(විනීතා එම් ගමගේ)
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් පත් බාර දීමට නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින්නැයි කම්කරු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීම වලක්වා ගැනීමේ අරමුණ අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්වලට අදාල සියළුම කටයුතු ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාලවලට විමධ්‍යගත කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.
දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමේ පහසුකම් මේ වන විට සළස්වා ඇතැයි කී චන්ද්‍රකිර්ති මහතා අයදුම්පත්‍ර දිස්ත්‍රික් හෝ කලාප කාර්යාල වලට දීම තුළින් ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බව ද පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේ දි, මේ වන විට එම ආයතනය වසා දමා ඇත් නම් එම පුද්ගලයන් පමණක් සිය අයදුම්පත් භාරදීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
කළුතර, ගම්පහ, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, බදුල්ල, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, අනුරාධපුර, අවිස්සාවේල්ල, අම්පාර,මඩකලපුව, බදුල්ල, හලාවත, හපුතලේ, ගාල්ල, ගම්පොල, හම්බන්තොට, හැටන්, මාතර, මතුගම, මොනරාගල, මහරගම, මීගමුව,නුවරඑලිය, ජා ඇල, පානදුර දකුණ, කහවත්ත, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, පොලොන්නරුව, වව්නියාව, පුත්තලම, මාහෝ, වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි දිස්ත්‍රික්ක හා කලාප කාර්යාල වෙතින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ කටයුතු සඳහා අයදුම්පත් භාරදිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කම්කරු මහලේකම් කාර්යාලයට එන්න එපා
Suhana Silva Monday, 01 July 2024 11:38 AM
මගේ තාත්තාගේ ඊටීඑෆ් එක භාර දෙන්න ඕනේ.කම්කරු දෙපාර්තමේන්තුවෙන් භාර ගන්නෙ නැහැ ඔන්ලයින් කරන්නේ කියලා. මන් එයාගේ දුව . අපේ තාත්තාගේ ඊටීඑෆ් එක භාර දෙන්න ඕනේ කොහොමද. මට ඒකට දිනයක් දා ගන්න පුලුවන්ද ?