IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ක්‍රිකට් සල්ලි ’’පොකට්’’ ගැහීම වලක්වන්න මන්ත්‍රී සංසදයක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව ඉදිරි කාලයේදී පුළුල්ව හඬ නැගීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  විද්වතුන්ගෙන් සමන්විත වෙනම සංසදයක් පිහිටුවීමට සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන  දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන විමර්ශන ආයතනවලටත්  ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය  ඇතුළු සංවිධාන රැසකටත් එකවර පැමිණිලි  100 ක්  යොමු කිරීමටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

එම පැමිණිලි කිරීම් ඉදිරි දිනවල   කෙරෙනු  ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා වලට එරෙහිව ප්‍රබල  හඬක් නැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් කඩිනමින් පිහිටුවා ගැනීම ඉතාම  වැදගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු රැස් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විසින්    වෙනම කණ්ඩායමක් දැනටමත් පත් කරනු ලැබ ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතුරු පාලක කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය දුන් තීරණයට එරෙහිව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද හෙටම ඇපෑලක් යොමු කිරීමට නියමිත බව  ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (9)

ක්‍රිකට් සල්ලි ’’පොකට්’’ ගැහීම වලක්වන්න මන්ත්‍රී සංසදයක්

රෑටවැසියෙක් Saturday, 11 November 2023 09:27 AM

ක්‍රිකට්වල හොර අල්ලන්න තියෙන උවමනාව' උනන්දුව වගේම දේශපාලකයෝ කරන වංචා, දූෂණ, අල්ලස්, කප්පම් ගැනීම් වගේ දේවල් වලටත් තියෙනවා නම් කොච්චර හොඳද?

:       1       21

Anila Saturday, 11 November 2023 09:44 AM

මොන විහිළුද මේ? හැමදාම එක එක්කෙනා නැගිට නැගිට දූෂණ එළිකරනවා... හැබැයි කවදාවත් නඩු නැහැ.. නඩු දැම්මත් ඒවා අහන්නෙත් නැහැ. මේගොල්ලෝ ඔක්කොම ලොකු බොරුවක් කරන්නේ...

:       0       13

රවින්ද්‍ර Saturday, 11 November 2023 10:05 AM

එම කඩිනම් කමිටුවේ සාමාජිකයන් ලෙස, ගරු කප්පම් ප්‍රසන්න ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තුමා සහ හිටපු කෘෂිකර්ම ඇමැතිවරුන් වන, නාවලපිටියේ මයින්දානන්ද, ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන්ගේ නම් පුරවැස්සන් වන අපි යෝජනා කරන්න කැමැත්තෙමු.

:       2       5

ravin Saturday, 11 November 2023 10:19 AM

මන්ත්‍රීවරු? පොදු ජන පිළිගැනීම නම් වංචාවේ, දූෂණයේ, හොරකමේ කෑගහපු කට්ටිය නේද? අපට කියන්න තියෙන්නේ වැටත්, නියරත්, ගොයමත් කා නම් කාට කියම්දෝ මේ ආරවුල කියලා විතරයි. කාටහරි කියන්න පුළුවන්ද? අල්ලස් හා දූෂණ කොමිසම පිහිටෙව්ව දා ඉඳලා පැමිණිලි ගණන ගොනුකරලා නඩු ගණන හා ප්‍රතිඵල...?

:       0       3

C.K.Lankaputhra Saturday, 11 November 2023 11:05 AM

එතකොට සංසදය හා ක්‍රිකට් පාලක මණ්ඩලය එකට එක්ව කරන හොර, වංචා, මගඩි හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරනවා කියලත් කියන්න...!

:       0       3

Perera Saturday, 11 November 2023 01:16 PM

නරින්ට කුකුල් කොටුව බාරදෙන්න වගේ හදන්නේ...!

:       0       5

HELAYA Saturday, 11 November 2023 01:26 PM

ක්‍රිකට් ආයතනයට මුදල් ලැබෙන්නේ ICC එකෙන්. ලොක්කෝ පාලනය කරලා තියෙන්නේ. තමන්ගේ බූදලය වගේ පක්ෂ භේද අමතක කරලා සියලු දෙනා... එක්විය යුතුයි. ජනතාවගේ බදුමුදලින් බාල බෙහෙත් ගෙනැල්ලා කොමිස් ගහලා තියෙද්දිත් මේ වගේ හඬක් නැගුවද?

:       0       3

Bamunuarachchi Saturday, 11 November 2023 05:02 PM

ඒකත් හරියට කැවුම සමසේ බෙදාදෙන්න ආව වඳුරා ගේ කතාව වගේ හිටීවී. අන්තිමට හොරකාලා තිබෙන්නේ කොමිසමෙන් පත්කරපු කෙනා. ඔය හදන්නේ ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වලට දේශපාලකයෝ කෙලින වැඩක්...

:       0       2

Mahasen Saturday, 11 November 2023 10:01 PM

රටම පොකට් ගහපු කට්ටිය සෙට් වෙලා පොකට් කාරයො අල්ලන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 717 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 150 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 863 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 359 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 922 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1994 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39629 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25779 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1209 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site