IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා

 

(අංජුල මහික වීරරත්න)

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය බාරගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ දෙවන කණ්ඩායම සඳහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදීය.

අ.පො.ස. සාමාන්‍යපෙළ සහ අ.පො.ස. උසස්පෙළ විභාග හරහා විශ්ව විද්‍යාල පද්ධතියට ප්‍රවේශ වීමට නොහැකි තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය මඟින් දැනුම සහ නිපුණතාවය ලබා දීම අත්‍යාවශ්‍ය බවත්, ඒ තුළින් ඔවුන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ලබන වසර තුලදී මෙම වෘත්තීය පුහුණුව ලත් තරුණ තරුණයින්, අනෙකුත් අමාත්‍යංශ හා සම්බන්ධ කරමින් රටේ ධනය උත්පාදනය කිරීමේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙලකට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, යොවුන් සේනාංක අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් R. M.S.P. රත්නායක, දඹුල්ල හෝටල් පුහුණු පාසලේ විදුහල්පති මේජර් M.D.B. ඉලංගසිංහ, අතිරේක අධ්‍යක්ෂක ( පාලන හා මූල්‍ය ) නීතිඥ R.නිශාන්ත පුෂ්පකුමාර, අතිරේක අධ්‍යක්ෂක ( පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

 



අදහස් (4)

කැම්පස් නොයන අයත් ආර්ථිකයේ කොටස් කරුවන් කරනවා

චමින්ද Sunday, 15 December 2024 01:44 AM

මෙතෙක් කලක් හරියාකාරව සොයාබැලීමක් නොකළ පිරිසක් ගැන කතාකරනවා අහන්න ලැබීමත් සතුටක් තමයි. මෙතෙක් එම පිරිස් සඳහා යම් යම් ආයතන තිබුණත් රටේ අනාගතය භාරගන්න හිටපු වැඩිම පිරිසක් ඒගැන කිසිම දැනුමක නැහැ. මේ නිසා තරුණසේවා නිලධාරි වගේම නිපුණතා සංවර්ධන නිලධාරි එකතුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත් අවුරුදු 26 දක්වා දරුවන් ගැන තොරතුරු එකතුකර ඔවුන්ගේ සංවර්ධනය පසු විපරමක් කිරීමටත් ඔවුන් රැකියාගත කිරීමටත් ක්‍රමවේදයක් සැකසීම අත්‍යාවශ්‍යම වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අසමත් දරුවෝ අත හිත අම්මාගෙන් කියලා හනිවරය පිටිපස්සේ ගැසූ ත්‍රීවීල් පැදවීමට යෙදීම රටේ මෙන්ම ජාතියේද අවාසනාව කියලා කියන්න පුළුවන්...!

:       21       2

Siriwardhane Sunday, 15 December 2024 01:56 PM

කැම්පස් නොගිය අය තමා රටේ බහුතරයක් ආර්ථික කටයුතු වලට සහාය වෙන්නේ... කැම්පස් ගිය අයගෙන් ලක්ෂ 10ක් විතර අන්දුව් එකතු කරන බදු සල්ලි ටිකට කෙලිනවා... මේක කියන කැම්පස් ගිය පොර මේ වෙනකන් කරපු රස්සාව මොකක්ද කියලා කිව්වා නම් හොඳයි...! 

:       3       27

Nishan Tuesday, 17 December 2024 09:50 AM

දීර්ඝ කාලීන පොරොන්දු එපා. ජනතාවට දීපු කෙටි කාලීන පොරොන්දු ඉටු කරන්න. වහාම බදු අඩු කරන්න, පඩි වැඩි කරන්න. බඩු මිල අඩු කරන්න. හොරු අල්ලලා ඔවුන්ගේ හොරා කෑ ධනය ආණ්ඩුවට පවරා ගන්න. බයිලා එපා.

:       0       0

Lasantha A Tuesday, 17 December 2024 03:34 PM

මෙයා හිතන් ඉන්නේ කැම්පස් නොගිය අය ආර්ථිකයේ කොටස්කරයෝ නොවෙයි කියලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 24 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 176 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 115 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 150 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 310 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1955 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site