IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොමියුනිස්ට් පක්ෂය නව දේශපාලන පෙළගැස්මක

(යොහාන් භාසුර)

සියලූ ජාතික සහ ජාත්‍යන්තර සාධක සැළැකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියලු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී, ප්‍රගතිශීලි වාමගාමී, බලවේගවලට නව දේශපාලන පෙළගැස්මකට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා නව දේශපාලන පෙළගැස්ම අනිවාර්යයෙන්ම අධිරාජ්‍ය විරෝධී සහ දේශප්‍රේමී එකක් වියයුතු බවත් නව ගෝලීය දේශපාලන අභියෝග හමුවේ නව නිදහස් රටවල ස්වෛරීත්වය රැකගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉස්මතු වී ඇති බවත් වීරසිංහ මහතා කීය.

එම අවශ්‍යතාව සාක්ෂාත් කරගත හැකිවන්නේ “මැද - වම” සන්ධානයකට වන අතර ඒ සඳහා අවශ්‍ය වන්නා වු සහ අදාළවන්නා වු ජාත්‍යන්තර පරිසරයක් ද නිර්මාණය වෙමින් තිබෙන බව ද කී වීරසිංහ මහතා අවම පොදු වැඩපිළිවෙළක් මත පිහිටා ආර්ථිකය ගොඩනැගීමේ ජාතික කාර්යභාරය උදෙසා අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි, වාම හා දේශප්‍රේමී බලවේගයන්ගේ පුළුල් දේශපාලන සන්ධානයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවධාරණයෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය වත්මන් ජාතික හා ගෝලීය දේශපාලන වර්ධනයන් සහ ප්‍රවනතා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවත් රට මුහුණදෙන්නා වු ගැඹුරු, ප්‍රබල හා තීරණාත්මක ආර්ථික අර්බුදය මෙන්ම රටේ ස්වෛරීත්වයට බලපා ඇති භූදේශපාලනික අභියෝගයන් ද එහි දී සැළැකිල්ලට ගත් බවත් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (5)

කොමියුනිස්ට් පක්ෂය නව දේශපාලන පෙළගැස්මක

විමල් Tuesday, 23 July 2024 05:01 PM

දොස්තර වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවේගම වැනි නායකයින්ට අවමාන වන සේ කුප්‍රකට ව්‍යාපාර කරන්නවුන්ගේ පිටිපස්සේ යමින් කොමියුනිස්ට් පක්ශය නටන නාඩගම කුමක්දැයි නොතේරේ. උග්‍ර ජාතිවාදී පාරාජිකා වූ දූශිත දේශපාලකයින් සමග අත්වැල් බැඳගත්තේ කෙසේදැයි දොස්ත්‍රර වීරසිංහට පැහැදිලි කළ හැකිදැයි නොදනිමි. ඔබට යා හැකි පැහැදිලි මාවතක් ඇස් ඉදිරිපිට තිබියදී අන්ධයින් සේ හැසිරෙන්නේ ඇයි?

:       0       0

Mahinda Tuesday, 23 July 2024 05:17 PM

මහින්ද ලංකාව චීන ණය හිර කාරයෙක් කරද්දී... මේ අය කොහේද හිටියේ... ඡන්දය ළඟ නිසා අමාරුව හැදිලා...

:       0       0

shantha Tuesday, 23 July 2024 06:09 PM

රට කාපු හැම ආණ්ඩුවකටම මුක්කුගහපු නාකි හැත්ත ,කොල්ලෝ කෙල්ලෝ මරද්දීත් නිශ්ශබ්දව ඉඳලා ...මේපාර කෙලවෙන බව දැනුනාමද වාමවාදී පෙරමුණක් හදන්න හිතුනේ ? දැන් පරක්කු වැඩියි. මුළු රටම මාලිමාවට !!!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 06:23 PM

රාජපක්ෂලට කඩේ යනකොට, රාජපක්ෂ ගුබ්බෑයමේ ලගින කොට අධිරාජ්‍යය විරෝධී වාමවාදී ප්‍රගතිශීලි බලවේගවලට කෝමාව හැදිලද හිටියේ සහෝදරයා.....

:       0       0

malasara Tuesday, 23 July 2024 08:04 PM

මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාට තම සහාය පලකිරීමට තීරණය කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 666 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1331 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 393 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 893 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 34 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2210 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35626 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site