(අංජුල මහික වීරරත්න)
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරූ ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැන්විණි.
කරු ජයසූරිය මහතා වෙත පදක්කම් පළඳවා සම්මානය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
එහිදී “කරු ජයසූරිය අභිමානනීය ජීවිත ගමනේ ප්‍රභාෂ්වර ප්‍රත්‍යාවලෝකනය” නම් සමරු ග්‍රන්ථය කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
75 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කරූට ලංකාවේ ඉහලම සම්මානය
රකින Friday, 03 February 2023 04:06 PM
මට නම් රටට සේවයක් කලා කියලා පේන්නේ මහින්ද මහත්තයා විතරයි. බයින් හැකිලුණු සමාජයක් එයින් මුදවා ගෙන කවදාවත් ලංකාව තුල නොතිබුණු මහාමාර්ග, විදුලිය, ජලය ඇතුලු යටිතල පහසුකම් දීලා රටට විශාල සේවයක් කරපු මහින්ද මහත්තයාට මේක නොදි වෙන කෙනෙකුට දීම කවදාවත් අනුමත කරන්න බැහැ. අපි දරුවොත් එක්ක බය නැතුව පාරේ බැහැලා යනකොට පින් දෙන්න ධනැ එතුමාට. දේශපාලනයෙන් අන්ධ වුණු වහල්ලු එතුමාට වෛර කලාට මයිනා කිවිවාට කිසිම දිනක එතුමාගෙන් පුද්ගලික දෙයක් ලබා නොගත්තු මා හදවතින්ම මෙම සම්මානය එතුමාට දෙනවා. එතුමාට මෙවැනි සම්මානයක් ජීවිත කාලය තුලදි නොලැබීම පිලිබදව තියෙන්නේ කණගාටුවක්.
PereraFriday, 03 February 2023 08:47 PM
ඔව් ඔව් මහින්දට සම්මානයක් දෙන්න වටිනවා මුළු රටම සුද්ද කරාට... මහින්දයි මහින්දගේ පවුලේ කට්ටියයි තමයි මේ රටට හොඳටම කළේ... මහින්දට ජයවේවා කියන්න...
සදුනිSaturday, 04 February 2023 07:33 AM
තමුන් ෙබෝම්බයකට අහුනොවී ජිවත්වෙන්නේ මහින්ද නිසා ෙවන්න පුලුවන්. ඉස්සෙල්ලා කෙලෙහිගුණ සලකන හැටි ඉෙගන ගන්න. ඒවා එන්නේ පවුලින්. පවුල් පරිසරිය ගැන කොමෙන්ට් එකෙන් පේනවා. මහින්දට බහුතර ආශිර්වාදය තිෙයනවා තමුන් වගේ බොරු කියන වහලුන්ගේ නැති වුණාට.
