IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


කෝමා වී සිටි අය පාස්කු වාර්තා ඉල්ලන්නේ පරීක්ෂණ වෙනතක හරවන්න

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයෙන් පසු වසර පහක් කෝමා තත්ත්වයේ සිටි අය දැන් එකවරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලන්නේ සැබෑ පරීක්ෂණ වෙන අතකට හැරවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායකදී පැවසීය.

කෝමා තත්ත්වයෙන් එක්වරම අවදි වී කෑ ගසන පුද්ගලයාගේ සැබෑ වුවමනාව පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් හඳුනාගැනීම නොව සැබෑ වරදකරුවන් සැඟවීම යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පාස්කු වරදකරුවන්ගේ කුලී කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ඉටුකරන බව බව කී ජනාධිපතිවරයා තම රජය එම බලපෑම් වලට හිර නොවී සැබෑ පරීක්ෂණය කර රටේ ජනතාවට ඇත්ත හෙළිදරව් කරන බව සඳහන් කළේය.

මෙරට පරීක්ෂණ මෙහෙයවීම සඳහා අත්දැකීම් තිබෙන අය බඳවාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා වැලලී ගිය පරීක්ෂණ විධිමත් කිරීම සඳහා අවශ්‍ය වන ආයතන පද්ධතිය සක්‍රීය කර තිබෙන බව පැවසීය.

බලය ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය මැතිරූ 2019 වසරේ ජාතිවාදය වපුරා කුරුණෑගල මහ රෝහලේ ගර්භාෂ යුද්ධයක් ගැන කතා කළ අය දැන් කලබල වී සිටින්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

කෝමා තත්වයේ සිට අවදි වූ පුද්ගලයා කියන වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා බව කී ජනාධිපතිවරයා එම වාර්තා දෙකම විමර්ශන වාර්තා නොවේ යැයිද මේ වන විටත් ඒවා අදාළ ආයතන වලට යොමු කර ඇතැයි ද පැවසීය.

" රනිල් වික්‍රමසිංහ චැනල් ෆෝ නාලිකාවේ ගිය වීඩියෝ පටය පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා කමිටුවක් පත් කළා.එය කිසිසේත්ම විමර්ශන කමිටුවක් නොවේ.එය විසින් වාර්තාවක් දී තිබෙනවා.

දෙවැන්න පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශ වලින් යම් වැරැද්දක් සිදුවීදැයි විමර්ශනය කිරීම සඳහා තවත් කමිටුවක් පත්කර තිබෙනවා.එයත් විමර්ශන කමිටුවක් නොවේ.ඒ රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද කමිටු.ඒ කමිටු දෙක විසින් වාර්තාවක් ලබා දී තිබෙනවා.ඒ වාර්තා ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයටයි.ඒ වාර්තා වලට සිදුවූයේ කුමක්දැයි මා හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් විමසුවා.එම එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව ඔහු මට කිව්වා.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබෙන බවත් ඔහු දැනුම් දුන්නා.

තව වාර්තාවක් නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.ඊට අමතරව අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාටත් එක වාර්තාවක් යොමු කර තිබෙන බව දැනුම් දුන්නා.

ඒ වාර්තා කිසිවක් රහස් වාර්තා නොවේ.ඒවා දැනටමත් අදාළ ආයතන වලට යොමු කර තිබෙන බව කිව යුතුයි. හැබැයි රනිල් වික්‍රමසිංහ සමහර කමිටු හැදුවේත් ඔහුගේ වුවමනාව තිබුණේත් මේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමු කිරීම නොවේ.යටපත් කිරීමයි.

ජාතික ජනබලවේගයේ අපි පෙරලන බාල්දි වලට යටවන්නේ නැහැ. බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නෙත් නැහැ යැයිද ජනාධිපතිවරයා පැවසීය. ජාතික ජන බලවේගයේ කටුනායක ජන රැලියට සහභාගී වෙමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (12)

කෝමා වී සිටි අය පාස්කු වාර්තා ඉල්ලන්නේ පරීක්ෂණ වෙනතක හරවන්න

Ashwin Perera Monday, 21 October 2024 01:20 PM

අනුර, තමන්ගේ පක්ශෙට අන්තිම මාසේ කඩේ ගියපු දෙන්නෙක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම පක්ෂය වෙනුවෙන් වැඩ කරපු මිනිස්සුන්ව පාවා දෙන්න එපා...!

