IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට

 

(අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර්  මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද  ගුවන් පාලම් ව්‍යාපෘතියේ  දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණි .

දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසිනි. 

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණ.

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතියේ  නිමවීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථවාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 



අදහස් (7)

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට

Nimesh Thursday, 11 July 2024 12:26 PM

මේක කලිනුත් විවෘර්ත කරා නේද ? රනිල් තුමා ටැටූ ෂොප් එහෙම විවෘත කරන්න යන්නේ නැත්ද ?

:       13       47

Achini Thursday, 11 July 2024 12:33 PM

ජනාධිපතිවරයා පාරක් හෝ ගුවන් පාලමක් විවෘත කිරීමට පැමිණෙනවා හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා යැයි කියමින් ජාතියක් අමතනු මා දැක ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණි

:       11       55

පිටිගල මිලානෝ Thursday, 11 July 2024 12:47 PM

ඕක හැදුවේ ජනතාවගේ මුදල්වලින් .ඒ නිසා නැවත වරක් ජනතා අයිතියට පවරනවා කියලා ජනතාව අන්දවන්න එපා. තමන්ම රැවටුනු බව ඊළග මැතිවරණයෙන් තේරෙයි

:       15       50

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 01:06 PM

රනිල්ගේ හරි බන්දුලගේ පුද්ගලික ධනය යොදවලා මේක හැදුවා නම් ඔවුන්ට ඇවිල්ලා ජනතා අයිතියට පවරන්න තිබුණු නමුත් මේක හැදුවේ ජනතාවගේ බදු මුදලින් නිසා ඔය මොකෙක්වත් අවශ්‍ය නැහැ ඒක නැවත ජනතාවට පවරන්න. ටික කාලයක් නැවතිලා තිබුණ මේ රැවටිලිකාර ව්‍යාජ සංස්කෘතික අංග, නැවත පන පොවන්න මේ පිං ගොනා උත්සාහ කරනවා.

:       3       24

සෙනෙවිරත්න Thursday, 11 July 2024 03:16 PM

ඔව් මොනරවිල, අවුරුදු හැත්තෑවක් තිබිච්ච මේ දහදුරා දේශපාලන සංස්කෘතිය තමයි මේ ගෙනියන්නෙ. අපේ බදු මුදලින් හදලා, උන්ගේ නම ගහලා ටයි දාපු පොරවල් එක්ක පටිය කපලා විවෘත කරලා නැව් ටෝක් දෙනවා.

:       3       21

Rohana Kasthurii Thursday, 11 July 2024 06:57 PM

මට නම් සින්නක්කර අයිතියටවත් එපා.මේ ඇමතිතුමාගේ ඔලුව අංජබජල් ද ?

:       0       0

upul Friday, 12 July 2024 09:14 AM

පිටිගල බෝට්ටුවෙන් ඉතාලි ගියාට කොළඹ ඇවිදලා නෑ වගේ. මේක කලින් විවෘත කරපු එක නෙවෙයි මැට්ටෝ. මේක වෙන එකක්. උඹලා රට තොට මොකුත් දන්නෙ නැතුව උම්බෑ කියන්න එපා .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2528 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1684 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2425 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3333 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site