AriyathilakaSaturday, 04 February 2023 08:22 AM
මේ රට පිළිබඳව හරි අවබෝධයක් නැතිව, ජනාධිපති ධූර, අගමැති ධූර , ඇමති ධූර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා නොවෙයි අඩු තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයකටවත් පත් නො විය යුතුයි. බුදු රදුන්ට පූජා කිරීමෙන්, බුදු රදුන්ට පූජා වී ඇති මේ රට, බුදු රදුන්ගේ අභිප්‍රායට අනුව පාලනය කළ යුතු ය. මේ රටේ අයිතිය බුදු රදුන් සන්තකයි. රාජ්‍ය පාලකයා යනු බුදු රදුන් උදෙසා මේ රට පාලනය කරන කළමණාකාර අධ්යක්ෂ ධූරය දරණ පුද්ගලයා පමණ යි. ඊට වඩා යමක් නැත. සරළව කියතොත් වත්ත බලා ගන්නා මැනේජර් වත්තේ අයිතිකරුගේ අභිප්‍රායට වත්ත පාලනය කළ යුතු ය. වත්ත පිළිබඳ පූර්ණ බලතල මැනේජර්ට නැත. ඔහු පඩි ලබන සේවකයෙක් පමණයි. මෙය තේරුම් නොගත් මූඪ දේශපාලකයා අනාථ භාවයට පත් වීම නියතයි. දැනට සිදු වී ඇත්තේ ද එය යි මේ රට අතිශයින් ම භයානක රටක්. ඒ වගේම අතිශයින් ම හොද රටක්; භයානකකම හා හොඳකම එක විට යෙදෙන්නේ කෙසේද? මේ දෙක ම එක් කරුණක් මත පිහිටා ඇත. ඒ තමයි මේ රට බුදු රදුන්ට පූජා වී තිබීම ය. හරියට කළොත් බුදුරදුන්ගේ අභිප්‍රායයට එකඟ යි. වැරදියට පිළිපැදීම බුදු රදුන්ගේ අභිප්‍රායට පිටින් යෑම ය. ආර්ය උපවාද කර්මය රැස්කර ගෙන මෙලොව පර්ලොව දෙකම විනාශ කර ගැනීමට හේතු ය. මේ රට පාලනය හරිම භයානකයි. මෙය නොතේරුම් කමින් සියලු දෙනා විනාශ වෙනවා. අතීතයේ 1948 න් පසුව සිටි පාලකයින් හා දේශපාලන පක්ෂ හසුරවන ලද පිරිස් සියලු දනා ම පිළිබඳව හොදින් අධ්‍යනය කර බැලීම වැදගත්. නො සොයා නො බලා මෙය තේරුම් නො ගෙන, ඒ අයට උපකාර කළ පොදු මහ ජනතාව ද අද ගෙවන්නේ ඒ අකුසල කර්මය යි. ආර්ය උපවාද කර්මය යි. අනුන් කරන වැරදිවලට උදව් කිරීම, අනුමෝදන් වීම, ඒ වැරැද්ද වර්ණනා කිරීම, කරන සියලු දෙනාටම ඒ කර්මය රැස්වෙනවා; එහි විපාකයට ද මුහුණ දිය යුතු ය. යම් මන්ත්‍රී වරයෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටිමින් එක් වරක් ආණ්ඩුවේ අය වැයට පක්ෂව කතා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම , මේ රටේ, බුදුරදුන්ගේ අභිප්‍රායට සතුරුව සිට, මහත් අකුසල් කර ගෙන මෙලොව පරලොව පිරිහීමට මඟ සාදා ගනී. ධීවර අමාත්‍යංශ වැය ශීර්ෂය, සුරාබදු දෙපාර්මේන්තුව සහ ස්කාගාර සංස්ථාව අයත් අමාත්‍යංශ (මුදල් හේතු ය. මේ ර), වැය ශීර්ෂය , ලොතැරැයි මණ්ඩලය අයත් අමාත්‍යංශ(මුදල්) වැය ශීර්ෂය, යන වැය ශීර්ෂ විවාදයේදී එහි කාර්ය කර්තව්‍ය හොදයැ'යි වර්ණනා කිරීම, අනුමත කිරීම, සහ අවසන් වර ඡන්දය දී අය වැය සම්මත කිරීමෙන් ඒ වර්ෂයේ ධීවර කටයුතු, සූරා සහ සූදුව කිරීම, කරවීම, අනුමෝදන් විම, වර්ණනා කිරිම, තුලින් එයට සහභාගී වූ සියලු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරයාට මහත් අකුසල් රැස්වීම සිදු වේ. එපමණක් ද නොව ඒ අය වැය අනුමත කරන වර්ණනා කරන යමෙක් වේද ඔහුට ද මේ අකුසල් කර්මය රැස් වේ. ඒ ලෙස පවතින සියල්ලන්ට ම ඒ ලෙස අකුසල් රැස් වනවා ඇත. මෙ දේ තුලින් වන්නේ රට පාලනය කරන ඇත්තන්ගේ රට යහපත් ලෙස පාලනය කිරීමට හිත දෙන කුසල ශක්තිය හීන වීම, රටේ වැසියා එය කිරීම අනුමෝදන් වීමෙන් ඔවුන්ට ද යහපත් සිතුවිලි හා ක්‍රියා වලින් ඈත් වී පිරිහීම ය. සම්දිටු දෙවියන් ඈත් වීමත් මිසදිටු ගත් මාර පේලි යක්ෂ, භූත, පිසාච, ප්‍රේත අසුර යන අමනුෂ්‍යයින්ගේ අල්ම බැල්ම ,උපකාර ලැබී තවත් ඔවුන්ගේ සිහිය නොමඟට බර කිරීම ය. අවසානයේ ඔවුන් මෙලොවත් පිරිහී පරලොව අපාගත් වෙනවා ඇත. මෙලොවදී බලවත් ලෙස දෙවියන්ගෙන් නින්දා අපහාසයට ද පත් වේ. සම්බුදු රදුන් අඞ්ගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි පාණාතිපාත සුත්‍රයෙහි ප්‍රාණඝාතය පිළිබඳව සතරාකාරය වදාරා ඇත්තේ මෙසේ ය. "චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතුහි? අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතස්ස ච වණ්ණං භාසති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ." "මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්: තෙමේත් පණිවා (ප්‍රාණඝාතය) කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි (ප්‍රාණඝාතයෙහි) සමාදන් කරවයි. පණිවායෙහි ද (ප්‍රාණඝාතයෙහි ද) අනුදන්නේත් වෙයි. පණිවා (ප්‍රාණඝාතය) පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ." යනු එහි තේරුම ය. මිත්‍යාදෘෂ්ටිය පිළිබඳව ද මේ සතරාකාර ලෙස බුදු රදුන් වදාරා ඇත.අඞ්ගුත්තර නිකායේ මේ සතර ආකාර ලෙස, දස අකුසලය පිළිබඳව වදාරන ලද සූත්‍ර දහයක් ඇත. මේ රට බුදු රදුන්ට පූජා වී ඇති බැවින් මෙයට අනතුරු කළ කිසිවෙක් යහපත් ලෙස නො සිටියහ.
Chamara Friday, 03 February 2023 04:11 PM
මොනව කළාටද කියලත් කිව්වනම් තමයි මේ නිවුස් එක වටින්නෙ..
ජගත් ලියනගේ Friday, 03 February 2023 04:47 PM
හිනා ගියා .
Sanjeewa gamage Friday, 03 February 2023 05:43 PM
මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ...?
දාස Friday, 03 February 2023 05:44 PM
ඕක ගන්න තිබුනෙ නෑ ඔය වගේ මිනිහෙක්ගෙ අතින් , ඔබට නිසි ගෞව්රවය ලැබෙන්න තිබුන ඔය වගේ හොරු 134 පත්කල මිනිසෙකුගෙන් ඔය ලබා නොගත්තා නම්
Jagath Friday, 03 February 2023 06:51 PM
මොකක්ද මෙයාගෙන් රටට වෙච්චි සෙතේ සම්මාන දෙන්න තරම්... සම්මානේ දෙන්නෙත් මරු කෙනෙක්.. හොර පාරෙන් ඇවිත් පින් ජනාධිපති වෙච්චි, මහබැංකුව දෙපාරක් සුද්ද කළා. සම්මානය ගන්න කෙනාටත් ලැජ්ජාවක් නැහැ...
Nandalal DE SILVA - FRANCE Saturday, 04 February 2023 03:39 AM
පිදිය යුත්තන් පිදීම බුදුදහමේ පවා උන්වා ඇත. ජනාධිපති තුමා ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. කරු ජයසූරිය මැතිදුන්ට ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරව සම්මානය පිදීම එතුමා වෙනුවෙන් කළ යුතුව තිබුණේ මීට කාලයකට පෙරය. අපේ සුබපැතුම්.