:       44       233

අරවින්ද මොනරවිල Monday, 21 October 2024 02:35 PM

ඔයා දුක් වෙන්න එපා අශ්වින් ඒ ගැන, මොකද මුළු ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් වැඩ කළා විතරක් නොවෙයි ලේ, දහඩිය, කදුළු හෙළුව සමාජිකයින්ගේ ආශිර්වාදය ඇතිව තමයි ඒවා කරන්නේ...!

:       130       23

නලින් Monday, 21 October 2024 01:23 PM

පාස්කු අපරාධකරුවන් ඇල්ලීම උගන්ඩාවේ සල්ලි ගෙනාව එක වගේ වෙයිද...?

:       29       185

ANURA ROME Monday, 21 October 2024 01:30 PM

කෝමා තත්වයෙන් සිටි මිනිස්සු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් සිදුවූ විශාල වරදක ප්‍රතිඵලය තමයි මේ... ලබන මස පැවැත්වෙන ඡන්දයෙන්වත් මෙය නිවැරැදි කළ යුතුයි...

:       52       151

Wanasinha Monday, 21 October 2024 02:23 PM

කට උල් කරලා කියන්න පින්වතුනි...!

:       14       86

පුරවැසියා Monday, 21 October 2024 02:26 PM

ඡන්දෙට කලින් හිටිය කොමෙන්ට් බලකාය ආයෙමත් වැඩ වගේ. කලබල වෙලා...!

:       65       51

සෙනෙවිරත්න Monday, 21 October 2024 02:28 PM

අනුරට උපදෙස් දෙන්න කලින් මොකද තම තමන්ගේ පක්ෂ වල ප්‍රශ්නය විසඳගන්නෙ නැත්තෙ? ජාතික ජනබලවේගය ගෙනියන වැඩපිළිවෙළ අනුව සමහර උන්ට සදහටම බලයට ඒමට තබා නිදහසේ ඉන්නවත් බැරි වෙනෙවා. ඒක දන්න උන්ගෙන් යැපිච්ච කුලී ලියන්නන් මඩ ලියනවා.

:       119       31

සෙනෙවිරත්න Monday, 21 October 2024 02:30 PM

හොරු අල්ලන එක ප්‍රමාද නම් හොරුන්ට බාර වෙන්න කියන්න. වැඩේ කරන කම් ඉවසිල්ලක් නැත්තේ හොරුන්ට ඡන්දෙ දීපු අය තමයි...

:       85       25

අරවින්ද මොනරවිල Monday, 21 October 2024 02:41 PM

ගම්මංපිලට විතරක් නොවෙයි, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය සහ ඔවුන්ගේ සහචරයින් සියල්ලෝම කාලයක් තිස්සේ බලය නිසා කෝමා තත්වයට පත්වෙලා හිටියේ. තවම පියවි සිහිය හරියට ලැබිලා නැහැ. වැලිකඩ රෝහලෙන් ඉක්මණින් ප්‍රතිකාර ගන්න වාසනාවා ලැබේවා..!

:       80       30

ඉන්දික Monday, 21 October 2024 03:01 PM

අනුර රඟපාන්න හොඳට දන්නවා. හැමදාම ඔය රගපෑම් කරන්න බැහැ මහත්තයෝ. සත්‍ය දවසක එළිවෙනවා.

:       28       117

saman Monday, 21 October 2024 03:34 PM

ඔහොම යන් ජනාධිපති තුමෝ.

:       17       32

ජගත් ලියනගේ Monday, 21 October 2024 04:40 PM

ගම්බන්පිල එක පාරටම නින්දෙන් ඇහැරිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 36 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 665 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3437 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 909 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1306 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1079 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site