
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ සහ උචිත වික‍්‍රමසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බවත් ක‍්‍රිකට් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක‍්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් නිතිපතිවරයා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට උපදෙස් දී තිබුනි.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්
sampath Friday, 02 April 2021 03:52 PM
ලංකාවේ ක්‍රීඩාවක් කියන්නේ ක්‍රිකට් විතරක්ද? මේක ආදායම් උපයන්න හොඳ ක්‍රීඩාවක්... නමුත් ග්‍රාමීය මට්ටමේ වොලිබෝල්, පාපන්දු, දැල්පන්දු, පාපැදි, දුරදිවීම පිටිය ඉසව් වගේ ඒවා දියුණු කරන්න ඔලිම්පික් ඉලක්ක කරගෙන.
KAPILA Friday, 02 April 2021 04:18 PM
මම යෝජනා කරන අතුරු කමිටුව.., අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, මුරලිදරන්...
Roshan Friday, 02 April 2021 04:23 PM
අනේ මන්දා... වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද..? හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ තමයි..
විපරමා Saturday, 03 April 2021 10:57 AM
පෙරකදෝරුවාගේ මොලේ තමයි මොලේ. පවුලේ කවුරුවත් හිටියේ නැතිව ඇති කොමිටියට දාන්න.
de silva Saturday, 03 April 2021 02:02 PM
ඔය වැඩේ හමුදාවට හෝ නිශාන්ත වික්‍රමසිංහ, උදයංග වීරතුංග සහ සහ පී.බී. ජයසුන්දර වැනි මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවකට භාරදුන්නේ නැත්තේ මොකද?
Upul Saturday, 03 April 2021 03:26 PM
කොහොම උනත් දොස්තර මහත්මයා නම් හොඳයි..දොස්තර මහත්මයාගෙ බාප්ප වගේ වැඩකලොත් තමයි අවුල....බාප්ප කවුද කියල දන්න අය නම් දන්නවා ඇතිනෙ.