IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කම්කරු වැටුප ඇත්තටම වැඩි කරන හැටි විජිත කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වතු කම්කරුවන්ට 1700ක වැටුප් නියම කරමින් බොරු ගැසට් ගැසීම වතු හාම්පුතුන්ට උසාවි යන්නට සැදූ අවස්ථාවක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තටම වැඩි කළ යුතු නම් කළ යුතුව තිබෙන්නේ  අවම වේතනය පිළිබඳව පාර්ලිමේන්තු  පනතට වතු කම්කරු අවම වේතනය 1700 ක් බව සඳහන් කිරීම යැයි හේරත් මහතා කීය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බව කියමින් ගැසට් ගැසුවත් ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක වන්නේ නැතැයි ද හේරත් මහතා සඳහන් කළේය.



අදහස් (11)

කම්කරු වැටුප ඇත්තටම වැඩි කරන හැටි විජිත කියයි

Bandara Monday, 13 May 2024 02:33 PM

දළු මිල ස්ථාවරව තියෙන්නේ නෑ. පොහොර මිල වැඩියි. පිරිවැය ආවරණය වෙන්නේ නැත්තම් බොලාගේ අප්පච්චි ද පඩි ගෙවන්නේ?

:       10       34

විපුලන්තMonday, 13 May 2024 04:23 PM

සත්තකින්ම ඔව් කියන්නෙ දලුමිළ එන්න එන්නම අඩුවෙලා නිසා තමයි අපිට පෙබරවාරියේ රුපියල් 220/= ලෙසට දක්වා ප්‍රවාහනය සදහා රුපියල් 5/= අයකර තිබුනා මාර්තු මාසයේ රූපියල් 215/= ලෙසට සකසා රුපියල් 5/= ක් ප්‍රවාහනයට අයකර දුන්නා සමහර තැනක මාර්තු මාසයේ දලු සදහා රුපියල් 219/= ගෙවා අප්‍රේල් මාසයේ 200/= ගෙව්වා කියලා ආරංචියක් ලැබුනා ඉන් රුපියල් පහක් ප්‍රවාහනය සදහා අයකර ගන්නවා මෙහෙම ගියාම කම්කරු වැටුප් ගෙව්වම ඉඩම් හිමියන්ට දෙයියන්ගේම පිහිටයි (පාලකයන්ගේ පිහිටක් නැහැ )

:       3       7

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 04:45 PM

ඒක අහපං බොලාගේ අප්පච්චිගෙන්...

:       2       6

සෙනෙවිරත්න Monday, 13 May 2024 02:52 PM

විජිත ඔය කියන කතාව හරි වුණත් කියන්නේ විජිත නිසා විජිතට එරෙහි අය 88/89 කියල හිත සනසගන්න. විජිත ඔය කියන්නෙ බොරු නම් කම්කරුවන්ට මේ වනවිට රු 1700 ලැබෙන්න හෝ ලැබෙන පාටක්වත් තිබෙන බව පෙන්වන්න. කම්කරුවො එදා ඉඳල රවටන බව පිළිගන්නවා නම් මේ කතාවට එකඟ වන්න.

:       14       23

vernon Monday, 13 May 2024 03:15 PM

අවම වේතනය වතු කම්කරුවන්ට විතරක් මෙන්න මෙහෙමයි කියලා පනත මගින් දෙන්න ගියොත් අර ඕනෑම පිකට් එකක, උද්ඝෝෂණයක පිටිපස්සෙන් ඉන්න පක්ෂේ අයට රජමගුල්. ඇයි අනික් සේවකයෝ පාරට බස්සලා රට පුරා පිකට් කරවන්න හැකිනේ...?

:       10       17

සල්මල් Monday, 13 May 2024 03:33 PM

මෙයාලා ඉන්නේ හරියට ආණ්ඩුව එයාලාගේ අතේ වගේ. දැන්ම ඉදිමෙන්න එපා සහෝදරයා, පිපිරෙයි...!

