(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (22) කරුණු වාර්තා කළේය.
එසේම, මෙයට සමගාමීව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දුරකතනය ඔස්සේ කරන ලදැයි කියන තර්ජනයක් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අංක 10, සිරිසගබෝ පෙදෙස, බැදිවැව, පොළොන්නරුව ලිපිනැති ක්‍රීඩා අමාත්‍ය රණසිංහ ආරච්චිගේ රෝෂාන් රණසිංහ මහතා විසිනි.
ඒ අනුව, ඉකුත් 11 වැනිදා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවට අදාළව සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට ලබා මාධ්‍ය ආයතන කිහිපයකින් ලබාගනිමින් මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එසේම, ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශකවරයා කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවිම සදහා අදාළ දුරකතන සමාගම්වලින් වාර්තා කැදවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්‍රිකට් සභාපති ඇමැතිට කළ තර්ජනයක් ගැන විමර්ශනයක්
Bamunuarachchi Wednesday, 22 November 2023 11:40 PM
ඇමතිතුමා ප්‍රශ්නය නාඳුනන කෙනෙකුට බාර දෙන්න...
Bamunuarachchi Wednesday, 22 November 2023 11:41 PM
ඇමැතිතුමා මටත් එයාව පෙන්නන්න බැහැ...
ජනත් කුමාර උඩුවිදාන Thursday, 23 November 2023 10:24 AM
ශම්මි කියන ගනන් කාරයා මට්ටු කල යුතුය ජාතිය පාවාදුන්නු ..............
Aravinda Monarawila Thursday, 23 November 2023 11:05 AM
සුදත් චන්ඩ්‍රසේකර, සාගල රත්නායක වගෙ අය මෙ ප්‍රශ්නයට අතදාලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ උවමනාවට බව ඉතා පැහැදිලි කරුනක්, එහෙම තියෙද්දි රනිල් පර්ලිමෙන්තුවට ඇවිල්ල පොඩි බබාවගෙ කතා කරන්නෙ කාව රවටන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මෙ ප්‍රස්ස්නය මෙතරම් දුරදිග යන්න හේතුවත් මෙ කල්ලියෙ සහාය ශම්මිට තියෙන එකයි.