(යොහාන් භාසුර)
කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කළේය.
එම දඩුවමට අමතරව ඔහුට ඩොලර් 5000 ක දඩයක් නියම කර තිබේ.
අත්හිටුවූ තහනමක් හේතුවෙන් භානුකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති අතර ඔහු මේ වන විටත් ‘ජෛව ආරක්ෂිත බුබුලක’ කටයුතු කරයි.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට දඩ හා තහනමක්
Praba Monday, 05 July 2021 05:06 PM
බීල අහිංසක ජීවිත බිලිගත්තාට කම් නැත. බීලා කාන්තාවන්ට පාට් දමා ගුටි කෑවට කමක් නැත. අපි සමාව දෙමු. ඒත් අපේ නිරුවත හෙලි කරන්න එපා. අපි දැඩි දඬුවම් දෙනවා. වඩාත් කාලකන්නි ලාංකික දේශපාලනයද? ශ්‍රී ලංකා ක්‍රිකට්ද? භානුක... ඔබේ නිර්භීතකමට අපි ගරුකරමු.
සේනක~ඉතාලියMonday, 05 July 2021 05:44 PM
අනිත් එවුන් මාධ්‍ය සාකච්ඡා තියලා පාලක මණ්ඩලයේ ඉන්න හොරු ආරක්ෂා කරගෙන කතාකරන නිසා ඔවුන් ඇතුලේ. මේ වගේ නිර්භීතව හොරුන්ගේ රෙදි ගලවන දක්ෂ ක්‍රිඩකයින්ගෙන් පලි ගන්නවා. දේශපාලකයිනි, දැන්වත් කරන්න පුළුවන් මිනිහෙකුට දීලා මකබෑවිලා පලයව් යන්න. දෙයියන්ගේ නාමයෙන් කියන්නේ...!!!
Raveendra Monday, 05 July 2021 08:34 PM
නුඹලා ක්‍රීඩකයන් නම් ක්‍රීඩා කරපල්ලා, තරග පැරදුණාට කිසි ගැටලුවක් නැහැ. ඕන වැඩක්, ඕන රිය අනතුරක් කරගනිල්ලා, බීලා ගුටි ඇනගනිල්ලා... හැබැයි අපේ වැරදි කිව්වොත් නුඹලාව එළියට දානවා. තේරුණා නේද? මෙම අදහස් ක්‍රිකට් පාලන අධිකාරියේ සටකපට නරින්ට මෙන්ම සිටිනා හිවලුන්ට එලෙසම කියවීමට හැකි වේවා..!!!
Heshan Tuesday, 06 July 2021 03:08 AM
දක්ෂ ක්‍රීඩකයෙක්... අවස්ථාවක් දෙන්නේ නැහැ වගේ.... පසු තැවෙන්න එපා... ඉදිරියට යමු...
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 July 2021 08:03 AM
රටේ දේශපාලන ඇත්තන් නිතරම වෙහෙසෙන්නේ මේ රටේ ප්රජාතන්ත්රවාදය මහා ඉහළින් තිබෙන බව පෙන්වීමට බව පෙනේ. ඒත් මේ රටේ පවතින සැබෑ ප්රජාතන්ත්රවාදයක් නැත්තේමය. එය ඇත්නම් ඇත්තේ, නාමිකව පමණක් යැයි සිතේ. ප්රජාතන්ත්රවාදී රටක නම් ඕනෑම දෙයක් නිර්භයව විවේචනය කළ හැකියි. මේ දඬුවම්කර ඇත්තේ, ක්‍රිකට් ආයතනය විවේචනය කිරීම නිසා නම් එම ආයතනය කොට ඇත්තේ නීතිවිරෝධී දෙයකි. නීතියට අනුව දඬුවම් නියම කිරීමට හැකිවනුයේ, ආයතනය හෙලාදැකීම කළහොත් පමණි. ගිවිසුමේ කුමක් අැතිදැයි අපි නොදනිමු. ඒ කෙසේ වෙතත්, විවේචනය කළාට නම්, දඬුවම් දීමට නොහැකිය. ක්‍රිකට් ආයතනය විවේචනය හා හෙළාදැකීම යන වචන දෙක පටලවා ගෙන අත්තේදැයි අපි නොදනිමු.