඇත.


එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන්  මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකකෙරේ.

ආපනශාලා හිමියා පීසී ආර් පරික්ෂණයට ලක් කළ අවස්ථාවේ ඔහු ආසාදිත නැතැයි ‍හෙළිවී ඇතත් ඔහුගේ සමීපතම තැනැත්තන් ලෙස මෙම පිරිස පරික්ෂණයට ලක්කිරීමේ දී ඔවුන් ආසාදනයට ලක්ව ඇතැයි හෙළිවී යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අනුව ආසාදිතයන් ගේ සමීපතමයින් ද පීසීආර් පරික්ෂණවලට යොමු කළ බවත් මත්ස්‍ය වෙළඳපොලට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කල තැනැත්තා ද යළි පරික්ෂාවට ලක්කළ බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මේ වනවිට මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල වසා ඇති බවත් දැනට පීසීආර් පරික්ෂණ සඳහා යවා ඇති සාම්පල පිළිබඳ වාර්තා ලැබුනු පසු තවදුරටත් එම ගොඩනැගිල්ල වසා දමන්නේ ද නැද්ද යන්න ගැන තීරණ්‍යක එළැඹෙන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර වැඩ කරන ජනතාවගේ අරමුදල් ලබා ගැනීමට අයදුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලය අමතා වේලාවක් වෙන් කර ගෙන යන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.



අදහස් (1)

කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා

banda Thursday, 29 October 2020 09:15 AM

ඔය තැනින් තැන එක දෙක හමු වුනාට තාම රෝගය සමජගතවෙලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 495 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2271 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 11 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 587 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 380 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1242 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site