IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ක්‍රීඩා තරගෙට ගිය සිසුවා දැදුරු ඔයට බිලි

( පුෂ්පකුමාර ජයරත්න )

පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වී  ආපසු එමින් සිටියදී නිවසට නොගොස් දැදුරුඔයේ දිය නෑමට ගිය ගෝනිගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි සිසුවකු  දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව රිදීගම පොලිසිය පවසයි.

මරණයට පත්ව සිටින්නේ විදුහලේ 11 වසරෙහි ඉගෙනුම ලබමින් සිටි කවිඳු රශ්මිත් ජයසූරිය නමැති ශිෂ්‍යයෙකි. ගොකරැල්ල පොල්ගොල්ල ප්‍රදේශයේ දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක ඔහු වැඩිමල් දරුවාය.

ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් අතර පැවැත්වෙන මලල ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වීම සඳහා මෙම විදුහලේ සිසු සිසුවියන් කණ්ඩායමක් ගුරුවරුන් පිරිසක්ද සමඟ ගොකරැල්ල ප්‍රදේශයට ගොස් ඇති අතර එම තරඟාවලියට සහභාගි වීමෙන් පසුව සිසුන් පිරිස ගුරුවරුන්ද සමඟ එදිනම ආපසු නිවෙස් කරා පැමිණ ඇත.

එම පිරිස ලොරි රථයකින් නිවෙස් කරා පැමිණ ඇති අතර අතරමඟදී කණ්ඩායම බාර ගුරුවරුන් ලොරියෙන් බැස යාමෙන් පසුව ඉතිරිවූ සිසු සිසුවියන් පමණක් එහි ගමන් කර ඇත.

එසේ ගමන් කරමින් සිටි සිසුන් පිරිසෙන් අනතුරට ලක්වූ සිසුන් තිදෙනා පමණක් කෙලින්ම නිවෙස් වලට නොගොස් අතරමඟදී ලොරියෙන් බැස එම ප්‍රදේශය හරහා ගලා බසින දැදුරුඔයේ ඕගොඩපොළ මහවෙල පාලම අසල දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.

දියට බැස ඇති තිදෙනාගෙන් දෙදෙනෙකු එක් වරම දියේ ගිලී ඇති අතර කෙසේ හෝ එක් සිසුවකු බේරී ගොඩට පැමිණීමට සමත්ව ඇතත් අනෙක් සිසුවා දියේ ගිලී අතුරුදහන්ව ඇත. පසුව ප්‍රදේශවාසින් එක්ව සිසුවාගේ සිරුර ගොඩට ගෙන ගෝනිගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කළද ඒවනවිටත් ඔහු මරණයට පත්ව සිටි බවද කියයි.

 



අදහස් (0)

ක්‍රීඩා තරගෙට ගිය සිසුවා දැදුරු ඔයට බිලි

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 182 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 736 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 212 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1055 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 855 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1197 3

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 591 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site