IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ ‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කළේය.

මෙම අවස්ථාවට කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතාගේ බිරිඳ සුදර්ශනී සමරවීර මහත්මිය විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගි වූවාය.

මෙම ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ  වොලිබෝල්, පැසිපන්දු, බැඩ්මින්ටන්, දැල්පන්දු, කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ, මල්ලවපොර, වූෂූ සහ කබඩි යන ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා පහසුකම් ඇති අතර එකවර විශාල ප්‍රේක්ෂක පිරිසකට තරග නැරඹීමේ පහසුකම් ද තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතා 1996 වසරේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මියගියේය.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති සහ බටහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්ෂ ක්‍රීඩා කපිතාන් ආර්.එස්.සී.ආර්. ෆොන්සේකා, කොමාන්ඩර් පරාක්‍රම සමරවීර මහතාගේ පුතුන් වන ලුතිනන් කොමාන්ඩර් වෛද්‍ය සමිත සමරවීර සහ ලුතිනන් කොමාන්ඩර් (සැපයුම්) භාතිය සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

‘කොමාන්ඩර් පරාක්‍රම සමරවීර’ අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාතර බන්ධනාගාරය තවමත් සිරකරුවන් අතේ
2025 අප්‍රේල් මස 23 55 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධන


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 428 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1724 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 715 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 1067 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 2346 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 608 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 465 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site