:       15       24

U. P හේවගේ Monday, 13 May 2024 03:34 PM

2015 දී කම්කරු වැටුප 500යි පොහොර කොට්ටයක් 1000යි. අමු දළු කිලෝව 115.. 2024 කම්කරු වැටුප 1000-1200යි. පොහොර 11500යි. ඒත් දළු මිල 180-230 අතර අනෙකුත් වියදම් කම්කරුවන්ට තේ, පාන්, කෙටි කෑම මිල පස් ගුණයක් ඉහළ ගිහින් නෙලීම් පොහොර දැමීම් කප්පාදු කුලිය සේරම කළාම කුඩා තේ වතු හිමියන් හැමදාම අසරණයි. ඊළඟ මාසේ advance එකෙන් තමයි රෝල ගහන්න වෙලා තියෙන්නේ... පාලකයෝ සුළු ජාතික ඡන්දේ බලාගෙන කරන ගොන් වැඩ නිසා තේ කර්මාන්තය දැන් වලපල්ලට ගිහින් ඉවරයි...

:       6       18

raja Monday, 13 May 2024 03:45 PM

මුන් ඔක්කොම එකයි. වැල් බයිලා කියමින් වටේ යනවා . ඇත්තටම දිය යුතු විසඳුම ගැන එකෙක්වත් කතාකරන්නේ නැහැ. කම්කරුවන්ට 1700 ක් නෙවයි 2000ක් උනත් දෙන්න වතු හිමියෝ කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය අනුව 1700 ක් දෙන්න බැරි නිසයි . ආණ්ඩුවට පෙට්‍රල් ලීටරයක් රු 75 ට දෙන්න බැරි එහි පිරිවැය ඊට වඩා වැඩි නිසා නම් , මේ කියන අවම වැටුපටත් බලපාන්නේ ඒ න්‍යායම තමයි. ඇත්තටම කම්කරුවන්ට මේ කියන වැටුප දෙන්න නම් , තේ කිලෝවකට රු 350 ක වත් අවම මිලක් නියම කරන්න . නැති නම් වෙන්නේ වැඩි දවසක් යන්න කලින් ඔය කම්කරුවෝ ඔක්කොටොම හුලං බොන්න මොකද වතු ටික වහල දැමීම හැර විකල්පයක් වතු හිමියන්ට නැති නිසා .

:       2       23

Latha Monday, 13 May 2024 04:06 PM

වතු කම්කරුවන් පඩි මදි කියන්නේ ජීවන වියදම වැඩි හින්දා. ජීවන වියදම වැඩි රජයේ අකාර්යක්ෂම වියදම් නිසයි. ඒකට වතුහිමියන්ට කරන්න දෙයක් නැහැ. වතු කම්කරුවෝ.. විතරක් නෙවෙයි ලංකාවේ බහුතරයකට තියන ගැටළුවක් ඕක. රජයේ අනවශ්‍ය වියදම් පාලනය කළා නම් ඉබේම ජීවන වියදම අඩුවෙයි.

:       3       18

සෙනෙවිරත්න Monday, 13 May 2024 09:27 PM

මෙිකෙ සමහරු වල්ගෙ පාගගෙන, මේ කතා කරන්නෙ කුඩා තේවතු හිමියන් ගැන නොවෙයි ,වතු සමාගම් යටතේ වැඩකරන අය ගැනයි කුඩා තේ වතු හිමියන් බොහෝ විට මෙම මුදල දැනටමත් කම්කරුවන්ට ගෙවනවා,

:       2       0

Vithana Tuesday, 14 May 2024 04:53 AM

මේ කියන උදවිය නේද තේ ෆැක්ටරි හැත්ත ගානකට ගිනි තියලා වනසලා තේ දළු කඩන්න ගිය මිනිහට තහංචි දාලා තේ වගාව විනාස කලේ? දැන් පඩි වැඩි කරන හැටි කියන්නේ ඇඳුම් ඇඳගෙනද?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

පාලන මිලට සහල් දෙන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 0 0

සහල් පාලන මිලට ලබා දෙන බවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්ත කරුවන් ගේ ව්‍යාපාර සම්ප


රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 19 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 26 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 314 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 613 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 452 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site